සය්ටම්

ලංකාවේ ඊනියා අන්ත වාමාංශිකයන් හා ඊනියා ප්‍රගතිශීලීන් නම් වන සංරක්ෂණවාදීන්ගෙනුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් වන පසුගාමී වෘත්තීය ගෝත්‍රික සංවිධානයේ විවිධ මට්ටම්වල සාමාජිකයන්ගෙනුත් බලු බැනුම් අසමින් අපි පසුගිය කාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පෙනීසිටියෙමු. එහිදී අප හඳුන්වනු ලැබුවේ සයිටම් එකට පක්ෂ පිරිස් ලෙසයි. සයිටම් විශ්වවිද්‍යාලය යනු දේශීය ව්‍යවසායකයකු වන නෙවිල්Continue Reading

Imported waste of Sri Lanka

කෙසේ වෙතත්, ප්‍රතිචක්‍රීයකරණය යනු ගෞරවනීය ව්‍යාපාරයක් වන අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර ව්‍යාපාරවල ශ්‍රී ලාංකික සමාගම් නීත්‍යානුකූලව යෙදීම වැරදි ක්‍රියාවක් නොවේ. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන සීමිත ආර්ථික අවස්ථා අතරින් එකකි. රජය එවැනි කටයුතු දිරිගැන්වීම ආර්ථිකය සම්බන්ධයෙන් නරක දෙයක් නොවේ. එහෙත්, එහිදී ජාත්‍යන්තර සම්මුති හා දේශීය නීති රීති අනුව කටයුතු කළ යුතුය. මෙහි ගැටලුව තිබෙන්නේ ඒවා අනුගමනය නොකිරීමයි. මෙම කසළ තොගයෙන් පවා යකඩ හා ස්පොන්ජ් වෙන් කරගෙන ප්‍රති අපනයනය කර තිබේ. එහෙත්, මෙවැනි ව්‍යාපාර සිදුකළ යුත්තේ මනා නියාමනයක් සහිත පසුබිමක ය. ශ්‍රී ලංකාවේ රජයට හා එහි නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලට මනා නියාමනයක් සිදුකිරීමේ ධාරිතා නැති බව මෙම නඩුවෙන් ද පෙනේ. Continue Reading