flowers and shadow - photo by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද මෙම කවිය 2021 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙනි.Continue Reading

International Day of the Girl Child

මාත් ගුරුවරයකු ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තිබෙන බව කියන්නෙ දැඩි පසුතැවිල්ලකින්. ඒ වුණත්, ගුරුවරයකු ලෙස මං ළමයින්ට දඬුවම් කළාට වඩා ඔවුන් සමග ජීවත් වෙලා, සතුටු වෙලා, ආදරය කරලා, ගෞරව කරලා තියෙනවා. මට ඒ නිසා ගුරු ජීවිතය ගැන තියෙන්නෙ සතුටක්. මගේ සිසුන් මගෙන් ඉගෙනගත්තාට වඩා දේවල් මං ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඒ නිසා මට දැන් ගුරු ජීවිතය සොඳුරු මතකයක් විතරයි. මට ඒකෙ ඇරියස් නැහැ. මං අකැමැතිම දෙය තමයි ඉස්සර මගෙන් ඉගෙනගත්ත ළමයි මට වඳින එක. වාසනාවට වැඩිදෙනෙකුට මාව මතක නැහැ. ළමයින්ට මතක හිටින ගුරුවරයකු වෙන්න විශේෂයෙන් උත්සාහ කරන්න ඕනැ නැහැ. ඔබ ඔබ වෙන්න. ඉතිහාසය නිර්මාණය කරන්නේ ඉතිහාසය විසින්.Continue Reading

Jayalal Rohana

ජයලාල් රෝහණ යනු දොරමඬලාව වැනි විකාරයන් හා බාල සිනාව පසුපස යාම නිසා හරවත් දෙයක් කරගන්නට කාලය නොලැබුණු දක්ෂයෙකි. එවන් දක්ෂයන්ට ජීවත්ව සිටියදීම ශාස්ත්‍රීයව මියයන්නට ඉඩහරින සමාජය කුහකය. මිනිසකු මියගිය පසු එම මිනිසාගේ ආලෝකයෙන් තමන්ගේ ප්‍රතිරූපය එළිය කරගන්නට ව්‍යාජ අනුස්මරණ කරන මිනිසුන් දැක ඇස ගිනිකණ වට්ටා නොගන්න. සීමිත කාලය තුළ ඔබට කළ හැකි උපරිමය කරන්න. Continue Reading

Vasudewa Nanayakkara

ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි. Continue Reading

looking back

අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන යන තැනනුඹ ඇවිදින් මුල්ලක සිටබලාඉඳියි මට තනි නැහැඇයි නුඹ මේ?මා හැර ඇයි යන්න බැරිද? අතීතයේලිපිගොනුවලඅනාගතේ වළා අතර ඔබ මොනවදඔය ලියන්නෙ?ඒ අකුරුදහද ගැහෙන්නෙ? හැමතැනකමඔබ සිටියානොදුටු විලසමා සිටියා ඔබ නොසැලීඑහි සිටියාමාත් මෙහෙමමෙහි සිටියා මට මතකයිවිටකදිContinue Reading