Olympic cardboard beds

ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් විසින් ක්‍රීඩයන්ට කාඩ්බෝඩ් ඇඳන් ලබාදී තිබෙන්නේ ඔවුන් ලිංගික ක්‍රියාවල යෙදීම වැළැක්වීමට යයි ලොව පුරා පැතිර යන කටකතාව ව්‍යාජ පුවතකි.

මෙම ඇඳකට කිලෝ 441ක බරක් දරාගත හැකි බව ඔලිම්පික් නිලධාරීන් පවසන අතර අයිරිෂ් ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයකු විසින් එවැනි ඇඳක් මත උඩ පනින වීඩියෝවක් ද ට්විටර් මගින් මුදාහරින ලදී.

එයිවීව් නම් ජපන් සමාගමක් විසින් මෙම කාඩ්බෝඩ් ඇඳන් හා පොලිඑතිලීන් මෙට්ට 18,000 සපයා තිබේ. ඔලිම්පික් අවසන් වීමෙන් පසු ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීයකරණය කිරීමට නියමිතය.

ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩකයන් අතර කොන්ඩම් 150,000ක් බෙදාදීම සම්බන්ධයෙන් පැතිරෙන කටකතාව ද මෙවැනිම එකකි. එය ඔවුන්ට ලබාදෙන්නේ එහිදී පාවිච්චි කිරීමට නොව, සියරට යන විට රැගෙන යාමටයි. කොන්ඩම් භාවිතය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

මූලාශ්‍ර USA Today

Creative Content Consultants

1 thought on “ඔලිම්පික් කාඩ්බෝඩ් ඇඳන් සෙක්ස් වළක්වන්නැයි කියන කතාව බොරුවක් (වීඩියෝ සහිතයි)

  1. Boho denek condom pelandiemata akemathi wanne , kole pitin topi kannawaa weniyai kiyanneth prabandhayak da ?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: