වලව් පාදඩකරණය හා ලුම්පන් රත්වත්තෙලා

අජිත් පැරකුම් ජයසිංහ
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධුර දැරූ හෝ දරණ ලොහාන් රත්වත්ත බීමතින් වැලිකඩ බන්ධනාගාරයට මෝටර් රියක හා අනුරාධපුර බන්ධනාගාරයට හෙලිකොප්ටරයකින් ගොස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තිබෙන සිරකරුවන්ට තර්ජනය කර තිබේ. සිරකරුවන්ගේ හිසට රිවෝල්වරයක් තබා ඝාතනය කරන බවට තර්ජනය කළ බවට ද චෝදනා එල්ලවේ.
මෙහි වැරදි ගණනාවක් තිබේ. බන්ධනාගාර සම්බන්ධ ඇමතිවරයකු වූ පළියට බීමත්ව විනෝදය ලබාගැනීම සඳහා බන්ධනාගාරවලට කඩාවදින්නට හෝ සිරකරුවන් බයිට් එකට ගැනීමට හෝ ඔහුට අයිතියක් නැත. එහිදී ඕනෑම පුද්ගලයකු බන්ධනාගාර සම්බන්ධ ප්‍රොටොකෝලවලට අනුව කටයුතු කළ යුතුය.
ඇඳිරි නීති පැවති දිනයක මෙම පුද්ගලයන් මත්පැන් ලබාගත්තේ කෙසේද, ඔවුන් කල්ලි ගැසී මත්පැන් පානය කළේ කොහේද, හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් ගියේ නිසි අවසරය සහිතවද වැනි ප්‍රශ්න රැසක් මතුවේ.
කෙසේ වෙතත්, ලොහාන් රත්වත්ත මේ වන විට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යා ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී නැත.
ඉල්ලා අස්වීම මගින් රත්වත්තේ මහතා තම චර්යාව සම්බන්ධ වගකීම භාරගෙන තිබෙන බවත්, එමගින්, කිසිදු රජයේ තනතුරක් දැරීම සඳහා ඔහු සතු සදාචාරාත්මක අයිතිය අහිමි වී තිබෙන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි. ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකළ බවට චෝදනා එල්ල වන බරපතල සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙතින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටියි.
53හැවිරිදි ලොහාන් එවින්ද්‍ර රත්වත්තේ යනු හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයකු වූ, නැසීගිය අනුරුද්ධ රත්වත්තේගේ පුතාය. අනුරුද්ධ රත්වත්තේගේ පියා වූ හැරිස් ලෙව්කේ රත්වත්තේ 1936 සිට 47 දක්වා කෑගල්ල ආසනය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. ඔහු 1947 සිට 52 දක්වා මාවනැල්ල ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාය. පසුව ඔහු සෙනෙට් සභාව ද නියෝජනය කළ අතර ඉන් පසු දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුරට තේරී පත්විය.
ස්වේච්ඡා හමුදා නිලධාරියකු වූ අනුරුද්ධ රත්වත්ත 1994 සිට 2000 දක්වා සමයේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කරමින් දේශපාලන බලය පාවිච්චි කර තමන්ටම යුද සම්මාන ලබාගනිමින් ජනරාල් තනතුරකට පත්කරවා ගත්තේය. ඔහු නියෝජ්‍ය ආරක්ෂක ඇමති ධුරය දැරූ සමය කොටි සංවිධානය යුදමය වශයෙන් සාර්ථකත්වයට පත්වූ අවධිය විය. ශ්‍රී ලංකා හමුදාව මෙම සමයේදී මුලතිව් පරාජය, කිලිනොච්චි පරාජය, අලිමංකඩ පරාජය වැනි ලාංකික හා ලෝක යුද ඉතිහාසයේ රාජ්‍ය හමුදා ගරිල්ලා සංවිධානයක් ඉදිරියේ ලද දැවැන්තම පරාජයන්ට ලක්විය. අනුරුද්ධ රත්වත්තේ විවිධ දූෂණ චෝදනාවලට ද ලක්වූ අයෙකි. ඔහුගේ ප්‍රධානියා වූ, පවුලේ සමීප ඥාතියකු වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද වංචා, දූෂණ, අක්‍රමිකතා, මැරවරකම්, ඝාතන ආදිය සම්බන්ධයෙන් වගකිවයුතු පාලනයකට නායකත්වය දුන් ලුම්පන් චරිතයකි.
ලුම්පන් යනු මාක්ස්වාදී අරුතින් ගත් කල තමන් අයිති විය යුතු පන්තියෙන් ආර්ථික හා සමාජමය වශයෙන් ගැලවී ගිය බලවේග වේ. සිංහලෙන් මෙය පාදඩකරණය ලෙස හැඳින්විය හැකිය. ලංකාවේ බොහොමයක් පාරම්පරික වලව්කාර පවුල් දේශපාලනයට යොමුවීමෙන් පසු සිය පැරණි දේපල හිමි පන්තිමය උරුමය වෙනුවට ආර්ථිකමය හා සමාජමය වශයෙන් සොරකම, වංචාව, දූෂණය, මැරවරකම හා ඝාතනය මත පදනම් වන කල්ලි බවට පත්වූ බව නිරීක්ෂණය කළ හැකිය. මෙම වලව්කාර පවුල්වල ප්‍රභවය ද එසේම වූ බවට ද කෙනෙකුට තර්ක කළ හැකිය.
යටත් විජිත සමයේ ප්‍රභූ පවුලක් ලෙස සැලකුණු ලොහාන් රත්වත්තේගේ සීයාගේ පවුල ඔහුගේ පියා වූ අනුරුද්ධ රත්වත්තේගේ කාලයේ සිට විවෘතවම පාදඩකරණයට ලක්විය.
ලොහාන් රත්වත්තේ මිනීමැරුම්, දූෂණ, සල්ලාලකම්, මැරවරකම් ආදිය සමග නම ගෑවුණු පුද්ගලයෙකි. සිය පියාගේ ඇමති හයිය ගෙන හැසිරුණු ඔහු 1997දී එවකට හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ පැපුවා නිව්ගිනි ජාතික ජොඑල් පේරා සමග සමාජ ශාලාවකදී ගැටුමක් ඇතිකර ගත්තේය. පසුදින උදෑසන පේරාගේ මළසිරුර හමුවූ අතර ලොහාන් රත්වත්තෙට චෝදනා එල්ල වුව ද ඔහු නිදහස් විය. 1999දී පිස්තෝලයක් ලෙලවමින් ඇම්බැක්ක දේවාලයේ බස්නායක නිලමේට මරණීය තර්ජන කළ බවට ඔහුට විරුද්ධව පැමිණිල්ලක් තිබේ.
මීට අවුරුදු 20කට පමණ ඉහත සමයේ හිටපු ශ්‍රී ලාංකික රූප රාජිනියක හා සිහින ඉසව්ව ටෙලි නාට්‍යයයේ දිය කිඳුරියකගේ චරිතය රඟපෑමෙන් ප්‍රසිද්ධ වූ මිෂෙල් රේමර්ස්ගේ සිරුරට ගිනි ඇවිලීම සම්බන්ධයෙන් තරුණ දේශපාලක රත්වත්තේ නමක් කියැවුණුමුත්, එම සිද්ධිය හදිසි අනතුරක් බව ඇය දැඩිව අවධාරණය කළාය.
2001 වසරේ දෙසැම්බර් මස 05 වැනි දින මහ මැතිවරණ දිනයේදී මහනුවර උඩතලවින්න ප‍්‍රදේශයේ දී මුස්ලිම් තරුණයන් දස දෙනකු මරාදැමීම පිළිබඳ චෝදනාවලට ද අනුරුද්ධ රත්වත්තේ මහතා, ලොහාන් රත්වත්තේ සහ චානුක රත්වත්තේ ලක්වූ අතර පසුව අධිකරණය විසින් නිදහස් කරන ලදී. ඒ සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්ව සිටි වරදකරුවන් වූ හිටපු හමුදා නිලධාරීන් පිරිසක් 2009දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී. ඝාතනයට ලක්වුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ගේ ආධාරකරුවන් පිරිසකි.
නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේගේ සොයුරු චානුක රත්වත්තේට එරෙහිව නඩුවක් තිබේ.
වර්තමානයේදී පාදඩකරණය වී තිබෙන රත්වත්තේ පවුල ත්‍රිත්ව විද්‍යාලය, රගර් ක්‍රීඩාව වැනි දේ සමග අඛණ්ඩව සම්බන්ධතා සහිත පවුලකි.
හැරිස් රත්වත්තගේ මී මුණුබුරකු වූ, රගර් ක්‍රීඩකයකු වූ අශාන් තරින්ද රත්වත්ත 2020 ජුනි මස බීමතින් අධිවේගයෙන් රිය පදවා තුන්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය අසලදී රිය අනතුරක් සිදුකර රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ දක්ෂ පොලිස් නිලධාරියෙකු වන සිතුම් දුලීක හේමාල් (22) මරාදැමීය.
ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය තුළ පාදඩකරණය වූ මෙම පැරණි ප්‍රභූ පවුල්වලට තවමත් විශාල බලයක් තිබේ. බලවත්ම දේශපාලන පවුල වන රාජපක්ෂ පවුල ද මෙවැනි පවුලක් ලෙස සැලකිය හැකිය. එහෙත්, ඔවුන්ට රත්වත්තෙලාට තරම් ප්‍රබල ප්‍රභූ ඉතිහාසයක් නැත. කෙසේ වෙතත්, මෙම බලවේගය ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ ක්‍රමය නිර්මාණය කිරීමට හා පවත්වාගෙන යාමට දක්වන දායකත්වය ප්‍රබල එකකි. මෙම පිරිස සිය සිංහල, බෞද්ධ, රදළ, උඩරට, ගොවිගම වැනි ආධිපත්‍යයන් භාවිතා කරමින්, විශේෂයෙන්ම, ගතානුගතික භික්ෂු බලවේග ද උපයෝගී කරගනිමින්, කුලභේදය අවුස්සමින් දේශපාලනිකව බලවත් වීමට උත්සාහ කරන අතර, නැගී එන නායකයන් වන සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, නවීන් දිසානායක, අනුර කුමාර දිසානායක වැනි සිංහලයන්ට පවා අංචි ඇදීමට ඔවුන්ගේ පසුබිම පාවිච්චි කරනු පෙනේ.
Gahe hetiyata thamai gedi . !
Munge petikiriya dhoshithaya , adu ho wedi ho hondak netha .
Evenno raajya paalane karanavita Protocalls paisekata nowedagathya .
Bahuthara laankikayo thamun wepuroo beijayanhi nisaru aswenne den nelaaganimin sitithi .
Thawada owho baddata dun mawbima
sinnavieme napuru sihine , hebeawana lakunuda dharsanayawe .
පැරා
දලදා මාලිගාවේ පුස්තකාලයේ වැඩ කරපු අපේ නැන්දා කෙනෙක් කිව්වා එයාගේ රාජකාරි වලදී ගොඩක් ලිපි කියවන්න ලැබුනා කියලා. ඔය මහලොකු වලව්කාරයන් දලදා අරමුදල් ගසා කෑ විදිහ ආදිය.සුද්දා උඩරට යටත් කරගත් වහාම ඔය හිටපු ” ඔරිජිනල්” රදලයෝ මැරෙව්වලු ආඵු කැර්ලි ගහයි කියලා. දැන් ඉන්න රදලයෝ ඒ ගෙවල් වල වැඩට හිටුපු උන් ලු