ප්‍රජා සංස්කාරක සමග සම්මුඛ සාකච්ඡාව (වීඩියෝ)

ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන සමග ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව
ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන සමග ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව
කාල් මාක්ස්ගේ සමාජවාදී සංකල්පය සහ නිර්දන පන්ති ආඥාදායකත්වය ක්‍රියාත්මක කිරීමට කිසිම රටකට බැරිවිය. සෝවියට් දේශය හෙවත් සමාජවාදී සෝවියට් ජනරජය පසුකාලයේදී කැබලි වලට කැඩුණු අතර රුසියාව පමණක් ඉතිරි වී උග්‍ර ධනවාදී රාජ්‍යයක් බවට පත්විය. අද පවතින්නේ රුසියාව නමැති ධනවාදී රට සහ ඇමරිකාව නමැති ධනවාදී රට අතර ගැටුමක් මිස සමාජවාදය සහ ධනවාදය අතර ගැටුමක් නොවේ. එසේම සමාජවාදය ව්‍යවහාර කිරීමට ගිය කාම්බෝජය සම්පූර්ණයෙන්ම වැඩේ අනාගත්තේය. ඒ රටේ සමාජවාදය ක්‍රියාත්මක කළ කොමියුනිස්ට් නායකයාගේ නම පොල් පොට්ය. නිර්ධන පන්ති ආඥාදායකත්වයක් සෑදීමේදී පවුල නමැති සංකල්පය නැති කළ යුතු බව මාක්ස්ගේ අදහස විය. එයට හේතුවූයේ පවුලක් යනු ආත්මාර්ථකාමී දේහයක් වීමය. පවුල ගොඩනැගෙන්නට උත්සාහ කරන්නේ තනිව මිස අල්ලපු ගෙදර පවුලත් සමග නොවේ. මෙය මතවාදී වශයෙන් කළයුතු දෙයකි. එනම් සියලු පවුල්වල සාමාජිකයන් සහෝදර සහෝදරියන් බවට හිතන තැනට මිනිසුන් පත්විය යුතුය. කොතරම් උගතකු වුවද මතවාදී ගොනකු වූ පොල් පොට් පවුල නමැති සංකල්පය නැති කළේ කෙසේද? ඔහු කළේ පවුල කැබලි වලට කඩා තාත්තා තිරිකුණාමලයේත් අම්මා ඇඹිලිපිටියේත් දුව මහනුවරත් පුතා පේදුරුතුඩුවේත් සමූහ ගොවිපළවල් වලට යැවීමය. මෙයට අකැමැති වන අය මරා දමන ලදී. මිනිසුන් මැරීමට වෙඩි උණ්ඩ පාවිච්චි කළොත් විශාල වියදමක් යන බැවින් ඔහු අලුත් ක්‍රමයකට මිනිසුන් මැරීය. ඒ වූකලී දෑත් පිටුපසට බැඳ හිසට ෂොපින් බෑග් එකක් දමා බෙල්ල ළඟින් තද ගැටයක් යෙදීමෙනි. එවිට අදාළ පුද්ගලයා හුස්ම හිරවී මළේය. ඒ සඳහා චීනයෙන් ෂොපින් බෑග් විසි ලක්ෂයක් ගෙන්වන ලදී. පොල් පොට්ගේ විප්ලවය අවසන් වන විට ප්‍රති විප්ලවකාරීන් ලෙස සලකා මරණ ලද ජනගහනය විසි ලක්ෂයකි.
චීනයද මාවෝ සේතුං යටතේ සමාජවාදී රාජ්‍යයක් ලෙස ජීවිතය අලුතින් පටන්ගත් නමුත් අද වනවිට ඇමරිකාව තරමටම දරුණු දක්ෂිණාංශික ව්‍යාප්තවාදී රාජ්‍යයක් වෙමින් පවතී. උතුරු කොරියාව යනු කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස තිබී මේ වනවිට පියාගෙන් පුතාට රට අයිතිවන පිස්සු ලෝකයක් බවට පත්ව තිබේ. උතුරු කොරියාව හැමවිටම කියන්නේ තමන් සමාජවාදී බවය. එහෙත් ඒ රට දූෂණයෙන් පිරුණු නොදියුණු රටකි. ශ්‍රී ලංකාවද සමාජවාද අත්හදා බැලීමට ගොස් විවිධ තැන්වලදී ඇනගෙන පස්සා පැත්තේ අමතර හිල් හදා ගත්තේය. මෙයට හේතුව කුමක්ද? මේ වන විට ලෝකයේ කොතැනකවත් කාල් මාක්ස්ලා නැත.