Gotabaya and Mahinda

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ප්‍රශස්ති ගායනා නිර්මාණය කිරීම ආරම්භ වී තිබේ.

ප්‍රශස්ති යනු අතීතයේදී රජුන්ගේ ගුණ වර්ණනා කරමින් ගායනා කරන ලද ගීත විශේෂයකි. ඒවා ගායනා කරනු ලැබුවේ වන්දිභට්ටයන් නම් වූ සේවකයන් පිරිසකි. ඔවුන්ගේ ප්‍රශස්ති අසා රජු සතුටු වූ අතර ඔවුන්ට තෑගි බෝග, වැටුප් ආදිය පිරිනැමුවේ ය. ඇතැම්විට, වෙනත් ප්‍රභූන් වෙනුවෙන් ද ප්‍රශස්ති ගායනා කරන ලදී. පහත දැක්වෙන්නේ පැරණි ප්‍රශස්තියකට උදාහරණයකි.

චන්දනම් යස තේජ කුංකුම ඇන්ද දිග ගණන් උරතල
බින්ද සතුරු අඳුරු පැහැර බන්දු කමල සේ
නන්ද විජය ශ්‍රි වික්‍රම රාජසිංහ නම් අප හිමි
ඉන්ද සිරින් නිති රැක දෙන් කන්ද සුරිඳුනේ

රාම චන්ද්‍ර විය රිවිකුල නාම ගගන තල බබලන
රාජ මෙතුම් සිංහල කිවි බෝජ රාජනේ
තේජ විකුම් යුතු වික්‍රම රාජසිංහ සිරිනම් දැරූ
රාජ රත්නමය අප හිමි රාජ රාජනේ

නූතන ප්‍රශස්තිවලින් වඩා ප්‍රකට වන්නේ සහේලි ගමගේ නම් නවක ගායිකාවක විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ගායනා කරන ලද ‘ආයුබෝ වේවා – මහරජාණනේ’ ගීතයයි. ඇය වෙනුවෙන් නුගේගොඩ පාරක් ද නම් කිරීමට රජය පියවර ගත්තේ ය.

සේනානායක වේරලියද්ද ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රශස්ති ගැයූ තවත් කලාකරුවෙකි.

මේ සමග පළ වන්නේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ගායනා කරන ලද අලුත් ප්‍රශස්ති ගායනයකි. කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ගැයූ ප්‍රශස්තිවල මෙන් ඔහු රජකු යයි කියනු මෙහි දක්නට ලැබෙන්නේ නැත.

3 thoughts on “චිරන් ජයතු ගෝඨාභය; අලුත් ප්‍රශස්ති නිකුත් වේ

  1. It is a very sad day for the modern Sri Lankan history that the masses did elect a psychopath, killer, cheater and uneducated man as their leader and very soon they will realize the fault and it will be another 6 months that people will start thinking ‘ M Sirisena was a saint’ though that man had thousands of issues in governance and total waste of time.

    Here comes HR violations, racism, end of the independent judiciary, free press etc.,, wait and see folks.,, here comes the criminal who used 280M from state coffers to make a mock temple for his parents memory.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: