අලුත් සාමාන්‍ය තත්වය

අජිත් පැරකුම් ජයසිංහ
නිව් නෝමල් හෙවත් අලුත් සාමාන්‍ය තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ දැන් කතාකරති. මෙම අලුත් සාමාන්‍ය තත්වය යටතේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී නොවැම්බර් 27 සිට දෙසැම්බර් මැදභාගය දක්වා පැවැත්වේ. විස්තර මෙතැනින් Read Lanka Memo>>
අලුත් සාමාන්‍ය තත්වයට ගැලපෙන පරිදි රජය ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකසා තිබේ. ඒ අනුව, දැනට පොදු ප්‍රවාහනයේ ආසන ගණනට මගීන් රැගෙන යා හැකි අන්දමින් විධිවිධාන සකසා තිබේ. විස්තර මෙතැනින් Read Lanka Memo>>
රජය පවසන අලුත් සාමාන්‍ය තත්වය තුළ කොවිඩ්-19 මරණ හා සියගණනින් රෝගීන් හමුවීම දෛනික අත්දැකීමක් බවට පත්වනු ඇත. සෑමදෙනෙකුම හැකිතරම් නිවෙස්වල රැඳී සිටිය යුතුය. ගමන්බිමන් අවම කළ යුතුය. කරන කියන සියලු දේ තමන්ට කොවිඩ්-19 බෝ නොවන, තමන් අනුන්ට බෝකරන්නකුද නොවන ආකාරයෙන් කළ යුතුව තිබේ. ඉදිරි කාලයේදී ක්‍රිකට් තරග පමණක් නොව, වෙනත් ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතුද, අභ්‍යන්තර සංචරණය, රැස්වීම්, අධ්‍යාපනය වැනි කටයුතුද නව සාමාන්‍ය තත්වය යටතේ ආරම්භ කිරීමට සිදුවනු ඇත.
එසේ නැතහොත්, අවම වශයෙන් තවත් අවුරුද්දක් හෝ නොදන්නා කාලයක් ඇඳිරි නීතියේ ගතකළ යුතුය. ඒ කෙතරම් කාලයක්ද, එම කාලය තුළ ආර්ථිකයට කුමක් වේද, ජීවනෝපාය අහිමි වන මිනිසුන් ජීවත් වන්නේ කෙසේද යන්නට පිළිතුරු කිසිවකු දන්නේ නැත. රජය ඒ බව නොදන්නා බව පිළිගෙන තිබීම යහපත් තත්වයකි.
යුද්ධය වගේ කොරෝනාවටත් බැට දෙන බවට මුල් කාලයේ වහසි බස් කියවාගත් ජනාධිපතිතුමාට දැන් මෙය එහෙම කරන්නට බැරි බව වැටහී තිබේ. කොවිඩ්-19 සමග ජීවත් වන්නට හුරු විය යුතු බව අප නම් කීවේ රජය පළමුවර ඇඳිරි නීති දමාගෙන දේශපාලන විකාර කරද්දීය. ආණ්ඩුව කොරෝනා යථාර්ථය පිළිගන්නට මෙතරම් පමා වූයේ ඇයි? එය දේශපාලන දැක්ම පිළිබඳ ගැටලුවකි.
මේ අවුරුද්දේ තිබුණු මහා ණය වාරික රජය ගෙවාදැම්මේ පසුගිය ආණ්ඩුව සමයේ ඉතිරි කරන ලද විදේශ සංචිතවලිනි. විදේශ සංචිත ක්ෂය වී යන සංදර්භය තුළ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් තවත් පහළ වැටෙන්නට ඉඩ තිබේ. විවෘත මූල්‍ය වෙළඳපොළෙන් මේ දිනවල ලබාගැනීමට යන ඩොලර් ණයවලට වැටෙන පොළියෙන් ලංකාව සිටින තැන තේරුම්ගැනීමට ආණ්ඩුව සමත් විය යුතුය. එහෙත්, ජනාධිපතිවරයා බොහෝ දේ තේරුම්ගන්නේ ප්‍රමාද වී බව පෙනේ.
ශ්‍රී ලංකාවේ වෙළඳපොළ, ගොවියා, නිෂ්පාදකයා, වෙළෙන්දා, සුළු ව්‍යාපාරිකයා, කර්මාන්තකරුවා, ස්වයං රැකියා කරන්නා, කම්කරුවා ගැන ඔහුගේ අවබෝධය අවම බව පෙනේ. අත ගසන අත ගසන හැම දෙයක්ම මිල පාලන ගැසට් සේ වැරදී යන්නේ අවාසනාව ඩබල් කරමිනි.
ජාතිවාදයෙන්, මුස්ලිම් විරෝධයෙන් රට කිරීම වැරදි බවද දැන් දැන් ඔහුට වැටහෙමින් තිබෙන බව පෙනේ. කොවිඩ්-19 නිසා මියයන මුස්ලිම් මිනිසුන්ගේ මළසිරුරු භූමදානය සඳහා අවසර දීමට ඔහු විරුද්ධ නැති බවක් පෙනෙනුයේ එහෙයිනි. විස්තර මෙතැනින් Read Lanka Memo>>
කෙසේ වෙතත්, යථාර්ථවාදී තීරණ ගැනීමේදී ඔහු තවමත් පසුබාන බව පෙනේ. ඔහු ජනාධිපති ධුරය දක්වා ඔසවාගෙන ආ හාමුදුරු බලවේගයට ඔහු බියවීමේ සාධාරණත්වයක්ද තිබේ. එහෙත්, අන්තවාදීන්ට අවශ්‍ය පරිදි රාජ්‍ය පාලනය කළ නොහැකිය. ලංකාවේ රාජ්‍ය පාලනය පන්සල් පිළිකනුවල සිදුවන කුප්ප වැඩ මෙන් නොව, ජාත්‍යන්තර රංගභූමියක සිදුවන්නක් බව දැන් ජනාධිපතිවරයාට වැටහී තිබිය යුතුය.
මෙම දුෂ්කර කාලයේ කිසිවෙකු ආණ්ඩු පෙරළන්නට උත්සාහ නොකරන බව අපට විශ්වාසය. ඒජනාධිපතිවරයාට රට පාලනය කිරීමට අවශ්‍ය සහාය ලබාදීම පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමකි.
රාජ්‍ය පාලනය සඳහා විපක්ෂයේ හා පොදු ජනතාවගේ සහාය වැඩි වැඩියෙන් අවශ්‍ය සමයකදී ආණ්ඩුව තවමත් කරමින් සිටිනුයේ අඳබාල ක්‍රීඩාය. ස්ථාවර නියෝග අනුව විපක්ෂයට හිමි විය යුතු පාර්ලිමේන්තුවේ මූල්‍ය කොමිෂන් සභාවේ සභාපති ධුරය අල්ලාගැනීම සඳහා අංක 121 ස්ථාවර නියෝගය අත්හිටුවා ගැසූ ගේම වැනි ක්‍රියාවලින් පෙනෙන්නේ ආර්ථිකය වලපල්ලට වැටී සිටිද්දීත් ආණ්ඩුව සැරසෙන්නේ හිඟන්නාගේ පාත්තරේ හූරාගන්නටය කියාය. කොවිඩ් සමග ලැබෙන මුදල් සම්බන්ධයෙන් පවා වගවීමෙන් යුතුව කටයුතු කිරීමට ආණ්ඩුව දක්වන්නේ බලවත් අකැමැත්තකි. විස්තර මෙතැනින් Read Lanka Memo>>
ජනාධිපතිවරයාගේ වීරකම් ගැන විශ්වාස තබනවා වෙනුවට කොවිඩ්-19 වසංගත සමය ගතකිරීම සඳහා අප අපම වීරයන් විය යුතුය. අප වයිරසයෙන් ආරක්ෂා විය යුතු වන්නේ අපටත් වඩා අප නිසා අපගේ ඥාතීන්, මිතුරන් අවදානමට ලක්විය හැකි නිසාය.
අලුත් සාමාන්‍ය තත්වයේ යථාර්ථය එයයි. ජීවිතය විඳිමු. එහෙත්, අප අසලම සිටින මහළු, රෝගී, නිදන්ගත රෝගවලින් පෙළෙන, දුබල පුද්ගලයන් ගැන සිතා අපි වගකීමෙන් හැසිරෙමු.
Jieviyek nowana Covid 19 yaniwen namkara athi RNA deahaya visin , minissunta podu biyak athikara hemoma saamanya karanaya karanaladhi .
Naraka deyak thula wuwada hondak dekiya heki awasthaa nethuwaama nowe !
” Aluth Saamanya Thathwayedie ” , prathiroopawadie desapaalana naayakathwaye salupili kramayen iwathwei .
Dostharage wedea Kondostharata noheki bawa minisunta wetahemin pawathie .
Udaavemin pawathinawaa yai kiyana , Aluth saamanya thathwaya yatathewuwa da Corona mardhanayata aagamika piliweth ( eg : yaagnha , gaayanaa , pen isiem weni .. ) praguna nokala youthui . Manda samaharavita minisun pawathina yatharthaya ( living reality )
therum gaththoth rata paalaneta duskaraviyaheki bevini .