bird nest - Photo by Ajith Perakum Jayasinghe

කැදැල්ලකි අතුඅග තනිවුණ
කුරුළු පැටවුන් ඉගිලුන
තටු සැලෙන සුළඟටත්
මුව අයා හිනැහුන
පුංචි බිත්තර කටුව
කෙඳි අතර සඟවගත්
සමරුවකි හද පාරන

ඕනෑම සමරුවක්
දිරායන රසයකි කාලය
ජීවිතය වන්දනා ගමනකි
නොදන්නා මොකක්දෝ
සොයායන

සමරු රැකි කිරිලියොත්
ඒ සමරු අතහැර
නව සිහින හඹායන
අහස යනු නිදහසයි පියාඹන

ආදරය සිහිනයකි
සොඳුරු මොහොතෙම
ඇහැරෙන
ජීවිතය වන්දනාවකෝදෝ
ආදරය සදාකල් 
සොයායන

එක වහල යට ගැටී
සමාන්තර විශ්වයන් බිහිවේය
නිදි යහන මැදින් වුව
බර්ලින් තාප්ප ද මතුවේය

දිවිගමන චලනයකි නොනවතින
ආදරය මිරිඟුවකි නෙත දවන
පිපාසිත හදවත්ය කිසිදාක නොනිවෙන
ආශාව වියරුවකි කැළඹුන

ජීවිතය ඉකියකි
සඟවගෙන සිනාසෙන
ගිලානය යම්දිනෙක
මරණයෙන් සැනසෙන

– පද හා ඡායාරූපය අජිත් පැරකුම් ජයසිංහ (2021-02-06)

2 thoughts on “ජීවිතය ගමනක

  1. Jievithaya anawaratha chalithyaki .
    Wandanaa karanu mena prbodhayen
    Piya dasun sathuta haa shookaya da
    musuwoo .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: