අජිත් පැරකුම් ජයසිංහ

මේ දවස්වල ෆේස්බුක් අවකාශයේ රැඩිකල් පෙරහන් බුබුල ඇතුළෙ එක්තරා දාර්ශනිකයකුගෙ ලිංගික නැඹුරුව ගැන සංවාදයක් යනවා. ඒක ඉතා හොඳ එකක්.

මේ දාර්ශනිකයාගේ ලිංගික චැට් එකක තිරරූපයක් භාවිතා කරමින් රැඩිකල් ස්ත්‍රීවාදීන් හා වාමාංශිකයන් එම පුද්ගලයාගේ චරිත ඝාතනයක යෙදෙන්නේ නිල තුන්වන පාර්ශ්වය වන පොලිසියට පැමිණිලි කිරීමකින් පවා තොරවයි. හොලිවුඩ් මී ටූ කැම්පේන් එකේදි වගේ බලවත් පුද්ගලයන් අතින් අපයෝජනයට ලක්වූ වින්දිතයන් සමූහයක් ඉදිරිපත් වීම තබා ඇත්ත වින්දිතයාවත් ඉදිරියට පැමිණීමක් මෙතැනදී සිදුවී නැහැ.

ඒ වගේම, මේ දාර්ශනිකයා තමන්ගේ මැදිහත්වීම පසුගිය කාලයේ යම් කැපවීමකින් යුතුව කළ එකත් ඔහුට එරෙහි මේ ප්‍රහාරයට එක් හේතුවක් වෙන්නත් පුළුවන්. මොකද, මේ ප්‍රති පාර්ශ්වයේ ඉන්නෙ ඔහුගේම කල්ලියේ සමීප පිරිස්. ඔවුනුත් පසුගිය වකවානුවේ විමුක්ති ව්‍යාපාර වගේ දැවැන්ත ව්‍යාපෘති ප්‍රවර්ධනය කළා. හැබැයි, ප්‍රායෝගිකත්වය තුළ, ජීවිතේට, උන්නතිකාමයට, පාරිභෝජනයට සම්බන්ධ වෙන මොනවා හරි දේවල් කරපු නිසා ඒවා ලත් තැනම ලොප් වුණා. දාර්ශනිකයා තමන්ගෙ භූමිකාව කැපවීමෙන් කළා. අන්තිමට ෆේස්බුක් එකේ තම විරුද්ධවාදීන් යයි ඔහු නිගමනය කරපු අය බ්ලොක් කිරීමෙන් වාර්තාවක් පවා තිබ්බා. දාර්ශනිකයන් කියන්නෙ සමහරවිට ඔය වගේ විකාර ඩයල් තමයි.

ලිංගික සංසර්ගයයි ආදරයයි, බලයයි, අරකයි, මේකයි අතර සම්බන්ධය ඇත්තටම සමාජ ගොඩනැංවීම්. ලිංගික සංසර්ගයේ යෙදීමේ අවශ්‍යතාවත් කනවා බොනවා වගේම එකක්. ඒකෙදි වෙන මොන මගුලක්වත් නැතුව අපි හු_මුද කියලා කැමැත්ත විමසන එකේ වුණත් මට නම් කිසිම අවුලක් පෙනෙන්නෙ නැහැ. කැමති නැතිනම් මං කැමති නැහැ කියන එක පිළිගන්න එක තමයි මිනිස් ශිෂ්ටත්වය කියන සමාජ ගොඩනැගීම. එහෙම නැතුව, බලෙන් කරන්න යාම හෝ අරූ මගෙන් හු_මුද ඇහුවා, ඌ වල්, ඌට නෙළමු කිය කිය නීති විරෝධී ජනරාශි බලමුළු ගන්වාගන්න එක මම නම් හිතන්නෙ ගෝත්‍රික වැඩ.

අනෙක් පැත්තෙන්, ලිංගික සංසර්ගය බලය කියන සංකල්පය ඔස්සේ විග්‍රහ කරන්න යාම තේරුමක් නැති වැඩක්. කැමැත්ත හා බලය වැඩකරන හැටි උදාහරණයකින් පෙන්නන්නම්. ලිංගික සංසර්ගයෙදි දෙන්නටම එක වර සුරතාන්තය ඇතිවෙන්නෙ නැහැ. කලින් සුරතාන්තයට පත්වෙන කෙනාගෙ ආශාව තාවකාලිකව නැතිවෙන්නට පුළුවන්. එතකොට ආශාව තවමත් තෘප්ත නොවුණ කෙනා එතන සිට කරන දේ ඕනැ නම් බලය පාවිච්චි කර කරන දූෂණයක් කියලා විග්‍රහ කරන්න පුළුවන්. ඒ විදියට සෙක්ස් කරන්න බැහැ. අව්‍යාජ සෙක්ස් කියන්නෙ මිනිහා සමාජ ගොඩනැගීම් නම් සළු උනන තැනක්.

වික්ටෝරියානු සදාචාරය නිසායි, දුප්පත්කම වැනි සාධක නිසායි, ලංකාවෙ ගැහැණු සහ පිරිමි සෙක්ස් කරන්න නීතියෙන් ගිවිසගන්නවා. ඒ ගිවිසුම ඇතුළෙ ගෘහස්ථ හිංසනය, වෛවාහික දූෂණය, ප්රචණ්ඩත්වය මැද තමයි ලිංගිකත්වය පවතින්නෙ. ලිංගික අසහනය නිසා ගහපු ගිවිසුම නිසාම ලිංගික අසහනය තවත් මෝරනවා. නිදහස් ලිංගිකත්වයක් නැති නිසා ලිංගික අවශ්‍යතා සපුරාගැනීම ඉතා දුෂ්කරයි. ලිංගික සේවා වෙළඳපොළ ඉතාම සංවෘතයි. ඒ වගේම ලංකාවෙ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය කියන එකෙන් ලිංගිකත්වය අයින් කරලා තමයි ඒක උගන්නන්නෙ. වැඩිහිටියන්ට මේ හා සම්බන්ධ දැනුම, සේවා ආදිය ලබාගන්න පුළුවන් ආයතන නැහැ. උපදේශනය කියලා එකක් තියෙනවා. ඒකෙන් දෙන විසඳුම් තමයි බණ අහන භාවනා කරන එක වගේ දේවල්.

තමන්ගෙ අවශ්‍යතාව ඍජුව හෝ වක්‍රව ප්‍රකාශ කරලා ඒ පිළිබඳ කැමැත්ත අනුව කටයුතු කරන්න අවශ්‍ය පරිසරය ලංකාවෙ නැහැ. ඒ කියන්නෙ මිනිසුන්ට හමුවෙන්න, නිදහස් අන්තර් සම්බනධතා පවත්වන්න සමාජමය අවස්ථා නැහැ. ඒ නිසා තමයි බස්වල ජැක් ගහන එක, පන්තිවල ටච් එක දාන එක, ගුරුවරු සිසුන්ට බලය පාවිච්චි කරන එක, බොස්ලා සේවක සේවිකාවන් යටත් කරගන්න එක වගේම ඍජු අපයෝජනත් මේ තරම් සුලබ.

ලංකාවෙ සාමාන්‍ය පිරිමියා ලිංගික අසහනය නිසා පු_ මිරිකන කට්ටියක් කියලා හිතමුකො. ගෑනු කොහොමද? උන් ලිංගික අසහනය ප්‍රකාශ කරන්නෙ ඕපාදූප සංගම්වලින්. යන්තං පෙන්නන්න රූපයක් තියෙනවා නම්, පිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න පුළුවන් විදියට අඟපසඟ එළියට දාගෙන තමයි ඉන්නෙ. ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දානකොට මේකප්වලට අමතරව ඇප්වලින් උපරිම සුදුකරගෙන තමයි දාන්නෙ. හැබෑ ජීවිතේදි දැක්කම අඳුනන්න බැහැ. සාරි අඳින විදිය මේකට තවත් හොඳ උදාහරණයක්. හරි කැමතියි තමන්ට ආකර්ශනය තියෙනවාය කියල අනෙක් ගෑනුන්ට කියන්න. අධික විදියට තමන්ගෙ ශරීරය ගැන ආත්ම රාගයෙන් පෙළෙන ගැහැණු නිසා ශිෂ්ට පිරිමියෙකුට බස් එකක එහෙම යන්න පවා අමාරු තත්වයකුත් මේ රටේම තමයි තියෙන්නෙ. පිරිමි සෙක්ස් හොයන්න ගිහින් නිතර ඇනගන්නවා. ගැහැණු දෙන්න වගේ ඉඳලා පිරිමින්ව පොළඹවාගෙන ඊට පස්සෙ ඒක ප්‍රසිද්ධ කරලා අර පිරිමියාව අපහසුවට පත්කරලා තමන්ට මාර ආකර්ශනයක් තියෙනවාය කියලා අනෙක් ගැහැණුන්ට පෙන්නලා ආතල් ගන්නවා. මේ ඔක්කොම ඉන්නෙ දැඩි ලිංගික අසහනයකින්. ඒ නිසා ලිංගිකත්වය තමයි හැම තිස්සෙම ප්‍රධාන.

මේ ලිංගික අසහනය ප්‍රකාශයට පත්වෙන ප්‍රධාන ආකාරයක් තමයි, නවකතාව. රැඩිකල් කට්ටියනෙ පොත් ලියන්නෙ සහ කියවන්නෙ. බලන්නකො නවකතාවල තියෙන දේවල්. ඉතිහාසය දෙස පවා බලන්නෙ ගෑනුන්ගෙ කකුල් දෙක අස්සෙන්. දේශපාලනේ කරන්නෙ තනිකරම ලිංගිකත්වය වෙනුවෙන්. රැඩිකල් සාකච්ඡාවල පොරක් වෙලා හොයන්නෙත්, ඇමති කෙනෙකු වෙලා ලක්සරි වාහනේකින් බැහැලා හොයන්නෙත් සෙක්ස්ම තමයි.

කවුරුහරි සෙක්ස් හොයන්න ගිහිල්ලා ඇනගත්තාම මේ රටේ ගැහැණු හා පිරිමි ඒ පුද්ගලයාව විනාශම කරල දාන්න ඒක පාවිච්චි කරන්නෙත් ලිංගික අසහනය නිසාම තමයි. මේව විවෘතව කතාකරන්න බොහෝ දෙනා බයයි. මොකද ඒ අයගෙ සෙක්ස් චැට්වලත් ස්ක්‍රීන් ෂොට් තියෙන බව ඔවුන් දන්න නිසා. මම නම් බය නැහැ. මොකද මගේ එහෙම ඒවා කාගාවවත් නැහැ.

සමාජවාදී ලිංගිකත්වය කියන්නෙත් භාවිතාවක්. ඒක අදහස් මට්ටමේදි විවෘත හා රැඩිකල් වුණාට භාවිතාවෙදි හරිම පරිස්සමෙන් කළ යුතු දෙයක්. කෙස් ගහක වරදකින් ලිංගිකත්වය අපරාධයක් බවට පත්වෙන්න පුළුවන් තරම් නීති තොගයකින් කටුකම්බි වැටවල් ඔබේ ශිශ්නය හා යෝනිය වටේ ගහලායි තියෙන්නෙ. වැරදි කියලා නීතියෙන්, සදාචාරයෙන් අර්ථකථනය කරනු ලබන දේ ලිංගිකත්වය සම්බන්ධයෙන් නොකරන සුද්දවන්තයන් හා විශේෂයෙන්ම සුද්දවන්තියන් ලොවෙත් නැහැ. හැබැයි අහුවුණොත් නන්නත්තාරයි. ගෙවිය යුතු මිල අධිකයි. ලිංගිකත්වය කටුකයි. ශිෂ්ටත්වය කියන සමාජ ගොඩනැංවීම ස්ත්‍රීවාදී අන්තවාදීත්වයෙන් හා මානව හිමිකම් සංදර්භයෙන් සීමා වෙලායි තියෙන්නෙ. කොටින්ම කියනවා නම්, නූතන ඊනියා ශිෂ්ටත්වය කියන්නෙ ලිංගික ආශාව තෘප්ත කරගන්න එකට දාපු සීමා මායිම් ගොඩක්.

ලිංගිකත්වයට බැඳලා තියෙන වැටකොටු මත පදනම්ව තමයි නූතන සමාජ ක්‍රමය ගොඩනැගිලා තියෙන්නෙ. ඇඳුම්, විශේෂයෙන්ම යට ඇඳුම්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ හා සේවා, සමාජ උත්සව, රැකියා, මාධ්‍ය, කලා ආදී වෙළඳපොළවල් හැම එකකම පදනම මේ නිදහස් ලිංගිකත්වයට තිබෙන බාධාව තමයි. ඒ වෙළඳපොළෙන් හා ලාභයෙන් ආදරය හා ලිංගිකත්වය ගලවාගැනීම සඳහා පුළුල් සංවාදයක් හා අරගලයක් අවශ්‍යයි.

Creative Content Consultants

මේ ලිපිත් කියවන්න:

අලුත් වීඩියෝවෙන් හෙළිදරව් වන ලංකාවේ වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය

සනීපාරක්ෂක තුවාවලට බදු පැණවීම රාජ්‍ය නොපණත්කමකි

4 thoughts on “ලිංගික අසහනයෙන් පෙළෙන අපට ‘වල් දාර්ශනිකයකු’ අසුවීම

  1. මේ ලිපිය විශිෂ්ඨයි. කිසිම කෙනෙකුට බයක් නැතුව සෘජුව ලියල තියෙනවා. මගේ අදහසත් මේකමයි. මම බුකියේ හිටිය නම් ලියන්නෙත් මේ අදහසමයි (හැබැයි මේ වගේ දක්ෂ ලෙස ලියන්න නම් මට බැහැ). මේක මෙහෙම කවුරුත් නොලිව්ව නිසා දතකකා හිටියේ. බය නැතුව ලිව්වට හැට්ස් ඕෆ්!

    • දැන් බුකියට පුරුදු වෙලා නිසා කමන්ට්, රිප්ලයි පේන්නෙත් සාකස්ටික් විදියටයි. උඹ මේක මොන විදියට රිප්ලයි කරාද දන්නේ නැහැ. හැබැයි අජිත් මේ අරගෙන තියෙන ෆැක්ට් ටික පවා වැරදියි. මේ චෝදනාව කරපු කාන්තාව ස්ක්‍රීන් ෂොට් එක එක්ක සටහනක් දාලා තිබුණා වගේම සංවාදයන් ගියපු තැන්වල, ඇයි එහෙම දැම්මේ කියන එකත්, ඒක ඉවත් කරගත්තේ ඇයි කියලාත් දාලා තිබුණා. අවසානයේ සමහර සංවාදයන් බොහෝවිට ඉවර වුණේ කෙල්ල හාහා එකක් දාලා තිබීම මගින් වංගීසට අනුබල දීලා තියේය, ඒ නිසා වංගීස තමන්ගේ ආසාව ප්‍රකාශ කිරීම වැරැද්දක් නෑය, ඒ නිසා ලිංගික හිංසනයක් වෙලා නෑය කියන තැනින්. අජිත් ඔය ටිකවත් නොදැන කරුණු විකෘති කරලා ලියූ ලිපියකට උඹ ඔළුව පාත්කරලා තියෙන්නේ මොන අල බෝලයක් හින්දද කියලා මට තේරුම් ගන්න බෑ.

  2. වංගිසට ඔයිට කලිනුත් චෝදන්වක් තිබ්බ. ඔය වගේම අනිත් අයව ඔහුව ආරක්ෂා කළා. විවේචනය කලේ දීප්ති විතරයි . දීප්තිට කට්ටිය වටකරගෙන ගැහුවා ඒකට . දැන් ලක්මලිට නෙලනවා. අජිත් මේක ලීවේ මොන හිතකින්ද දන්නේ නැහැ. මං දන්නා අජිත් නම් මිට වැඩිය ලොජිකලි බලන කෙනෙක්. වැරැද්ද ඉතින් වැරද්දමයි. ගැහැණු රාගිකව ඇඳන් ගියයි කියල අජිත් ට වත් කාටවත් පුක මිරිකලා බලන්න බැහැ . බලල අහක බලා ගන්න. //අධික විදියට තමන්ගෙ ශරීරය ගැන ආත්ම රාගයෙන් පෙළෙන ගැහැණු නිසා ශිෂ්ට පිරිමියෙකුට බස් එකක එහෙම යන්න පවා අමාරු තත්වයකුත් මේ රටේම තමයි තියෙන්නෙ. පිරිමි සෙක්ස් හොයන්න ගිහින් නිතර ඇනගන්නවා. ගැහැණු දෙන්න වගේ ඉඳලා පිරිමින්ව පොළඹවාගෙන ඊට පස්සෙ ඒක ප්‍රසිද්ධ කරලා අර පිරිමියාව අපහසුවට පත්කරලා තමන්ට මාර ආකර්ශනයක් තියෙනවාය කියලා අනෙක් ගැහැණුන්ට පෙන්නලා ආතල් ගන්නවා// දැන් ශිෂ්ට පිරිමි අජිත්ට ලංකාවේ බස් වල යන්න බැරි සහ එහෙම යන ගැහැනුන්ට ජැක් ගහන පිරිමි නිවැරදි බවක් තමා මේ කියන්නේ. තේරුනේ එහම.

    • මගේ සියලු ප්‍රකාශ වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ලංකාවේ සියලු පිරිමි ස්ත්‍රී දූෂකයන් විදියට සැලකෙන විදියට තමයි බොහෝ ස්ත්‍රීවාදී සංවිධාන පුරුෂ විරෝධී විදියට ප්‍රචාරණයේ යෙදෙන්නෙ. මේ අධිසංවේදීකරණයන් නිසා විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයේදි ගැහැණුන් සියලු පිරිමින් තමන්ට ජැක් ගහන්නට එන අය විදියට සැකකරන ප්‍රවණතාවක් තිබෙනවා. පොදු ප්‍රවාහනය භාවිතා කරන විපරීතයන් නොවන පිරිමි මේකෙන් අපහසුවට පත්වෙනවා. ඒ පිරිමින් වෙනුවෙන් කතාකරන එකේ වරද මොකක්ද? පිරිමින්ට අයිතිවාසිකම් නැද්ද? ලංකාවෙ වාමාංශික අවකාශයේ පිරිමින් අතරින් වංගීස ඇරෙන්නට ඔය චෝදනාව එල්ල වෙච්ච අය අඩුයි. වැඩි පිරිසක් ශිෂ්ට විදියට හා කාන්තාවන්ට ගෞරවයෙන් හැසිරෙනවා. ඒ වුණත්, ඔය ඇතැම් කාන්තාවන්ගෙ කටේ කෙළ ගානට තියෙන්නෙ අනෙක් අයට මිසෝජිනිස්ට් කියන චෝදනාව එල්ල කිරීම. වංගීසට වුණත් සාධාරණ විමර්ශනයකට හා නඩු විභාගයකට අයිතිය තියෙනවා. වෙලේ සුදාගෙ වුණත් ඒ අයිතිය වෙනුවෙන් අපි පෙනී ඉඳලා තියෙනවා. මෙතනදිත් අපි කරන්නෙ ඒක. ෆේස්බුක් එකේ නඩු අහලා තීන්දු දෙන්න කාටද බලය තියෙන්නෙ? මහජන මුදලින් නඩත්තු කරන අධිකරණ ක්‍රමයක් තියෙද්දි ඇයි අපි පාරෙ නඩු අහන්නෙ? නීතියෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ නැහැ කියන කතාව අමූලික බොරුවක්. ලිංගික චෝදනාවක් එල්ල වෙන පිරිමියෙකුට දැන් ලංකාවෙ ලේසියෙන් ගැලවිල්ලක් නැහැ. පූර්ව විනිශ්චයන් මත පදනම්ව උපරිම දඬුවම් නියම වෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයෙන් අහලා බලන්න. නීති හා පටිපාටිවල අඩුපාඩු තිබෙන බව ඇත්ත. අපයෝජනයකට ලක්වුණ කෙනෙකුට ඒක ෆේස්බුක් එකෙන් ප්‍රසිද්ධ කරන්නට පුළුවන් නම්, නීතිය ඉදිරියට යන්නට බැරි වෙන්න බැහැ. එහෙම බය නම්, ඒකට ශක්තිය දෙන්න පුළුවන් ක්‍රියාකාරිකයන්ට හා සමාජ මාධ්‍යවලට.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: