මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව ජනප්‍රියත්වය ඉලක්ක කරමින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ තිරශ්චීන මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශ හා ආණ්ඩුවේ ප්‍රචාරණ උපායන් හරහා පෙනී යයි.

Translations by Creative Content Consultants

මහ මැතිවරණයෙන් පසු ගනු ලබන, බදු ඉහළ නැංවීම්, සහනාධාර කප්පාදු, වැටුප් කප්පාදු හා සේවක හා මහජන අරගල මර්දනය හමුවේ ජනප්‍රියත්වය ඉහළ නංවාගැනීම සඳහා පිලිපීන ජනාධිපති රෝඩ්‍රිගෝ ඩුටර්ටේ විසිනු අනුගමනය කරන ආකාරයේ නීතියට ඉහළින් යන රාජ්‍ය අපරාධ රැල්ලක් මගින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වන බව අනුමාන කළ හැකි ය.

එහෙත්, ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සමයේ ඔහු විසින් මර්දනය කිරීමට ගිය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යයි චෝදනා ලද පුද්ගලයන් ඔහු ජනාධිපති පදවිය හොබවන ආණ්ඩුව යටතේ ද ප්‍රබල තත්වයක සිටින අතර ඔවුන්ට තවමත් ජනාධිපතිවරයාගේ සොහොයුරු අගමැති මහින්ද රාජපක්ෂගේ රැකවරණය ලැබෙන බව ද පෙනේ.

මෙම තත්වය තුළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කෙසේ වෙතත්, මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දැනට සිරගතව සිටින මත්ද්‍රව්‍ය වැරදිකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සංකේතාත්මකව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

ඒ සමගම විනය ගොඩනැගීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කාර්යක්ෂමතාව පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය ද පුළුල් කරනු ඇත. සත්‍යය හෙළි කරන මාධ්‍යවලට ද කාලය දුෂ්කර විය හැකි ය.

කෙසේ වෙතත්, මෙම කටයුතු මෙහෙයවන ප්‍රධාන ආයතනයක් වන පොලිසිය ද පසුගිය සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදී අසු විය. පොලිසියේ හා ආරක්ෂක අංශවල වර්තමානයේ සේවය කරන පිරිස් මෙන්ම සේවයෙන් ඉවත් වූ හෝ ඉවත් කරන ලද අය ද සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක් වන අවස්ථා සුලබ ය.

මෙම තත්වය හමුවේ ඉදිරි කාලයේදී නැවත වරක් අතුරුදහන් වීම්, අත්අඩංගුවේදී පළා යන්නට තැත් කළ බව කියා පුද්ගලයන් මරාදැමීම්, බලවතුන්ගේ පෞද්ගලික සතුරන් මත්ද්‍රව්‍ය වැරදිවලට පටලවා එලොව යැවීම් ආදිය බලාපොරොත්තු විය හැකි ය.

මේ වන විට පොලිසිය විසින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා 1917 හා 1997 ඍජු දුරකථන අංක ද, [email protected] සහ [email protected] ඊමේල් ලිපින ද හඳුන්වා දී තිබේ.

Translations

1 thought on “ඡන්දෙන් පස්සෙ නීතියට ඉහළින් ගොස් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට සැලසුම්

  1. Niethiyata ihalin yeama ” ekak kadatholu wasanu wenuwata siyak kadatholu sidhukala aachariya ” ta woo sangadiyama viyaheka !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: