MT New Diamond

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ ගිනිගනිමින් තිබෙන MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගිනි ඇවිලුණු පසුපස වම් පැත්තේ ජල තලයට මීටර් 10ක් ඉහළින් මීටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ට්විටර් පණිවුඩයකින් පවසයි.

මේ වන විට ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් Dornier නම් ගුවන් යානයක් මගින් තෙල් කාන්දුවකින් සිදුවිය හැකි පරිසර හානියට ප්‍රතිචාර දැක්වීම සඳහා ක්‍රියා කරමින් තිබේ. Helen M නම් තෙල් කාන්දු පිරිසිදු කළ හැකි නැවක් ද මෙහෙයුම වෙත යෙමු කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකා කිහිපයක් මේ වන විට ගින්න නිවීම සඳහා යොදවා තිබේ.

මීට ටික වේලාවකට පෙර ඩයමන්ඩ් නැවෙහි නියමුවා සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ශෞර්යා නැවෙහි නිලධාරීන් දෙදෙනෙකු තෙල් නැවට ඇතුළු වී එය ඇදගෙන යාමේ හා නැංගුරම් ලෑමේ හැකියාව අධ්‍යයනය කළ බව ද ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේ ය.

නැව ඇදගෙන යාම සඳහා ඉන්දීය රජය විසින් ඇදගෙන යන යාත්‍රා දෙකක් එවනු ඇත.

තවම තෙල් කාන්දුවක් සිදු වී නැති බව පැය හතරකට පෙර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ට්විටර් පණිවුඩයකින් පැවසී ය.

කුවේටයේ අහමඩි වරායෙන් අගෝස්තු 23දා පිටත් වූ මෙම තෙල් නැව සැප්තැම්බර් 5දා ඉන්දියාවේ පරදිප් වරායට ළඟාවීමට නියමිතව තිබිණි. වසර 20ක් පැරණි මෙම නැව ලියාපදිංචි කර තිබෙන්නේ පැනමාවෙහි ය.

මීටර් 333ක් දිය මීටර් 60ක් පළල මෙම නැවෙහි ටොන් 299,986ක බොරතෙල් ගෙන යා හැකි ධාරිතාවක් තිබේ.

(මුල් ඡායාරූපය ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයකින් ලබාගන්නා ලද අලුත් ඡායාරූපයකි)

1 thought on “ගිනි ගන්නා තෙල් නැවේ බඳේ මීටර් දෙකක පැල්මක්

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: