Ampara Hospital

අම්පාර ලොව හොඳම රෝහල නැවතත් ජාතික තත්ව සම්මාන දිනයි

‍සෞඛ්‍යාරක්ෂාව සැපයීම වෙනුවෙන් රජයට අයත් අම්පාර රෝහල 2018 වසර වෙනුවෙන් ද ජාතික තත්ව සම්මාන හිමි කරගැනීමට සමත් වී තිබේ. කාර්යසාධන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය අද සවස නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපතිවරයා අතින් පිරිනැමේ.‍‍

Sinhala Tamil English Translations and Content Writing

ම‍ෙම රෝහලේ මේ වන විට ඇඳන් සංඛ්‍යාව 700කට අධික ය. කාර්ය මණ්ඩලය 1100කට වැඩි අතර වෛද්‍යවරුන් 150ක් පමණ විශේෂඥ වෛද්‍යවරුන් මේ වන විට 20කට වැඩි පිරිසක් සහ හෙද නිලධාරීන් 350කට අධික පිරිසක් මෙම රෝහලේ සේවය කරති. සී.ටී. ස්කෑන් යන්ත්‍ර ඇතුළු නවීන යන්ත්‍රවලින් අම්පාර මහ රෝහල සමන්විත ය. රෝහල් භුමිය තුළ ආපන ශාලාවක්, ඒජන්සි තැපල්හලක්, අලෙවිසලක්, රෝහල් කාර්ය මණඩලයේ දරුවන් උදෙසා දිවා සුරකුම් මධ්‍යසථානයක් සහ සංචාරක නිකේතනයක් ද පිහිටුවා තිබේ. ‍

ම‍ෙම රෝහල වත්මන් තත්වයට සංවර්ධනය කිරීම සඳහා පදනම සකසා එය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වෛද්‍ය ලංකාතිලක ජයසිංහට උපහාර හිමි විය යුතු ය. මෙම සියලු ජයග්‍රහණ සඳහා පදනම වැටුණේ 2000 වසරේදී ඔහු රෝහල් අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් පසුවයි. එස්-5 සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් මෙම වෙනස ආරම්භ කර තිබේ.

ඇමරිකාවේ සෞඛ්‍ය සහ ඵලදායිතා කළමනාකරණය පිලිබඳ ආයතනය විසින් 2014 වසරේදී ලෝකයේ හොඳම රෝහලට ප්‍රදානය කරන ජාත්‍යන්තර සම්මානය අම්පාර මහ රෝහලට ලබා දුන්නේ ය.

ආසියානු පැසිපික් තත්ත්ව සම්මානය, ජාතික ඵලදායිතා සම්මානය, ජනාධිපති සම්මානය, ජාතික තත්ත්ව සම්මානය ඇතුළු විවිධ සම්මාන 30ක් පමණ මෙම රෝහලට ලැබී තිබේ. ” මේ සියලුම සම්මාන හිමි වුයේ මගේ කැපවීම නිසා නෙමෙයි, සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම හා පළාත් සෞඛ්‍ය අයතනයෙන් ලැබුණු සහයෝගය නිසයි,” යනුවෙන් ලංකාතිලක ජයසිංහ මහතා පවසයි.

Read in English>>