Rohana Dewa Perera

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඊනියා ඉහළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ කමිටුවේ වඩාත් ම විගඩම් පත්කිරීම රෝහණ දේව පෙරේරා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තනතුරට පත්කිරීම වන අතර, පත් කර දින දෙකකින් අස් කිරීම ද සිදු වී ක්ෂණික මෝචනයෙන් රෝහණ දේව නාඩගම අවසන් විය. පහත දැක්වෙන්නේ ඔහු ගුවන් විදුලි සංස්ථාවට පත් වීමෙන් පසු පැවැත්වූ පළමු කතාවයි. ඔහු පිළිබඳ විස්තර පහත දැක්වේ.

රෝහණ දේව පෙරේරා ගැන කලා සමාජයේ කතාබහකට ලක් වී නම් ලක් වුණ එකම අවස්ථාව බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව ඇසුරෙන් හුණුවටේ නමින් නාට්‍යයක් කිරීමයි. එය හෙන්රි ජයසේන විසින් හුණුවටයේ කතාව නමින් කරන ලද අනුවර්තනය කොපි කරමින් කරන ලද්දකැයි විරෝධය පළ වූ අතර එයට හෙන්රිගේ නාට්‍ය කණ්ඩායම විසින් දක්වන ලද විරෝධය නිසා දර්ශන කීපයකින් හුණුවටේ අවසන් විය. ඔහු ශ්‍රීලන්ති නමින් ද නාට්‍යයක් නිර්මාණය කර තිබේ.

ඔහු කලක් ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ද සේවය කළේ ය. එම අතීතය මතක් කරමින් ඔහු පැවසුවේ එම කාලයේදී ගුවන් විදුලි සංස්ථාවෙන් ඔහුට වාඩිවෙන්නට පුටුවක් හෝ නොලැබුණ බවයි. තමන්ට අතන මෙතන කැරකෙමින් සිටීමට සිදු වූ බව ඔහු පැවසී ය.

ඔහු සහ ඔහුගේ බිරිඳ වන රමණි දමයන්ති විසින් තිදොර නම් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යනු ලැබේ. එය ආබාධිත දරුවන් සඳහා නාට්‍ය හා සෞන්දර්යය පුහුණුව ලබා දෙන ආයතනයකි.

ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත් කර තිබෙන පිළිතුරු ගී ගැයීමෙන් ජනප්‍රිය වූ ගායිකා සංජීවනී වීරසිංහ හා සිසිර මුණසිංහ නමැති තරුණයා සම්බන්ධයෙන් ද, නව රජය විසින් සිදු කරන ලද තවත් පත්වීම් ගණනාවක් සම්බන්ධයෙන් ද ගුවන් විදුලි සංස්ථා සේවකයන්ගේ විරෝධය එල්ල වී තිබේ. පහත දැක්වෙන්නේ අධ්‍යක්ෂිකා සංජීවනී වීරසිංහ පත්වීම සඳහා සුදුසුකම් ලබා ගත් අන්දමයි.

4 thoughts on “ගෝඨාභයගේ පත්වීම්වල හොඳම එක රෝහණ දේව නාඩගම

  1. Viyath mage udaviyata den senacimakata aththe aanduwa visin raawayata nanwanulabana sarala thorombal weda desa balamin , poddo polpithi mie haraka dkkanmin labana ghaambiera sathuta pamani .

  2. Athpudiyak nisaa yamek rassawen elawoo palamu aanduwa menma , athpudi nisaama hooraa kiepayakin putuwen visiwoo palamu minsaa viemen looka waarthagathaviema ohu leboo jayaki . Weda baara ganithdie pasekin sathutin siti diyaniyan dedenaa gena nam duk wemi .

  3. මා හිතන්නේ මෙහෙමයි.

    සමහරු කියනවා ඔහු කළ කතාව (ඇත්තටම කතාවේ මුල් කොටස පමණයි) විකාර ස්වරූපී නිසා යන්න වුණා කියා. නමුත් හේතුව ඒ විකාර ස්වරූපී කොටස නම් නොවෙයි වෙනත් කැපිල්ලක් විය යුතුයි. කොහොම වුනත්, බයි බයි කැපිලි නේ. ගාණක් නෑ, එහෙම තමයි හැටි නේද?

    අනිත් අතට තමන්ගේ තනතුර දවස් දෙකක් තියාගන්න බැරි කෙනෙකු කොහොමද ආයතනයක් පාලනය කරන්නේ?

    මං හිතන්නේ ඔහු කළ කතාවේ මේ ඉවත් කිරීමට හේතුවූවායි සැක කළ හැකි කරුණු දෙකක් තිබුණා.

    1. තනතුර විදියට ඔහු ඇඳීම නොව ඔහුගේ ඇඳුම විදියට සංස්ථාව හදන බව පැවසීම
    https://youtu.be/gNMD5DQ98zw?t=424

    2. දේශපානය සංස්ථාවට ගෙන්න එපාය කීම. පොහොට්ටු දේශපාලනය කිරීමට නම් සංස්ථාවෙන් (අස්වී) නෙළුම් මාවතට යන්න යැයි කීම
    https://youtu.be/gNMD5DQ98zw?t=520

    • Nirdeasapalanieyakaranaya boho denek akemethi samaajayaka rassawa gahalagiya menma rekiyaawen palaagiya aththo boho wethi .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: