ගුරුවරුන් කොරෝනා බෝකරනවාද?

මේ දිනවල දිවයින පුරා ගුරු උද්ඝෝෂණ පැවැත්වේ. මෙම උද්ඝෝෂණ මගින් කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙන බව ආණ්ඩුවේ හිතවත් පාර්ශ්ව විසින් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබේ.
සිදුවන කොරෝනා මරණවලින් වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි අය බව ද, එසේම විවිධ රෝගවලින් පෙළෙන අය බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය සමන්ත හේරත් පැවසීය. අගෝස්තු 4දා සිදුවූ මරණ 82න් වයස අවුරුදු 30ට අඩු මරණ සිදුවූයේ එකක් පමණක් බව ද ඔහු පැවසීය. මියගිය අයගෙන් 60 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 22 දෙනෙක්ද වෙති.
මියගිය අය අතර ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූවන් හෝ ගුරුවරුන්ගේ පවුල්වල අය විශේෂයෙන් ඇතුළත් වන බව වාර්තා වී නැත.
මේ වන විට, ශ්‍රී ලංකාව තුළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව විශේෂඥ වෛද්‍ය සංගමය පවා පවසයි. කොවිඩ් රෝගීන් ඉතා සුළු ප්‍රමාණයක් වාර්තා වූ 2020 මාර්තු මාසයේ සිට මාස ගණනක් රට වසාගෙන මහ මැතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් ආර්ථිකය විනාශවන්නට ඉඩහළ ආණ්ඩුව ආර්ථිකය සක්‍රිය කරන්නට පටන් ගන්නේ කොවිඩ් ව්‍යාප්තිය අධික වී පැයකට කොවිඩ් මරණ තුනක් පමණ වාර්තා වන පසුබිමක් තුළයි. කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුවට මුල සිටම සැලැස්මක් තිබුණේ නැති බව හා තවමත් නැති බව ද පැහැදිලිය. ආණ්ඩුව කරන්නේ එන එන හැටියට උළුවස්ස ගසන මකබාස් වැඩකි. පැණි කාලෙට පැණි ද, එන්නත් කාලෙට එන්නත් ද ප්‍රවර්ධනය කිරීම රඹුටන් කාලෙට රඹුටන් හා දූරියන් කාලෙට දූරියන් විකිණීමට වඩා වෙනස් නැත.
මේ අතර, ගුරු ,විදුහල්පති උද්ඝෝෂණයෙන් පසුව නිවසට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ සඟවා රඳවා තබන ලද 44 දෙනා කොවිඩ් ආසාදිතයන් නොවන බවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා මගින් හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. අත්අඩංගුවට ගත් 44 දෙනා අතර ගුරුවරුන් 22ක්, ගුරුවරියන් 16ක් සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටින බව ද අජිත් රෝහණ පැවසීය. මීට පෙර ද උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගත් කිසිවෙකුට කොවිඩ් වැළඳී තිබුණේ නැත. උද්ඝෝෂණ මර්දනය නිසා පොලිසියට කොවිඩ් හැදුණු බවක්වත් වාර්තා වූයේ නැත.
උද්ඝෝෂණ පැවැත්වෙන්නේ එළිමහන් ස්ථානවල වන අතර ඒවාට සහභාගී වන අය සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන බව පෙනේ.
ගුරු උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා නිර්මාණය කරන ලද කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ තර්කය කිසිදු සාක්ෂි මත පදනම් නොවූ බොරුවක් බව මෙයින් පෙනේ.
මේ ලිපියත් කියවන්න:
ගුරු අරගලයේ දේශපාලනික වැදගත්කම

Poloci ho hanudawan yodaa mea dinawala koranna hadana mardhane , athiesaareta amude thadakalaa veni bawa langadiema kaata kaatath wetahiemata boho idak etha .
Aandwa den yanne , nai haami ringuo aggala malla kare ellagenaya .
Podi daruwath thurul karagena maha wesse udhgosaneta sahabhaagi wenayaaya kiyanne , balen nowa bokkenma aawaaya kiyaaya !