turmeric: cartoon by Ajith Perakum Jayasinghe

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් වන මූඩීස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තල දෙකකින් පහත දැමීමත් සමග රට ණය අර්බුදයක මුවවිටට තල්ලු වී තිබේ.

Translations by Creative Content Consultants

මූඩීස් විසින් ශ්‍රී ලංකාව “B2” (ඉහළ ණය අවදානම) සිට “Caa1” (ඉතා ඉහළ ණය අවදානම) දක්වා පහත දමා තිබේ. ඒ සමගම ශ්‍රී ලංකාව විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ලබාගන්නා ණයවලට ගෙවිය යුතු පොළී අනුපාතික ද වැඩි වනු ඇත.

ශ්‍රී ලංකාව වැඩිපුර ම විදේශ ණය ලබාගන්නේ ණය ගෙවීමට වන අතර ණය ආපසු ගෙවීමේ අවදානම මෙයින් තවත් වැඩි වී තිබේ.

2020 සිට 2025 අතර කාලය තුළ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන හතරක ණය ආපසු ගෙවිය යුතුය. එය රුපියල් කෝටිවලින් 80,000ක් පමණ වේ.

ශ්‍රී ලංකාව මූඩීස් ණය ශ්‍රේණිගත කිරීම ප්‍රතික්ෂේප කරයි. රජය පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව ඉහළ බව ඔප්පු කර තිබෙන බවකි. අගෝස්තු අග වන විට රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.4ක් බව හා මේ වන විට අපනයන ආදායම මසකට ඩොලර් බිලියනයක් වන කොරෝනාවලට පෙර පැවති තත්වයට පත් වී තිබෙන බව රජය පවසයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ලබන මාසයේ ගෙවීමට තිබෙන ඩොලර් බිලියනයක ණය ගෙවීම සඳහා විදේශ සංචිත ලබාගන්නා නිසා බාහිර ආරක්ෂාව තවත් දුර්වල වනු ඇති බවයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020 මාර්තු සිට ජූනි දක්වා ආණ්ඩුව පැනවූ ඇඳිරි නීති නිසා ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු විය.

මේ වන විට, ආණ්ඩුව වාහන ඇතුළු සුඛෝපභෝගී යයි කියන භාණ්ඩ රැසක් ආනයනය තහනම් කිරීම මගින් යම් දුරකට අයවැය පරතරය පාලනය කරගෙන තිබේ.

Translations

2 thoughts on “ශ්‍රී ලංකාව ‘ඉතා ඉහළ ණය අවදානමක්’ ඇති රටක් ලෙස නම් වීමෙන් ණය ගැනීම අති දුෂ්කර වෙයි

  1. Mea kisiwak nodath ho nodannase ho sitina , prakata bahutharaya anaagatha Keathumathiyaka sihina dakimin sitithi !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: