ලංකාවෙන් තෙල් හම්බ වෙයිද?

භූ කම්පන සමීක්ෂණ (seismic data) මත පදනම්ව, රටේ උතුරු වෙරළට ඔබ්බෙන් වර්ග කිලෝමීටර් 30,000 ක ප්‍රදේශයක තෙල් සම්පත් බැරල් මිලියනයකට වඩා ඇති බව ශ්‍රී ලංකා රජය ඇස්තමේන්තු කරයි.
ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ගවේෂණ සඳහා ජාත්‍යන්තර බලපත්‍ර පිරිනැමීම 2007 දී පළමු වරට පැවැත්වූ අතර, ඉන්දියානු සමාගමකට එක් ගවේෂණ බිම් කට්ටියක් පිරිනමන ලදී. 2015 දී තෙල් මිල පහත වැටුණු විට එම ඉන්දියානු සමාගම ඉවත් විය.
2019 දී, තෙල් නිෂ්පාදනය සඳහා හැකියාව අධ්‍යයනය කිරීම සඳහා ප්‍රංශ සහ නෝර්වීජියානු සමාගම් දෙකකට බිම් කට්ටි පිරිනමන ලදි.
රටට අත්‍යවශ්‍ය ආයෝජන ගෙන මේ අරමුණින් විදේශීය සමාගම් සඳහා දිවයින වටා සාගර බිම් කට්ටි 900ක් සඳහා තෙල් හා ගෑස් ගවේෂණය කිරීම සඳහා වසර දෙකක බලපත්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව රාජ්‍ය ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම පසුගිය බ්‍රහස්පතින්දා රොයිටර් වෙත පැවසීය.
සමාගම් දෙකක් දැනටමත් දැඩි උනන්දුවක් ප්‍රකාශ කර ඇති අතර, ගවේෂණ බලපත්‍ර සඳහා සාකච්ඡා කිරීම සඳහා යෝජනා (RFPs) සඳහා ඉල්ලීම් නුදුරේදීම නිකුත් කරන බවත් ඔහු පැවසීය.
පවතින සාකච්ඡා රහසිගත බැවින් සමාගම් නම් කිරීම මෙම නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරන ලද මුත්, සාකච්ඡා පිළිබඳ සෘජු දැනුමක් ඇති නම් නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් Offshore Engineer වෙබ් අඩවිය පැවසුවේ ඉන්දියාවේ රාජ්‍ය තෙල් ගවේෂකයාගේ විදේශීය අංශය වන ONGC Videsh Limited (OVL) ශ්‍රී ලංකාවේ උතුරු සහ වයඹ වෙරළ තීරයේ බහුවිධ කොටස් ගවේෂණය කිරීමට උත්සාහ කරන බවයි.

රට ගොඩ යනවා නම් රටට යහපතක් වෙනවා නම් ජනතාව කැපවීම් කරන්නට සූදානම්ය. මේ රටේ මිනිස්සු ඉතිහාසය පුරාම එවැනි ආදර්ශයක් රට හමුවේ තබා තිබේ. එහිදී ඉතා වැදගත්
පළමු කොන්දේසියක් තිබේ. ‘‘ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට’’ යනුවෙන් සුභාෂිතයේ කවියක් තිබේ. එයින් කියැවෙන්නේ ජනතාවගෙන් කැපවීම් කරන ලෙස ඉල්ලන්නට පෙර පාලකයන් කැපවීම් සිදුකර පෙන්විය යුතු බවය. අපට කියන්නට සිදු වී තිබෙන්නේ ජනතාවට තිත්ත කසාය පොවනවා නම් නුඹලාත් තිත්ත කසාය බීපල්ලා කියාය.
රට අර්බුදයට ගියා කියා මේ රටේ පාලකයන් මහජන මුදල් කාබාසිනියා කරමින් ගත කරන සුඛෝපභෝගී ජීවන රටාව දශමයකින් හෝ වෙනස් කළේ නැත. ශ්‍රී ලංකාව වූ කලී මැති ඇමැතිවරු ජල බිල්, විදුලි බිල් නොගෙවන රටකි. ඇමැතිවරු වැඩි පිරිසක් තමන්ගේ ගෙවල් කුලියට දී රජයේ නිල නිවාසවල ජීවත් වන්නෝය. ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිල නිලධාරීන්ගෙන් හරි අඩක්ම යොදවා තිබෙන්නේ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාවටය. රට බංකොලොත් වුණා කියා පාලක පෙළැන්තියේ දීමනා වරප්‍රසාද තව තවත් වැඩි කරගත්තා මිස අඩු කළේ නැත. ඔවුන් හරියට කක්කුට්ටන් මෙනි. තමන් ඇදේට ගමන් කරන ගමන් සෙස්සන්ට කෙළින් යන්නට පාඩම් උගන්වති. ඒ නිසා ප්‍රථමයෙන් කළ යුත්තේ පාලකයන් සඳලුතලවලින් බිමට බැස අර්බුදයට කර ගැසීමය. ඔවුන් වයින් වීදුරුවක් අතින් ගෙන ජනතාවට තිත්ත කසාය පොවන්නට ගියොත් ජනතාව 2022 ඉගැන්වූ පාඩම යළිත් උගන්වනු ඇත