අම්පිටියේ සුමනරතන හිමි ආර්ථිකයට දෙන දායකත්වය සුළුපටු ද?

අම්පිටියේ සුමනරතන භික්ෂුව රඟපා, ප්‍රචාරය කරනු ලබන ප්‍රචණ්ඩ වීඩියෝ දර්ශන සිංහල බුද්ධාගමට අපහාසයක් යයි අපි නොකියමු. සිංහල බුද්ධාගම යනු සිංහල ජනතාවට අලෙවි කිරීමට ඇති දේශපාලන දර්ශනයක් මිස සෙසු ජාතීන්ට අදාළ දෙයක් නොවේ. එය බුදුන්ගේ බුදු දහම සමග පටලවා ගත යුතු නැත.
අම්පිටියේ සුමනරතන භික්ෂුවගේ ප්‍රචණ්ඩ ක්‍රියා ආර්ථික වශයෙන් ඉතා දේශප්‍රේමී ය. එම ක්‍රියා ආර්ථිකයට කරන සේවය සුළුපටු නොවේ. මෙම භික්ෂුවට හා එවැනි වෙනත් ප්‍රචණ්ඩ භික්ෂූන්ට ද, ඩෑන් ප්‍රියසාද් වැනි සෙසු මෙවැන්නන්ට ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ සල්ලි එවති. මේ අය එයින් කාලා ඇඳලා හිටියාට ඔවුන් නීතියඉදිරියේ අවදානමක් ගනිති. කෙසේ වෙතත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය අප කාටත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය ය.
මෙවැනි භික්ෂූන් මෙන් ම ඩෑන් ප්‍රියසාද් වැනි ගිහියන් ද වැඩි වැඩියෙන් මෙම විදේශ විනිමය උත්පාදන මාර්ගයට පිවිසෙන නිසා විදේශගත ශ්‍රී ලාංකිකයෝ වැඩි වැඩියෙන් ලංකාවට මුදල් එවති.
මේ විදේශ විනිමය ප්‍රවාහය එතනින් නතර වන්නේ නැත. කණේ පාරක් දෙකක් කෑ විට මෙම ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන්ට විදේශ සල්ලි වැක්කෙරෙන්නට පටන් ගනියි. ඒ නිසා ඔවුන්ට තව තවත් පිරිස් තම ආගම වෙත හරවාගැනීමට හැකි වේ. අම්පිටියේ සුමන භික්ෂුව වැනි අයට තව තවත් කණේ පාරවල් එල්ල කළ හැකි ය. රටට ලැබෙන්නේ මේ මොහොතේ අත්‍යවශ්‍ය විදේශ විනිමයයි.
විදේශ විනිමය ප්‍රවාහය එතනින් ද නවතින්නේ නැත. මෙම ඉවැන්ජලික නිකායන් නිසා අභියෝගයට ලක් වී තිබෙන ගතානුගතික කතෝලික, ඇංග්ලිකන්, රෙපරමාදු ආදී පල්ලිවලට ද ආධාර වැසි වසී.
මෙම විදේශ විනිමය ප්‍රවාහය එතනින් ද නවතින්නේ නැත. සුළු ජාතිකයන් පීඩාවට පත් වන තරමට දෙමළ ඩයස්පෝරාව ද ජාතිවාදී දේශපාලනය සඳහා මුදල් පොම්ප කිරීම වැඩි කරති. මොන මගුල වුණත්, ඒ එන්නේ රටට මේ මොහොතේ නැතුවම බැරි විදේශ විනිමයයි.
මෙම විදේශ විනිමය ප්‍රවාහය එතනින් ද නතර වන්නේ නැත. ලංකාවේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන තරමට රාජ්‍ය නොවන සංවිධානවලට සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා විදේශ ආධාර ද ලබාගත හැකි ය.
සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය මුදල් උපදවන්නේ නැත. ප්‍රචණ්ඩත්වය හා වෛරයට සල්ලි ලාච්චු අරින්නට පුළුවන. බල්ලන් මරා හම්බ කළත්, විදේශ විනිමය බුරන්නේ නැත. මේ සියල්ලෙන් අපි සියල්ලෝ ම වාසි ලබන නිසා අයින් වෙලා පයින් යාම යෙහෙකි.
Aagam yanu athisaya pawdhgalika adahiem sanskruthiyaki . Ema sanskruthiye aithikaruwo paaramparika polmakkara praveni saadakayai . Meya hariheti therum nogaththo pissu kelithi . Ugathhuo balaa sitithi . Ae samaharavita jievithayata athi aasaawa nisaa viya heka .
Agamak muwaaven pissu nokelina haamuduruwarunata upahaaraya wethwa !
Yadamin bendi bohodea novisira pawathinne yadama diraapath wanathuru pamani . Yamak novisirenasulu nam yadam awassya nowe .