Condom

‘ගණිකා වෘත්තිය’ නීතිගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ගණිකා වෘත්තිය කියන වචනෙම තියෙන්නෙ නිශේධාත්මක අර්ථයක්. ඒක විශේෂයෙන් ස්ත්‍රී ලිංගික සේවිකාවන් පිළිකුල් කරන වචනයක්. ගණිකා වෘත්තිය නීතිගත කරනවාය කියන එකම විකාර කතාවක්. වෙනත් ඕනෑම සේවාවක් වගේම ලිංගික සේවා සැපයීමත් සාමාන්‍ය දෙයක් වෙන්න ඕනැ. ඒකට නීතිමය බාධාවක් තියෙනවා නම්Continue Reading

Pavithra Wanniarachchi kissing Chinese COVID-19 patient

වසංගත පාලනය සඳහා අවශ්‍ය නීති රීති දැඩිව අනුගමනය කිරීම සම්බන්ධයෙන් කිසිවකු විරුද්ධ විය යුතු නැත. එහෙත්, මර්දනය සඳහා කොවිඩ්-19 වසංගතයට ආවරණය වීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුය. කොවිඩ් සම්බන්ධ භීතිකාවන් පැතිරවීමට පුරවැසියන් උදව් නොකළ යුතුය. එහෙත්, වසංගතය පාලනය කරගැනීමට හැකි සෑම දායකත්වයක්ම ලබාදිය යුතුය.Continue Reading

sexism

අජිත් පැරකුම් ජයසිංහ– Praja.lk පොහොට්ටුවේ මහින්දානන්ද, තිස්සකුට්ටිආරච්ච් වගේ මන්ත්‍රීලා ඇයි තාමත් ගෑනුන්ට වම්බටු වගේ පරණ ජෝක් කරන්නෙ? උන් සෙක්සිසම් සම්බන්ධයෙන් පවා අප්ඩේටඩ් නැති, ඒකටවත් නිර්මාණශීලීත්වයක් නැති කට්ටියක් නේද? ඔය වම්බටු ගහල පලාගන්න කතාව මට මීට අවුරුදු 25කට විතර උඩදි පෙම්වතියක් තමයි කියල දුන්නෙ. එයා කිව්වෙ පොලක බඩු විකුණන්න කෑගහපු හැටිContinue Reading

gotabaya rajapaksa in organic farm

සහනාධාර දෙන්නට අවශ්‍ය නම් පොහොර වැනි යෙදවුම්වලින් නොදී ඵලදායිතා ඉලක්ක මත පදනම්ව නිසි ලෙස ඉලක්ක කර ලබාදිය හැකිය. කෘෂි සහනාධාර හා දිළිඳු සහනාධාර පටලාගත යුතු නැත. ගොවියා යනු දිළින්දෙකැයි සලකා කටයුතු නොකළ යුතුය. ගොවියාගේ ව්‍යවසායකත්වය නැංවිය යුතුය. දිළිඳු සහනාධාර වෙනම කළමනාකරණය කළ යුතුය.Continue Reading

Mahinda and Gotabaya

ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ආකර්ශනීය කරගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට රජය සමත්වන බවක් දක්නට නොලැබේ. දිනෙන් දිනම රටෙහි අරාජිකත්වය වර්ධනය වෙමින් තිබේ. මේ වන විටත් මහජන විරෝධය රජයේ මර්දන හැකියාවට දරාගත හැකි සීමාවෙන් ඔබ්බට විහිදී තිබේ. Continue Reading

Sri Lankan teachers

මේ ජයග්‍රහණයත් සමග ගුරුවරුන් ලෙස කොන්ද කෙළින් තබාගෙන වැඩකරන්නට ලැබුණු අවස්ථාව විනාශ කර නොගත යුතුයි. ගුරුවරුන් දෙවියන් වැනි පිරිසකැයි යන මිථ්‍යාව අත්හැරිය යුතුයි. සිසුන් ලවා අනවශ්‍ය අන්දමින් වන්දවාගනිමින් අනාගත පරම්පරාවේ කොන්ද බිඳදැමීමේ සිට පාසල්වල කරන දහසකුත් එකක් විකාර නවත්වා යහපත්, නිර්මාණශීලී අනාගත පරපුරක් ගොඩනැගීම වෙත අවධානය යොමුකරන්නට ගුරුවරුන්ට සමාජයෙන් ශක්තිය හා ධෛර්යය ලැබිය යුතුයි.Continue Reading

Gotabhaya-with-BBS

‘එක රටක් – එක නීතියක්’ යන සංකල්පය කොහොමත් ක්‍රියාත්මක නොවන තත්වයක් වන්නේ ධනවත්කම හා බලවත්කමයි. උදාහරණයක් ලෙස, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්වී සිටි දුමින්ද සිල්වාට ලැබෙන ජනාධිපති සමාව දිළිඳු සාමාන්‍ය පුරවැසියකුට කිසි කලෙක ලැබෙන්නේ නැත. Continue Reading

gotabaya rajapaksa in organic farm

රසායනික විරෝධයම කිසිම තේරුමක් නැති තුට්ටු දෙකේ අදහසක්. ලෝක ජනගහනය වර්ධනය වුණේම රසායනික ද්‍රව්‍ය වන ඖෂධයි, කෘෂි රසායනික භාවිතා කරමින් කරපු ආහාර නිෂ්පාදනයයි නිසා. ජනගහනය වර්ධනය වෙන අතරෙ උපතේදී ආයු අපේක්ෂාවත් වර්ධනය වුණ බව අප අමතක නොකළ යුතුයි. නූතන මිනිසා හා සමාජය කියන්නෙ විද්‍යාවෙ ජයග්‍රහණයක්. සොබාදහමේ පසුබැසීමක්.Continue Reading

Gotabaya on wall

පරිපූර්ණ කාබනික ගොවිතැන ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. දැනටත් රජය පාලනයක් සහිතව කෘෂි රසායනික සඳහා අවසර ලබාදී තිබේ. කෙසේ වෙතත්, ඊනියා රසායනික විරෝධය කෘෂිකර්මාන්තයේ සිදුවන පරිවර්තනයට මනා ආවරණයක් සපයයි. එමගින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රමය මුළුමනින්ම විනාශ කර අලුතින් ප්‍රතිව්‍යූහගත කරනු ඇත. එය අත්‍යවශ්‍ය, විප්ලවීය පියවරකි. එහෙත්, එය අතිශය වේදනාකාරීය. වෙනස කොහොමත් අමාරු දෙයකි. ඇතැම්විට එය දැන් අප සිතන තරම් දුෂ්කර නොවන්නට ද පුළුවන. කෙසේ වෙතත්, අප වෙනසට විරුද්ධ විය යුත්තේ ඇයි? Continue Reading