Cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය කියන්නෙ ජනාධිපතිකමක් දරන්න තරම් නායකත්ව පෞරුෂයක් තියෙන කෙනෙකු නෙමෙයි. ඔහුට කලින් ජනාධිපති වූ සිරිසේන පවා ජාමෙ බේරගන්න හැටිවත් දැනගෙන හිටියා. ගෝටා ගැන කියන්න පුළුවන් සිංදු කෑල්ලක් කපුගේගෙ සිංදුවක තියෙනවා. “ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකය අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක්Continue Reading

Change and Chance

2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද යන් පිළිබඳ පැහැදිලි විග්‍රහයක් අපට තිබේද? ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය ධනවාදය, නව ලිබරල්වාදය, විවෘත ආර්ථිකය වැනි සරලමතික සංකල්ප ඔස්සේ විග්‍රහ කරනු දක්නට ලැබේ. එවැනි තත්වයක් තුළ ගොඩනැගීමට අපේක්ෂා කරන ක්‍රමය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නැති වීම පුදුම විය යුතු තත්වයක් නොවේ.Continue Reading

Rohitha Rajapaksa wedding

අජිත් පැරකුම් ජයසිංහ රාජපක්ෂ පවුලට බනින එක හරි ආතල්. හැබැයි, ඒකෙ තියෙන ගැටලුව රටෙන් යැපුණු අතිවිශාල පිරිසක් ඔය රාජපක්ෂ පවුලට මුවාවීම. රටේ ජනගහනයෙන් 30%ක්වත් යැපෙන්නෙ රජයෙන්. ඒ කියන්නෙ ඍජු රජයේ සේවකයන්, හමුදා, විශ්‍රාමිකයන් හා රාජ්‍ය ව්‍යවසායවල වැඩකරන පිරිස වන ලක්ෂ 22ක් ඉන්නවා (මූලාශ්‍රය කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්). එතනම රටේContinue Reading

Galleface family

මාත් කාලයක් මතුගමටත් එහා ඉඳන් යතුරුපැදියක සිට මතුගම ටවුමටත්, බසයේ කලුතරටත්, කෝච්චියේ බම්බලපිටියටත්, පයින් තුන්මුල්ලටත් වශයෙන් රස්සාවට ගියා. ඇතැම් දවස්වල කාර්යාලයේ හවස් වෙනකල් වැඩ තිබුණා. හවස හත පහුවුණාම ටැක්සියකින් ගෙදර යාමේ වරප්‍රසාදයක් අපට තිබුණා. ඒ වුණාට ඒක නාස්තිකාර වැඩක්.Continue Reading

Sri Lanka Railway

අජිත් පැරකුම් ජයසිංහ, 2022-08-14 අනිද්දා සමබිම අතිරේකයෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා සහන ණයක් ලබාදීමේදී ශ්‍රී ලංකාවට මුහුණදෙන්නට සිදුවන කොන්දේසි පිළිබඳ විවිධ අදහස් පළවනු දැකිය හැකිය. එහිදී නියත වශයෙන්ම සිදුවන්නේ රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට නියම කිරීම බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපතිContinue Reading

instagram photo

පිංතූර බොරු කියන්නේ නැත. එසේම, සම්පූර්ණ කතාවම කියන්නේ ද නැත. පිංතූර වනාහි පසුවන කාලයේ වාර්තාකරණයක් හා බාහිර සාක්ෂියක් පමණි.Continue Reading

blood in hand

රටේ නීති කඩන තරමට හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්නට තරම් ශක්තිමත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියක් මේ රටේ නැහැ. රටේ මිනිසුන් නීතිය ක්‍රියාත්මක කරන්නට උපකාර කරන්නෙත් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන අයත් දූෂිතයි. ඒ නිසා ලංකාවෙ නීතිය ක්‍රියාත්මක කරනවාය කියන්නෙ හොරා පොලිස් සෙල්ලමක්.Continue Reading

Ranil

1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. 1977 ආණ්ඩු පෙරළියේ දී හයෙන් පහේ බලයක් අරගෙන ආණ්ඩුවක් හදලා රට ගොඩනැගුවා. හැබැයි දැන් හයෙන් පහක බලයකින්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනගන්න බැහැ. එකම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණයි.Continue Reading

වී වෙනුවට රෝස

ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට දිගු කලක් තිස්සේ විද්වතුන් උපදෙස් දෙමින් සිටියත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ප්‍රධානීන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැනි අය සිටියේ එය අවශ්‍ය නැතිය යන ස්ථාවරයේය. කෙසේ වෙතත්, අවසානයේදී පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියාය.Continue Reading

Matugama Pizza Hut

රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජා.මු.අ. වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.Continue Reading