සකසුරුවම හා කුම්මැහිකම
ලංකාව පවතින්නේ ආර්ථික අර්බුදයකය. ඒ නිසා සකසුරුවම්කම ඉතා වැදගත්ය. ඉංග්‍රීසියෙන් austerity යයි කියන්නේ එයටය. එහෙත්, අප කුම්මැහියන් නොවිය යුතුය.Continue Reading
ලංකාව පවතින්නේ ආර්ථික අර්බුදයකය. ඒ නිසා සකසුරුවම්කම ඉතා වැදගත්ය. ඉංග්‍රීසියෙන් austerity යයි කියන්නේ එයටය. එහෙත්, අප කුම්මැහියන් නොවිය යුතුය.Continue Reading
ලංකාව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මූලික කාරණයක් වන්නේ ණය හා පොළී ගෙවීමට යන වියදම අත්හළ විට රජයේ ආදායම් හා වියදම් අතර පරතරය +2%ක් මට්ටමට වැඩි කරන බවයි. මෙය දැන් -4%කට වැඩිය. අවුරුදු තුනක් ඇතුළත ඉහත දක්වන ඉලක්කයට යාමට නම් රජය වියදම් අඩු කරමින් ආදායම් වැඩි කරගත යුතුය. බදු ආදායම් අඩු කරමින් මෙම ඉලක්කයට යා නොහැකිය. රු. 40,000ට මඳක් වැඩි ආදායම් ඇති සැමගෙන් බදු අය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඉහත කී සංදර්භය තුළයි. නැතිනම්, ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ගොඩනැගෙන්නේ නැත.Continue Reading
හැරී අබේගුණවර්ධන ඉපදුනේ 1917දී වන අතර ඔහුගේ සැබෑ නම හෙන්රි ඩයස් අබේගුණවර්ධනයි. 1ඔහු 1948-1949 සමය තුළ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තනතුර වන ප්‍රධාන ලේකම් තනතුරට ද පත්විය. සිංහල, ඉංගී්‍රසි, පාලි, සංස්කෘත හා ලතින් භාෂා පිළිබඳ ගැඹුරු දැනුමක් තිබූ හැරී අබේගුණවර්ධනගේ නායකත්වයෙන් කම්කරු අරගල ගණනාවක් එම වකවානුව තුළ දියත් විය. මින් ‘ගස්නාව අරගලය’ කම්කරු පන්ති ඉතිහාසයට එක්වූ ප්‍රචණ්ඩ අරගලයක් ලෙස සැලකේ. නෙලුන්දෙනියේ ගස්නාව වත්තේ පැවැති වැඩවර්ජනය කෙළවර වූයේ එම වත්ත වතු කම්කරුවන්ගේ පාලනයට ගනිමිනි.Continue Reading
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට වැඩිදියුණු කළ සනීපාරක්ෂක ආවරණය ලැබෙන මුත්, නල මාර්ගයෙන් මළාපවහනයට ප්‍රවේශය තිබෙන්නේ ජනගහනයෙන් 2% කට පමණක් බව ශ්‍රී ලංකාවේ වඩත් මෑතදී සිදුකරන ලද ජනගහන සෞඛ්‍ය සමීක්ෂණය (DHS) පෙන්වා දෙයි. ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අරමුදල් වෙන් කළ ද මළ බැහැර කිරීමේ පහසුකම් වැඩි කිරීමට ශ්‍රී ලංකාව මුදල් වැය කරන්නේ අඩුවෙන් බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව, සංස්කෘතික කාරණයක් විය හැකිය. Continue Reading
ඇත්තම කිව්වොත්, ජාතික ප්‍රශ්නය හෝ ජාතීන්ගේ ප්‍රශ්නය කියන එක දැන් විසඳුවොත් සිදුවන්නේ මළ කෙළියකි. ජාතික ප්‍රශ්නයට විසඳුම් නොදීම මත පදනම් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව වටා නිර්මාණය වූ විශාල වෘත්තික, රාජ්‍ය හා රාජ්‍ය නොවන ව්‍යාපෘති බිස්නස් ජාලයක් එයින් බිඳවැටේ. කොටින්ම ඔය ගැන යාතිකා කියන්නට, පොල් ගහන්නට අවුරුදු පතා ජිනීවා යන වන්දනා ගමනට මොකක් වේද? එපමණක් නොව, දෙමළ ඩයස්පෝරාවේ අරමුදල් සම්පාදනයේ සිට දේශපාලන රැකවරණ දක්වා තවත් ව්‍යාපාර රැසක් මෙමගින් අර්බුදයට පත්වේ. එසේම, තමිල්නාඩුවේ, කැනඩාවේ, එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ඡන්දවලදී කතා පවත්වන්නට ලංකාවේ දෙමළ ප්‍රශ්නයක් නැති වේ. එසේම කොටි ආපහු නැගිටින්නට ඉඩ තියෙන අවදානම නැති වී යුද්ධයක සේයාව නැතුව ලංකාවට මාර පාළුවක් දැනෙනු ඇත. හාමුදුරුවන්ට රට ජාතිය ආගම නැතුව බණ කියන්නට සිදුවී අන්තිමට බණ බුදුන් වදාළ ධර්මයට සීමා වී බෝරිං ද වනු ඇත. Continue Reading
ශ්‍රී ලංකා රාජ්‍යය නිර්මාණය එළිපිටම සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුක්ත වූ අතර, එහි යටිතලයේ ආගමික ආධිපත්‍යයක් මෙන්ම, කුල ආධිපත්‍යයක් ද දක්නට ලැබේ. බෞද්ධ ආගමික ආධිපත්‍යය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලදි. කුලය පිළිබඳ සාධකය අහෝසි නොවී පවතී. එහෙත්, විවෘතව සාකච්ඡා කරන්නේ නැත. එසේම, දේශපාලන ආධිපත්‍යය පැහැදිලිවම පිරිමි මූලිකය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10%ක මට්ටමටවත් ළඟාකරගැනීම දුෂ්කර වී තිබේ. Continue Reading
මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට කරපු දේ. ඒක හැක් කරලා, ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරලා, වහාම රිපෝට් කළා. බෑන් කරන්නට ඉතා කෙටි කාලයයි ගතවෙන්නෙ. ඒ අතරවාරයේ මිතුරෙකු ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මේ. මේක තමයි මේ මොහොතේ තියෙන ප්‍රචණ්ඩත්වයේ තත්වය. ඒක හෙට වෙනකොට ශාරීරික ප්‍රචණ්ඩත්වයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්.Continue Reading
අනිත් පැත්තෙන් මචං,
පුංචි ඡන්දෙ දියල්ලා, ඒකෙන් ජන මතේ පෙන්නනවා. ඊළඟට පාරට බහිනවා. මහ ඡන්දේ බලෙන් තියෝනවා. ( 2023 ට ඡන්ද දෙකක සංග්‍රහයක් හිඟා කන රටට ) අපි දිනනවා. කියන අයගේ මොරාල් බහිනවා.
සජබ ජවිපෙ දෙකේ දැන් පුංචි එක, ඊළඟට ලොකු එක, කියන ලොකු සීන් එකේ හිටියේ. ඒක ඉවර වෙනවා.Continue Reading
2022 මැයි 09 වනදා අරලියගහ මන්දිරයට සෙනග ප්‍රවාහනය කර ආපසු යන අවස්ථාවේ බස් රථවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බස්රථ 50ක් පමණ විනාශ වූ බව ද, එයින් 38ක් මුළුමනින්ම විනාශ කරදමන ලද බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේය.Continue Reading
මෙම පනත අනුව මැතිවරණයට නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාවට තීරණයකළ හැකිය. ඒ අනුව, මෙම මෙම පළාත් පාලන මැතිවරණයේදී එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රු. 20ක් බව ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පවසයි. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us