Ranil

මේ වන විට ආණ්ඩුව විසින් සාර්ථක ලෙස කරන ලද පරිවර්තන කීපයක් තිබේ. ඉන්ධන, විදුලිය වැනි සහනාධාර මිල රඳා පැවති භාණ්ඩ සඳහා පිරිවැය අනුව මිල ගණනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම, බදු ප්‍රතිසංස්කරණ, අස්වැසුම හා දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම එවැනි වේදනාකාරී, එහෙත්, සාර්ථකව තබන ලද පියවර කීපයකි. ඒ ඔස්සේ සමාජයේ සිදුවන පරිවර්තනය විප්ලවීය එකකි. මෙම පරිවර්තන හමුවේ පැරණි තත්වයන් රැකගැනීමට යත්න දරණ ඊනියා විප්ලවවාදීන් නිරුවත් වීම ද සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය දෙයකි.Continue Reading

Wajira Abewardana

රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි. Continue Reading

telangana

තෙලන්ගානා ප්‍රාන්තය විදේශීය ආයෝජකයින් සඳහා ඉතා ආකර්ශනීය ව්‍යාපාරික රාමුවක් ක්‍රියාත්මක කර ඇත. කැපී පෙනෙන උදාහරණයක් වන්නේ Apple සමාගම Foxconn සමඟ හවුල්කාරිත්වයයි. එහිදී ඔවුන් තෙලන්ගානාහි ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කළ අතර එය සෘජු රැකියා 25,000 ක් නිර්මාණය කිරීමට හේතු විය.Continue Reading

to sir with love

ඩෙස්පුටු සීලිමේ එල්ලන එක නරකම නැත. මෙම තත්වය වෙනස් නොකර තිබුණොත්, සමහර විට වහලේ කකුල් දෙකෙන් එල්ලන්නට ඉඩ ඇත්තේ සර්ලා, මැඩම්ලාවය.Continue Reading

Aswesuma

කෙසේ වෙතත්, 2022 ජුලි මාසයේ ආරම්භ වන අස්වැසුම වැඩසටහන ලංකාවේ දිළිඳුභාවය පිටුදැකීමේ ක්‍රියාවලියෙහි වැදගත් සන්ධිස්ථානයක් පමණි. නිසි පරිදි සන්නිවේදනය සිදු නොවීම නිසා හා වැරදි ප්‍රචාරයන්ට ගොදුරු වීම නිසා මේ වන විටත් සහනාධාර ලැබිය යුතු පිරිසක් මගහැරී ඇති බව පෙනේ. එබැවින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු එහි අඩුපාඩු නිවැරදි කරගැනීමට නැවත විවෘත වීම අවශ්‍යය.Continue Reading

Aragalaya art

ෆේස්බුක් හිපාටුවන්ට කළ හැකි කැකිරි ගෙඩියක් නැත. මෙම අවකාශය තිබෙන්නේ දේශපාලනික හස්ත සංසර්ගයට පමණක් බැවින් පහත තිබෙන කමෙන්ට් තීරුවෙහි කරුණාකර ඔබේ ශුක්‍ර මෝචනය සිදුකර, රස්සාවකට යන්න. වැඩ කරන්න. දෘෂ්ටිවාදයන්ට කිසිවක් කළ නොහැකිය. වෙනස නිර්මාණය කළ හැක්කේ ඵලදායී වැඩ කිරීමෙන් පමණි. ඩොලර් සෙවීමේ වැඩකට මම ද යමි.Continue Reading

Unic radio

ගුවන් විදුලි සංස්ථාව සතුව ස්වාභාවික අතින් වටිනා තැන් ගණනාවක විකාශනාගාර තියෙනවා. ඒ ඉඩම්වලින් ද ප්‍රයෝජන ගත හැකියි. සමහර තැන් රේඩියෝ තීම් එක සහිත සංචාරක හෝටල් බවට පත්කරන්නට වුණත් බැරිකමක් නැහැ. ඔක්කොටම කලින් මේවා වසාදමන තීරණය ගත යුතුයි. ඵලදායී සේවාවක් නොකර කැන්ටින්වල තේ බිබී, අතන මෙතන රස්තියාදු වෙවී ඉන්න දහස් ගණනක් සේවකයන්ට ඵලදායී රැකියාවක් සොයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. සෙස්ස පස්සට.Continue Reading

Army cricket ground

14 වන ජාතික රණවිරු දිනය සැමරීම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා යුද හා නාවික හමුදා සාමාජිකයින් 5,400 කට අධික පිරිසක් මැයි 19 සිට ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇත.Continue Reading

Creative Content Consultants - writing, translation and editing service

මෙවලම් ඇසුරින් කරන පරිවර්තනයක නොමැති ගුණයක් මිනිස් පරිවර්තනයකදී ලබාදිය හැකිය. ඒ සඳහා පරිවර්තකයා පදානුගත පරිවර්තනයක් සිදු නොකර අර්ථය පරිවර්තනය කෙරෙහි අවධානය යොමුකළ යුතුය.Continue Reading

memorialization

සංහිඳියාවකට ළඟාවීමේදී බහුතරවාදී රජයක් හා මර්දනයට ලක්වූ සුළුතරයක් සමාන පාර්ශ්ව ලෙස සැලකිය නොහැකි බව ද අප මතක තබාගත යුතුය. බොහෝවිට මර්දනය සිදුකරනු ලබන්නේ විශාල බහුතර බලවේගයක් විසින් වන අතර එම බහුතරය විසින් අඩු වැඩි වශයෙන් රටේ සියලු බලවත් තනතුරු හොබවනු ලැබේ. ගැටුමේ දෙපාර්ශ්වයට සමාන ලෙස සැලකීමේ සාමාන්‍ය ප්‍රවේශය සාකච්ඡා මේසයට ගෙන ඒම මෙම සංදර්භය තුළදී ප්‍රායෝගික නැත.Continue Reading