රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණාද?
හුණුවටයේ කතාවේ අතහැර ගිය ඔටුන්න හිමි කුමාරයා රැගෙන යන්නට ඒ වෙලාවේ ගෘෂා වැෂ්නාඩ්සේ එතැන සිටියේය. ඇය නොසිටියා නම් වෙනත් අයෙකු දරුවා රැගෙන යනු ඇද්ද, නැතිනම්, ඝාතකයන්ට දරුවා හසු වනු ඇද්ද යන්න කාටවත් කිව නොහැකිය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල, රනිල් වික්රමසිංහ නම් පුද්ගලයකුට එහා ගිය සාධකය අර්බුදය අවස්ථාවේ ලංකාවේ රාජ්ය බලය ලබාගත හැකි තැනක සිටියේය. ලංකාවේ ඉතිහාසය යොමු වී තිබුණු අරාජිකත්වයේ පල්ලම වෙනුවට ගිරි ශිඛර මැදින් වූ දුර්ග මාර්ගයක රට ගෙන යාමට නායකත්වය දෙන්නට ඔහු සමත් විය. ගෘෂා දරුවා ආරක්ෂා කරන බව අපි දැන සිටියෙමු. රනිල් සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයයි. රනිල් නොසිටියා නම් අනෙක් නායකයන් මොනවා කරන්නට ඉඩ තිබුණාද යන්න අපි නොදනිමු. එය හරියට විජය කුමාරයා පැමිණි නැව ලංකාවට ගසාගෙන නොආවා නම් ලංකාවට කුමක් වේද යන්න වැනි ප්රශ්නයකි. Continue Reading



















