එක්සත් ජනපද – ඉරාන යුද්ධය වැනි කාරණාවලදී ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට හෝ පක්ෂපාතීත්වයක් සඳහා ශ්‍රී ලංකාව ද එහි පුරවැසියන් ද පොඩි වැඩි බව මගේ අදහසයි. එහෙත්, ඕනෑ කෙනෙකුට ඕනෑ අදහසක් දැරිය හැකිය. ප්‍රතිචාර ද දැක්විය හැකිය. එහෙත්, පකිස්තානුවන් කළ පරිද්දෙන් ඇමරිකානු තානාපති සේවාවන්ට පහර දීම වැනි අන්තවාදී ක්‍රියාවලට මහජනයා පෙළඹවීමට අන්තවාදී වාමාංශික හා ආගමික කල්ලිවලට ඉඩ නොතැබීම රජයේ හා ආණ්ඩුවේ වගකීමකි.Continue Reading

මන්ත්‍රීවරුන් වැටුප් නොගෙන වැඩ කරමින් පසුව මහජනතාවගෙන් ඇරියස් ඉල්ලා නොසිටිය යුතුය. එසේම, මන්ත්‍රීවරුන් මහජනතාවගේ විවිධ අවශ්‍යතා සඳහාත්, මැතිවරණ සමයේදීත් සල්ලි බෙදන පුද්ගලයන් බවට පත් නොවිය යුතුය. මහජනතාව ද ඔවුන්ගෙන් එවැනි දේ බලාපොරොත්තු නොවිය යුතුය. එය ක්‍රම වෙනසකි.Continue Reading

ලංකාව රීසෙට් කළ යුතුයි. ඔබේ පරිගණකය වයිරස්වලින්, වෙනත් ගැටලුවලින් දූෂිත වෙලා ගොඩදාගන්නටම අමාරු තත්වයක තිබෙනවා නම් කළ යුතුව තිබෙන්නෙ රීසෙට් කරන එක. ඒ කියන්නෙ එහි මෙහෙයුම් පද්ධතිය නැවත පිහිටුවන එක. ලංකාවත් එහෙම කළ යුතුයි. Continue Reading

Deepthi

අපට දේශපාලනය අවශ්‍ය කුමටද? එක පැත්තකින් එය රටේ පාලනයට, පාලනයේ වෙනසට අප දායක වන ආකාරයයි. අනෙක් පැත්තෙන්, එය අප බලය වෙනුවෙන් කරනු ලබන ක්‍රියාවකි. දේශපාලනය අපව බලවත් කරයි. එයින් අදහස් කරන්නේ රාජ්‍ය බලය පමණක් නොවේ. දේශපාලනය නිසා පුද්ගලයෝ බලවත් වෙති. උදාහරණයක් ලෙස මාලිමාවට සම්බන්ධ වූ අය මේ වන විට රාජ්‍යය සමග සම්බන්ධතා ඇති කරගෙන බලවත් වී සිටිති. මාලිමාවට විරුද්ධ වීමෙන් ද සමාජ බලයක් ගොඩනැගේ.Continue Reading

1984දී මා ජවිපෙ සමග සම්බන්ධ වී, 1985දී පූර්ණකාලිකයකු බවට පත් වන විට, මා තරුණ, අති ධාවනකාරී, මනෝරාජික කොමියුනිස්ට්වාදියෙකි. 1987දී රටේ ඇති වූ තත්වයන් මා විග්‍රහ කරගත්තේ සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා ජාතිවාදය උපායමාර්ගයක් ලෙස භාවිතා කිරීම සාධාරණීකරණය කළ හැකි අවස්ථාවක් ලෙසයි. ජවිපෙ දෙමළ විරෝධී ජාතිවාදය අවසානයේදී රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදයක් බවට පත් වී මරණයට පත් වූයේ නිකම් නොවේ. අපේ පරම්පරාවේ අවංකම, නොමේරූ සිංහල තරුණ පරම්පරාවක් ද බිලි ගනිමින්, සම්ප්‍රදායික ප්‍රභූ නායකත්වයට ද සැලකිය යුතු විනාශයක් අත් කර දෙමිනි.Continue Reading

නිදහස් දිනය යනු, ලංකාව හෙවත් සිලෝන්හි සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් ශ්‍රී ලංකාව නම් රාජ්‍යය බිහි වූ දිනයයි.Continue Reading

මන්ත්‍රීවරයකුට අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් ලබාදීම ගැන ඉහළ විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය සේවකයන් අතර පවා ඊර්ෂ්‍යාවක් පහසුවෙන් නිර්මාණය කළ හැකියි. ඒත්, බොහෝ අය නොදන්නා කරුණක් තමයි අවුරුදු තුනෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය අංශයේ තනතුරු පවා තිබෙන බව. Continue Reading

2026 වසර කරා ළගාවන විට, දකුණු ආසියානු කලාපයේ දැනට පවතින සහයෝගිතා ආකෘතීන් තවදුරටත් කාලීන අවශ්‍යතාවන්ට නොගැලපෙන බව වඩාත් පැහැදිලි වෙමින් පවතී. ‘සාක්’ සහ ‘බිම්ස්ටෙක්’ වැනි සංවිධාන බිහි වූ පසුබිම එකලට වඩා වෙනස් වී ඇත.Continue Reading

Harini Amarasuriya

නායකත්වය ලෙස හෝ වෛරී දේශපාලනය අත්හරින්න. අවබෝධයෙන් කටයුතු කරන්න. අපි අරාජිකත්වය එක්ක නැහැ. ඒ නිසාම ජවිපෙ සමගත් නැහැ. හැබැයි අපි ලාංකීය ජනරජය එක්ක, එකෙන්ම, බොක්කෙන්ම.Continue Reading