විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි
නියාමනය අවශ්‍ය බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. මතුකරන්නේ වෙනත් කාරණාය. එකී කාරණා බොහොමයක් තාක්ෂණිකය. ඒවා සාකච්ඡා කර වෙනස් කරගත හැකි බව රජය පවසයි. මේ වන විට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කෙරෙමින් ද තිබේ. එහෙත්, ඒ අතර, එකී මාධ්‍ය විසින් ම තම විවිධාකාර ඉත්තන් මෙහෙයවමින් කරන්නේ කුමක්ද? මේ පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයි ඍජුවම කියන අය ද සිටිති. ඔවුන්ට ඕනෑම දවසක් අසුබ දවසකි. තවත් සමහරුන් මෙතෙක් කල් සමාගම් කර තිබෙන ආයෝජන හා අලුතෙන් බලපත්‍ර වෙනුවෙන් අයදුම් කරන්නට සිදුවීම හා අවුරුදු පතා ඒවා අලුත් කරන්නට සිදුවීම ගැන කුලියට අඬනු ඇසේ. Continue Reading



















