public service vehicles

2019-2023 කාලයේ තීරු බදු සහන මත ආනයනය කළ සුඛෝපභෝගී වාහන 3,645ක් හේතුවෙන් පමණක් ඩොලර් මිලියන 90ක් පමණ පිටරටට ඇදී ගොස් ඇත. තීරු බදු සහන නිසා රජයට බදු අහිමි වීම රු. බිලියන 15කි. කෙසේ වෙතත්, 2021 වසරේ මේ අන්දමින් සුඛෝපභෝගී වාහන ආනයනය කර තිබෙන්නේ තුනක් පමණි. 2022 වසරේ ආනයනය කර නැත.Continue Reading

ceylon tea

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම්
– අජිත් පැරකුම්, Praja.lk

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති.

විදේශ රටක පුරවැසිභාවය ලබාගත්තාම ලංකාවේ පුරවැසි පනත අනුව මෙරට පුරවැසිභාවය ඉබේම අහිමි වෙනවා. නැවත ද්විත්ව පුරවැසිභාවයට අයදුම් කරලා නියමිත ගාස්තු ගෙවා එය ලබාගත යුතුයි. ඒත්, විදේශ පුරවැසිභාවය ලබාගත් රට එම ලාංකිකයා එරට පුරවැසිභාවය ලබාගත් බව මෙරටට නිල වශයෙන් දැනුම් දෙන ක්‍රමවේදයක් නොමැති නිසා ලංකාවට එය දැනගන්නට හැකියාවක් නැහැ.

ඒ නිසා බොහෝ අය ලංකාවේ පාස්පෝට් එක, හැඳුනුම්පත ආදිය පෙර පරිදිම භාවිතා කරමින් ලාංකික පුරවැසියන් ලෙස කටයුතු කරනවා. මෙවැනි අය වගකීම් සහිත පුරවැසියන් නෙමෙයි.

ඇමරිකානු පුරවැසියකු වී සිටි ගෝඨාභය රාජපක්ෂ අයියාගේ ලොකුකම නිසා ලංකාවේ පුරවැසිකම නොගත් බව පෙනෙන කෙනෙක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට ගිය වෙලාවේ ඔහුට අධිකරණයෙන් සහන ලැබුණා. ඒත්, ඔහු ලංකාවේ පුරවැසිකම ලබාගත් බවට සාක්කි නැහැ.

කුමාර් ගුනරත්නම් ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ලබාගත්තේ නොයෙල් මුදලිගේ යන නමින්. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආපු නොයෙල් මුදලිගේ ආපහු ගිහින් නැහැ. ඔහුට ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබෙනවා. පසුව කුමාර් ගුනරත්නම් යනුවෙන් ලංකාවේ සිටි පුද්ගලයා නැවත ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බව වාර්තා වුණා. ඒ නීතිමය ගැටලුවත් සම්පූර්ණයෙන් විසඳුණු එකක් නෙමෙයි. අමතක කර දැමූ එකක්. ඔහුටත් ලංකාව සහනයක් දීලා තියෙනවා.

ඩයනා ගමගේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයත් සංකීර්ණයි. ඇය ලාංකීය පුරවැසිකම ලබාගෙන නැති නම් දැන් ඉතින් කළ යුතු වන්නේ කුමක්ද? ඇය ලංකාවට පැමිණ මෙහි රැඳී සිටි බ්‍රිතාන්‍ය පුරවැසියකු නම්, දැන් කළ යුතුව තිබෙන්නේ ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ආපසු බ්‍රිතාන්‍යයට යැවීමයි. එවැනි බරපතල උල්ලංඝනයන් සිදු කළ අයට ලංකාව වීසා හෝ නිකුත් කළ යුතු නැහැ.

ගෝඨාභය රාජපක්ෂ හෝ කුමාර් ගුනරත්නම් සම්බන්ධයෙන් ලංකාව එහෙම කළේ නැහැ. ඩයනාට එහෙම කරමුද? කෙසේ වෙතත්, පුරවැසිභාවය සම්බන්ධයෙන් වංචනික ලෙස කටයුතු කළ මෙවැනි පුද්ගලයන් කිසි සේත්ම විශ්වාස නොකළ යුතු අය බවයි මගේ නම් අදහස. ඒ අයමත් ඒ බව නැවත ඔප්පු කර තිබෙනවා.

විදේශිකයකු විසින් ලංකාවේ දේශපාලන පක්ෂයකුත් ලියාපදිංචි කරලා. අපේ ජාතික පෙරමුණ නම් එම පක්ෂය පසුව සමගි ජන බලවේගය ලෙස යළි නම් කරනවා. ඩයනාත් ඇගේ සැමියාත් අපේ ජාතික පෙරමුණේ තනතුරුවලින් ඉල්ලා අස් වූ බව කියනවා. දේශපාලන පක්ෂ කියන්නෙ ලංකාවේ ද්විතීය වෙළඳපොළේ අලෙවි වන සමාගම් වැනි ජාතියක්. ඩයනා කළ ‘පරිත්‍යාගය’ වෙනුවෙන් ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලැබෙනවා.

වර්තමාන විපක්ෂ නායකවරයා නියෝජනය කරන්නෙ ඒ පක්ෂය. ඩයනා පාර්ලිමේන්තු ආවෙත් ඒ පක්ෂෙ ජාතික ලැයිස්තුවෙන්. මේ පක්ෂයේ නීතිමය තත්වය කවුරු හෝ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්නට ඉඩ තියෙනවා. ඒක විසඳන්නට කාලයක් යයි.Continue Reading

city of dreams Sri Lanka

මෙය ඉදි වෙමින් තිබෙන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ග්‍රැෆික් රූපයකි. මෙල්කෝ රිසෝට්ස් සහ දේශීය සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් එක්ව ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතියෙහි අඩංගු වන්නේ සුඛෝපභෝගී හෝටලයක් සහ කැසිනෝවකි. ආයෝජනය ඇ.ඩො. බිලියන 1ක් වන අතර, කොළඹ නගර මධ්‍යයේ ඉදි කරන මෙම ව්‍යාපෘතිය රටේ සංචාරක ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට තවත් ප්‍රගතියක්Continue Reading

CJ Amarathunga

එබැවින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ දී ඉහළ පොළියක් සහතික කිරීමෙන් අර්ථසාධක අරමුදලේ ගිණුගිනුම් හිමියන්ට සිදු වී ඇත්තේ පාඩුවක් නොව වාසියකි. Continue Reading

debt restructuring

මෙම තත්ත්වය තුළ බැංකු විසින් ඉදිරි මාසයක හෝ දෙකක පමණ කාලය තුළ තමන්ගේ විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා ඩොලර් එකතු කරන්නට ඉඩ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ නැවතත් ඩොලරයක මිල මත පීඩනයක් ඇති වීමයි. කෙසේ වුවද මෙය තාවකාලික තත්ත්වයක් වන අතර බැංකු විසින් ප්‍රමාණවත් විදේශ සංචිත එකතු කර ගැනීමෙන් පසුව ඩොලරයක මිල නැවතත් ස්ථාවර වීමට නියමිතයි.Continue Reading

debt restructuring

මේ සාකච්ඡා දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජාතික ආර්ථික ප්‍රශ්නයක්. ඒවා අසාර්ථක වුණොත්, අනාගතේ බලයට එන්නට බලාපොරොත්තු වෙන නායකයන්ට මුල ඉඳන් පටන් ගන්න එක ලේසි නැහැ.Continue Reading

debt restructuring

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතනවලට ගෙවිය යුතු ණය වෙනදා පරිදිම ගෙවනවා. ඒ වගේම, බංග්ලාදේශයේ ඩොලර් මිලියන 200ක හදිසි ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කළා. Continue Reading

Paddy field

සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.Continue Reading

dog tax

අයකර නොගත් බදුවලින් 60% – 65% පමණ දීර්ඝ නීතිමය ක්‍රියාවලීන් සමඟ බැඳී ඇති අතර, එම නඩු විභාග වන්නේ මන්දගාමීවය. ගෙවීම් ප්‍රමාද කිරීම සඳහා ඇතැමුන් හිතාමතාම නඩු භාවිතා කරන බවට සියඹලාපිටිය සැක කරයි.Continue Reading

debt restructuring

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් අවසන් අදියර කරා ළඟාවෙමින් තිබෙන බව වාර්තා වේ. නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් වෙමින් පවතින අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති පෞද්ගලික ආයෝජකයින් සමඟ සාකච්ඡා වල ප්‍රගතියක් ඇති බව ද වාර්තා වේ. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවලිය අවසන් කිරීමේ වැදගත්කම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අවධාරණය කළේය.Continue Reading