නැහැ. මෙය තනිකර බොරුවකි. ඇමතුම් 200ක් ආ බව ඇත්ත වුවද, ඒ ඇමතුම් පැමිණ ඇත්තේ තම බිරිඳ ගැන දැනගැනීමට නොවේ. එවැනි බොරුවක් නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇතැම්විට එය මෙම පුවත්පතේ සංස්කාරක පිරිමින්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් විය හැකිය. එය ප්‍රශ්න නොකර පිළිගන්නා අයද ඒ හා සමාන ප්‍රශ්න තිබෙන අය විය හැකිය.Continue Reading

Lawyer assaulted in Sri Lanka

චෝදනාවක් ඔප්පු වන තෙක් ඕනෑම සැකකරුවෙකු නීතිය ඉදිරියේ නිවැරදිකරුවෙකි. චෝදනා එල්ල කරන පොලිසිය නිවැරදිදැයි අප කිසිවෙකු දන්නේ නැත. කවුරු හරි ද, කවුරු වැරදි ද කියා තීරණය කිරීමට අප එකිනෙකාට වෙන වෙන ම අවස්ථාවක් දීමට සමාජයට බැරි ය. එහෙයින් අපි යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වගකීම අධිකරණයට පවරා ඇත්තෙමු. අධිකරණය පූර්ව විනිශ්චයවලින් තොරව නඩු විභාගයක් පවත්වා අපට තීන්දුවක් දිය යුතු ය. සමාජයක් ලෙස එම තීන්දුව භාරගැනීමට අපි බැඳී සිටින්නෙමු. අධිකරණය සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු ය. එහිදී විත්තිකරුට තමන් නියෝජනය කිරීමට නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොකළහොත්, එය සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත. Continue Reading

Easter Sunday attack

එක්කෝ පාස්කු ප්‍රහාරය අප සිතන තරම් සංකීර්ණ නැති, ඒ කට්ටිය විසින් බෝම්බ සොයාගෙන බැඳගෙන පුපුරවාගෙන කරන ලද සරල වැඩක් විය යුතුය. නැතිනම් තවමත් නොවිසඳුණු අභිරහස් රැසක් ඉතිරිව තිබේ. Continue Reading

Gotabaya on wall

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ ‘බල්ලෙක් වගේ හතරගාතේ දාලා’ ගියේ සන්නද්ධ ප්‍රභාකරන් පමණක් නොවේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වැනි තවත් බොහෝ නිරායුධ අයට ද එම ඉරණම ලබාදෙන ලදී. ජනාධිපතිවරයා කළ යුත්තේ ඒ ජාතියෙන් කරන එක නොවේ. මේ වෙලාවේ ඉතා අවාසනාවන්ත තත්වයකට පත්වී තිබෙන රට වෙනුවෙන් කරන්නට පුළුවන් දේ කරන්නට පුළුවන් හැම දෙනා ඒකරාශී කරගන්නා එකය. ඒ වෙනුවෙන් අපි ද පුළුවන් දෙයක් කරන්නෙමු. Continue Reading

Thilak Weerasinghe

මේ හැම දෙයකින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තම සැබෑ වර්ණ ප්‍රදර්ශනය කරමින් සිටින බව කියන්නට පුළුවන්. පැරණි වෘත්තිකමය නොවන චර්යාවන්, ගජමිතුරු ව්‍යාපාර හා දූෂණ නැවත පණගැන්වෙමින් තිබෙන්නේ මහජනතාව දැඩි දුෂ්කර තත්වයන් තුළ ජීවිත පවත්වාගැනීමට අරගල කරන සමයක වීම ඉතාම කණගාටුදායක තත්වයක්. Continue Reading

Uwathenne Sumana Himi

මෙහි ඊළඟ පියවර හිරු රූපවාහිනිය අයත් රෙනෝ සිල්වාගේ සහෝදරයා වන, මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශක භාරත ලක්ෂ්මන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීම යයි බොහෝ අය විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ විරෝධය කල්තබා සමනය කිරීමට මෙම පියවර ගත් බව විශ්ලේෂකයන් පවසනවා.Continue Reading

Mahara prison riots

රජයේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් නීතියට පිටින් මරාදැමීම ශිෂ්ට සමාජයන් අනුමත නොකරන අපකීර්තිමත් ක්‍රියාවක්. ඒ බව සමාජයක් ලෙස අප ද පිළිගන්නා නිසායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තියේ මෙහෙම කියවෙන්නෙ: “නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේ ය.”Continue Reading

Jagath Weerasinghe

මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.Continue Reading