Keheliya

කෙහෙළිය රඹුක්වැල්ල සුදුසුකම් ලත් හෝටල් වෘත්තිකයෙක්. ගාමිනී ෆොන්සේකා රඟපෑ, හොඳින් ආදායම් ඉපැයූ සක්විති සුවය චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ ව්‍යාපාරික දිවියේ මංසලකුණක් ලෙස සැලකෙනවා. ලලිත් ඇතුලත්මුදලි නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් දේශපාලනය ආරම්භ කළ ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට බැඳී 2000 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වෙනවා. 2001, 2004 මහ මැතිවරණවලදීContinue Reading

Beggar's injury cartoon by Ajith Perakum Jayasinghe

පාස්කු ප්‍රහාරය ගැන ආගමික දේශපාලක කාදිනල්වරයා වරින් වර නිකුත් කරන ප්‍රකාශ ගැන අපට කීමට ඇති සියල්ල මේ කාටුනයෙහි කියා තිබේ. දුෂ්ට අරමුණු සහිත මෙවැනි ප්‍රතිගාමී බලවේග සම්බන්ධයෙන් තවත් වචන නාස්ති කිරීම තේරුමක් නැත. තවත් විස්තර අවශ්‍ය නම් මේ ලිපි කියවන්න: පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පාස්කු කොමිෂමේ අරමුණ මොකක්ද?Continue Reading

Constituent of Sri Lanka People's Party

මෙම කාටුනයෙන් අප උත්සාහ කරන්නේ 69 ලක්ෂයේ බලවේගය යනු කුමක්දැයි පැහැදිලි කිරීමටයි. ඔවුන්ට අනන්‍ය ආර්ථික දැක්මක් නැත. ඇත්තේ 1970-77 සමයේ කූටප්‍රාප්තියට පැමිණි ජාතික සමාජවාදී ආර්ථික දැක්මයි. දැන් එය කරතබාගෙන යන්නේ ජවිපෙ හා පෙසපයි. 69 ලක්ෂයේ බලවේගයේ කඳ වනාහි භික්ෂු මූලික සිංහල බෞද්ධ ජාතිවාදයයි. භික්ෂූන් විසින් සංකේතවත් කරන පරපෝෂිත, අලස, පටු රැඩිකල් ප්‍රචණ්ඩත්වය මෙහි ඇති වැදගත්ම සාධකයයි. තමන් විසින් ගොඩනගන ලද බලවේගයට නායකත්වය දීම දැන් රාජපක්ෂ බලවේගයටම ගැටලුවක් වී තිබේ. එහි නායකත්වය කා අතට හුවමාරු වේද? තරගකරුවන් බොහෝය. ආණ්ඩුව ඇතුළේම විමල් වීරවංශ නායකත්වය දෙන බලවේගය නිදසුනකි.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගෝඨාභය රාජපක්ෂට දැන් කළ නොහැකි කිසිවක් න්‍යායිකව නම් පැවතිය නොහැකි ය. ඒ නිසා දැන් ඉතින් අරක නැති නිසා බැරි ය. මේක නැති නිසා බැරි ය කියන්නට ද බැරි ය. එම්සීසී ගිවිසුම්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, ඉන්දියාවට වරාය බදු දෙන ගිවිසුම් ආදී ඕනැ එකක් කරන්නට පුළුවන් වෙනවා වගේ ම මහජන බලාපොරොත්තු ඉටු කර රට සෞභාග්‍යවත් කර ජනතාව සුඛිත මුදිත කරන්නටත් බැරි වෙන්නට දැන් ඉතින් කිසිදු හේතුවක් නැත. Continue Reading

cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ නැවත මතු වී තිබෙන කොරෝනා රැල්ලට වගකිව යුත්තේ ජනතාව යයි අඟවමින් දේශපාලකයෝ ද නිලධාරීහු ද ජනතාවට බනිනු ඇසේ. දේශපාලකයන් මෙයත් මතක තබාගත යුතු ය. ජනතාව වෙත එක ඇඟිල්ලක් දිගු කරන විට ඔවුන් දෙසට ඇඟිලි හතරක් නැතිනම් අඩුගානේ තුනක්වත් දිගු වේ. Continue Reading

COVID-19 strategy of Sri Lanka

ලොව සංවර්ධිත රටවල් හා බුද්ධිමත් නායකයන් සිටින වෙනත් රටවල් කටයුතු කරන්නේ කොවිඩ්-19 සමග ජීවත් වන්නට ජනතාව හුරු කිරීමටයි. කොවිඩ්-19 ප්‍රස්ථාරය බිංදුව කරන්නට උත්සාහ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙන්නේ නැත. ඔවුන් උපදෙස් දෙන්නේ ප්‍රස්ථාරයේ වක්‍රය පැතලිව තබාගැනීමටයි. මේ අතර ශ්‍රී ලංකාව තවමත් අනුගමනය කරමින් ඉන්නේ ‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ’ ප්‍රතිපත්තියයි. එහි අරමුණ කොවිඩ්-19 බිංදුව කිරීමයි. කරන්නට පුළුවන් නම් එය නරක යයි කාටවත් කිව නොහැකිය. එහෙත්, එසේ කරන්නට පුළුවන් බවක් පෙනෙන්නේ නම් නැත. Continue Reading

turmeric: cartoon by Ajith Perakum Jayasinghe

ලංකාවේ අපට සතුට ගෙන දෙන්නට එහෙමට දේ නැත. පිටතට ගොසින් රස ගුණ ඇති කෑම වේලක් කා සතුටු වන්නට පවා ලාංකිකයන්ට ලැබෙන අවස්ථා අඩු ය. එයට හේතුව එක්කෝ අධික මිලය. ලාභ ලැබීමේ චේතනාවෙන් වෙළෙන්දන් අලෙවි කරන කෑමවල රස ගුණ අවමය. සිංහල හෝ දෙමළ ක්‍රමයට රසවත් කෑම වේලක් සැකසීමට බොහෝ සුපිරි හෝටල්වලContinue Reading

Banning cattle slaughter in Sri Lanka

බන්දුල විජේවීර: පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා මහින්ද රාජපක්ෂ: කරුමෙක මහත නරක නාමෙ දැන් මට මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද? මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති: හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද?  මහජනතාව: හිතල කරපු දෙයක්යෑ බැනල වැඩක් වෙනවයෑContinue Reading