Keheliya

කෙහෙළිය රඹුක්වැල්ල සුදුසුකම් ලත් හෝටල් වෘත්තිකයෙක්. ගාමිනී ෆොන්සේකා රඟපෑ, හොඳින් ආදායම් ඉපැයූ සක්විති සුවය චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ ව්‍යාපාරික දිවියේ මංසලකුණක් ලෙස සැලකෙනවා. ලලිත් ඇතුලත්මුදලි නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් දේශපාලනය ආරම්භ කළ ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට බැඳී 2000 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වෙනවා. 2001, 2004 මහ මැතිවරණවලදී ද එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහු ඉන්පසු 2006දී මහින්ද රාජපක්ෂ සමග එකතු වෙනවා. ජනමාධ්‍ය ඇමතිකම හොබවනවා. 2015 පරාජයෙන් පසු නැවත එජාප සමග එක්වන්නට ඔහු උත්සාහ කළ බව ද වාර්තා වුණා. ඔහුගේ මෑතකාලීන බලය හා ධනය දේශපාලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර සමග සම්බන්ධයි.

2012 වසරේදී, ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන්හි පෞද්ගලික චාරිකාවක් අතරතුර කිසියම් හේතුවක් මත කෙහෙළිය රඹුක්වැල්ල ඔහු නැවතී සිටි හෝටලයේ තුන්වන මහලින් බිමට වැටී කකුල් තුවාල වෙනවා. ධන කුවේරයකු වුණත්, ඔහු මේ සඳහා ප්‍රතිකාර ලබාගන්නේ මහජන මුදලින්. ඔහුට හෝටලයෙන් වන්දිත්, ඔහුගේ පෞද්ගලික රක්ෂණයෙන් ප්‍රතිලාභත් ලැබෙනවා. එහෙම තිබියදීත් ඔහු ප්‍රතිකාර සඳහා යයි කියමින් 2013දී ජනාධිපති අරමුදලෙන් රු. කෝටි දෙකක් ද ලබාගන්නවා. ඔහුගේ කැඩුණු අණ්ඩ ඔහු ආයතන කීපයකට විකුණනවා. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්ද? ජීවිතය කියන්නේ මේ අන්දමින් පවා මුදල් උපයා සැප විඳීමද?

Creative Content Consultants

2 thoughts on “එක කකුල තුන් තැනකට විකිණූ කෙහෙළිය රඹුක්වැල්ල

  1. ජනාධිපති අරමුදල කියන්නේ නම් කොහොමටත් හෙංචයියන්ට වැඩියෙන් සලකන නිධානයක් නේ.

    හෝටලයෙන් ගෙවූ මුදල් නොසලකා සල්ලි ගෙවන රක්ෂණ තියෙනවා ද?

  2. අන්සතු දේම කා තරවෙන පුරුද්දට
    ඇබ්බැහි සත්තු එන්නේ රට කරවන්ට;
    කියන මුවාවෙන් තව උපයා ගන්ට
    අංගජාතෙ වුව නැහැ වාගෙයි උන්ට

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: