chamuditha Samarawickrama

මාධ්‍යවේදීන්ට අසූචිවලින් පහරදෙන තත්වයක් රටේ තියෙනවා නම්, ඒක ගැන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සංවිධානවලට පැති ගණනාවකින් හිතන්නට සිදුවෙන බවත් මාධ්‍යවේදීන්ට කිව යුතුයි. ප්‍රකාශනයේ නිදහස කියන්නේ වල්බූරු නිදහසක් නොවන බව මාධ්‍යවේදීන් දැනගත යුතුයි. මාධ්‍ය නිසා අගතියට පත්වන පාර්ශ්ව හෝ ආණ්ඩුව හෝ නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වයට යොමුවෙනවා නම්, එතැන ප්‍රකාශනයේ නිදහසට බරපතල අභියෝගයක් තිබෙන බවත් කිව යුතුයි. Continue Reading

media cameras

නියාමනය මගින් බෙන්ච්මාක් කිරීමක් හෙවත් සංසන්දනය සඳහා ප්‍රමිතියක් නිර්මාණය කළ හැකියි. උදාහරණයක් විදියට රජයට පුළුවන් තමන්ගේ මාධ්‍ය ආයතනවලින් මේ සැසඳුම් නියාමනය ආරම්භ කරන්නට. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නියාමනය කිරීමට නීති සම්පාදනය කිරීමත් එක්කම, දැන්වීම් පළකිරීම නියාමනය කිරීමටත් ඒ නීති අදාළ කරනවා නම්, මාධ්‍ය නියාමනයට එය උත්ප්‍රේරකයක් විය හැකියි. Continue Reading

red rose

අජිත් පැරකුම් ජයසිංහ අපි කොල්ලන් කාලෙ කෙල්ලෙකුගෙන් ඇහුවෙ කොච්චර බයෙන්ද? උන් හරියට කිසිදාක උන්ගෙ ඇඟට මැස්සෙකු වහන්නවත් නොදෙන්න ඉන්නවා වගේ ‘පල වලත්ත කොල්ලා, හිටපන් කියන්න අම්මත් එක්ක, ඉඳපන් කියන්න බොලෑ තාත්තත් එක්ක, අයියෙ මෙන්න මූ…’ අරව මේවා කිව්ව විතරක් නෙමෙයි, සමහර වෙලාවට උන්ගෙ අයියලට, උන් කැමති වෙන කොල්ලන්ට කියලා නෙළෙව්වා.Continue Reading

Kalido beach, Kalutara

කැලිඩෝ වෙරළ කියන්නෙ කළුතර උතුරේ අතීතයේ තිබුණු සුන්දර වෙරළ තීරයක්. දැන් ඒක එහෙම නැහැ. මේ පිංතූරෙ තියෙන්නෙ, ඉස්සර දවසක මඟුල් ගෙදරක ගිහින් එන ගමන් මගේ දියණියන් දෙදෙනා කැලිඩෝ වෙරළේ සෙල්ලම් කරනවා. Continue Reading

Sri Lanka nurse badge

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. එය මෙවැන්නකි.Continue Reading

health workers' strike in Sri Lanka

රාජ්‍ය සේවකයන්ගේ නිමක් නොමැති වැටුප් විෂමතා අරගල අවසන් කළ යුතුය. රාජ්‍ය සේවයේ සියලු පිළිගත් වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් රාජ්‍ය වැටුප් ප්‍රතිව්‍යූහගත කිරීමේ උපදෙස් විමසීම් පවත්වා, විෂමතා අවම වන ක්‍රමයක් යටතේ රාජ්‍ය සේවා වැටුප් තල ප්‍රතිව්‍යූහගත කළ යුතුය. එහිදී රාජ්‍ය පරිපාලන සේවය, රජයේ වෛද්‍ය නිලධාරීන් වැනි අයට හැන්ද අතට ගැනීමට දුන්නොත් එතනින්ම වැඩේ ගැස්සෙන්නට ද ඉඩ තිබේ. රාජ්‍ය සේවකයන් තවදුරටත් මේ රටේ ජනතා බදු මුදල් සූරාකා ජනතාව පෙළන බලවේගයක් බවට පත් නොකර, ඵලදායී සේවාවක් ඉටුකරන කාර්යක්ෂම මහජන සේවකයන් පිරිසක් බවට පත්කිරීමට යම් ආණ්ඩුවක් කටයුතු කරන්නේ ද එම ආණ්ඩුව විප්ලවීය ආණ්ඩුවකි. රාජ්‍ය සේවය වෙනුවට ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතුය. සරලව කිවහොත්, මොනවා හෝ නිෂ්පාදනය නොකර අපට අනාගතයක් නැත.Continue Reading

UN lobby

Lobbying නම් වචනය ‘සභාකක්ෂ මන්ත්‍රණය’ කියලා පරිවර්තනයකර තිබෙනවා දැක්කා. මෙහි නිරුක්තිය ලතින් ලෝබියා කියන වචනය. ලෝබියා කියන්නෙ ආවරණය කරන ලද මාර්ගයකට. ගොඩනැගිල්ලක ලොබි එකක් කියන්නෙත් මේ වගේ අවකාශයක්. ඒකට ලොබිය කියලා සිංහලෙන් කියන්නත් පුළුවන්. උදාහරණයක් විදියට පාර්ලිමේන්තු ලොබිය කියලා තැනක් තියෙනවා. ඉංග්‍රීසි උච්චාරණයේ විදියට ලොබී කියලා දීර්ඝ ඉස්පිල්ලක් භාවිතා වෙන්නෙContinue Reading

Sri Lanka Podujana Peramuna

ඉතා වේදනාකාරී වන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ආණ්ඩුවට යම් ජනප්‍රියත්වයක් අවශ්‍යය. ඒ සඳහා අනුරාධපුර රැළිය වැනි ජවනිකා වැදගත් වේ. පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයකින් ජයගැනීම වුව නරක කැත. විපක්ෂයේ පක්ෂවලට තිබෙන ශක්තියේ තරම පෙන්වාදීම ද ඉතා වැදගත්ය. Continue Reading

NIC

Amidst an umpteenth number of urgent issues crisis-ridden Sri Lanka, the cabinet decided on Monday to prioritize digitalizing the personal identification process. India has agreed to provide a grant to Sri Lanka to implement a ‘Unitary Digital Identity framework’, apparently modelled on the Aadhaar card. The Hindu reported. Aadhaar isContinue Reading

New-Id

ලංකාවේ පාලකයන්ගේ හා නිලධාරීන්ගේ කාඩ් නිකුත් කිරීමේ උනන්දුව කෙතරම් ද යත්, රටේ තව ඕනෑ තරම් ප්‍රශ්න තිබියදී ඩිජිටල් හැඳුනුම්පතක අවශ්‍යතාව යළි කරළියට පැමිණ තිබේ. මෙවර එය පැමිණෙන්නේ ඉන්දීය ව්‍යාපෘතියක් ලෙසයි. ඉන්දීය ආධාරයක් යටතේ ශ්‍රී ලංකාව මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛ ලෙස සලකා කටයුතු කරන්නට පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය තීරණය කළේය. Continue Reading