Samurdhi

අජිත් පැරකුම් ජයසිංහ ආර්ථික අර්බුදය මැද දැඩි ලෙස අවදානමට ලක්වන ජනතාව වෙනුවෙන් මහජන ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යයි. දිළිඳු පුද්ගලයන් හා ආබාධ සහිත පුද්ගලයන් වැනි අවදානමට පත්වන ජනයා වෙනුවෙන් දැනට රජය විසින් සහනාධාර ක්‍රම කීපයක්ම ක්‍රියාත්මක කරනමුත් සහනාධාර අත්‍යවශ්‍ය විශාල පිරිසක් මගහැරෙනවා. එම සහනාධාර ක්‍රම පරිපාලනයේ අකාර්යක්ෂමතාව හා දේශපාලනීකරණය හාContinue Reading

Mahinda caricature by Ajith Perakum Jayasinghe

රාජපක්ෂවාදය කියන්නෙ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ අනුදත් ක්‍රමය. ඒක ඇතුළෙ තවත් ඒවාත් සමග පහත දැක්වෙන ලක්ෂණ මං දකිනවා. 1. රාජ්‍ය ධනවාදී ආර්ථිකය: රාජ්‍ය ව්‍යවසායවලට හා සේවාවන්ට මුල්තැන, විශාල රාජ්‍ය අංශය, රැකියා ප්‍රමිතිය රජයේ සේවය මත පදනම්ව නිර්මාණය වීම, ඉහත දැක්වෙන හේතු නිසා ආණ්ඩුව හා නිලධාරි තන්ත්‍රය බලවත් වීම. 2. රාජ්‍ය සේවය දේශපාලනීකරණය:Continue Reading

restructuring

අජිත් පැරකුම් ජයසිංහ, 2022-09-04 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි මේ දවස්වල රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා වෙනවා. මේ ඒ ගැන විශේෂඥ අදහසක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසි මාධ්‍ය නිරීක්ෂණයක් මත පදනම් වූ විචාරශීලී අදහසක්. මා නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රම ගණනාවකට කරන්නට පුළුවන්. ප්‍රතිව්‍යූහගත කිරීමේදී පෞද්ගලීකරණය අනිවාර්ය නැහැ. ආයතන ලාභContinue Reading

IMF

අජිත් පැරකුම් ජයසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility) ලබාගැනීම සඳහා රටවල් විසින් ප්‍රතිපත්ති හැඩගස්වාගැනීමේ ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එමගින් වර්තමාන අර්බුදයට හේතු වූ ගැටලු නැවත ඇතිනොවන බව තහවුරු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මගින් සිදුවනුයේ රටේ මූල්‍ය සම්පාදන අවශ්‍යතා මොනවාද යන්න සහ අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිචාර මොනවාදContinue Reading

China Sri Lanka relations

ශ්‍රී ලංකා රජය චීන බැංකු සමග තිබෙන ණය ණය ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා සූදානම් යයි මාස තුනකට කලින් චීනය ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයට දැන්වූ බවත්, එහෙත්, ශ්‍රී ලංකාව පැත්තෙන් එයට ප්‍රතිචාරයක් නොලැබුණු බවත් චීන තානාපති නිලධාරියෙක් පසුගියදා ඩේලි මිරර් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබිණි. Continue Reading

I have a dream

අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි. අපේ සිහිනය යථාර්ථවාදී රාජ්‍ය නියාමනයට යටත් වූ සාධාරණ වෙළඳපොළකි. අසාධාරණ රාජ්‍ය බාධාවලින් තොර තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකි. නැති බැරි ජනයා රැකගන්නා සමාජ ආරක්ෂණ ජාලයකි.Continue Reading

Sri Lanka police

අජිත් පැරකුම් ජයසිංහ මේ කියන දේ තේරුම් ගන්න බොහෝ දෙනෙකුට මේ වෙනකොට හැකියාවක් නැහැ. පසුගිය මාස කීපය තුළ ලංකාව මානව හිමිකම් පැත්තෙන් දරුණු අගාධයකට වැටුණා. ඊට කලිනුත් මානව හිමිකම් සම්බන්ධ බරපතල ගැටලු තිබුණා. රාජ්‍ය ත්‍රස්තවාදය, පොලිස් කෘරත්වය, සැමට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක නොවීම වගේ බරපතළ ගැටලු තිබුණා. මානව හිමිකම් උල්ලංඝනයContinue Reading

JVP protest

අජිත් පැරකුම් ජයසිංහ 2004දි ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක එකතුවෙලා මැතිවරණයෙදි ආසන 39ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිටෙව්වා. ඇමතිකම් එහෙමත් ගත්තා කෙටි කාලෙකින් ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයට ගියා. කරු ජයසූරිය ඇතුළු එජාප පිරිසක් ආණ්ඩුවට එකතු වුණා. හැබැයි, ජනමතය විකෘති වුණාය කියලා ජවිපෙ කිව්වෙ නැහැ. වහා මැතිවරණයක් පවත්වන්නය කියල කිව්වෙත් නැහැ.Continue Reading

Dissolve parliament

අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ ජුලි 9 අර්ධ උද්‍යෝගී (half-hearted) උත්සාහයක් දැරුවා පාර්ලිමේන්තුව අල්ලන්න. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, හරිනි අමරසූරිය වගේ අයගෙන් ඒ අර්ධ උද්‍යෝගීත්වය පැහැදිලිව දක්නට ලැබුණා. වැඩේ පත්තු කරලා ඒ කට්ටිය හෙමින් සැරේ දිරාමාරු වුණා. කට්ටිය සෑහෙන්න ගුටිකෑවා එදා, ඒ ගැන කවුරුවත් වැඩිය සද්ද නැහැ. ඒ අතරෙ එතනදි ආයුදයක්Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය කියන්නෙ ජනාධිපතිකමක් දරන්න තරම් නායකත්ව පෞරුෂයක් තියෙන කෙනෙකු නෙමෙයි. ඔහුට කලින් ජනාධිපති වූ සිරිසේන පවා ජාමෙ බේරගන්න හැටිවත් දැනගෙන හිටියා. ගෝටා ගැන කියන්න පුළුවන් සිංදු කෑල්ලක් කපුගේගෙ සිංදුවක තියෙනවා. “ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකය අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක්Continue Reading