වඩා වැදගත් වන්නේ ජීවත් වන ආකාරයද? ඒ ගැන ප්‍රබන්ධයද?
ඔබට හොඳින් ජීවත් විය හැකිය. හොඳ යනු කුමක්දැයි නිර්වචනය කරගැනීම සඳහා ඔබටම දැක්මක් ගොඩනගා ගැනීම හොඳින් ජීවත් වීමේ පදනමයි. එහිදී සමාජය හොඳ යයි කියන විදියටම ජීවත් වෙන්නට යාමෙන් ඔබ අමාරුවේ වැටෙන අතර සමාජයට ද එක අදහසක් නැත. මේ අතර, සමාජය ඕනැ බම්බුවක් ගහගත්තාවේ මට ඕනැ විදියට මං ඉන්නවා කියා ජීවත් වෙන්නට යන එකද ගැටලු ඇති කරයි. යම් තුලනයක් අවශ්‍යය. තුලනය ද නිර්වචනය කරගැනීමේ හැකියාව තමන්ට තිබිය යුතුය.Continue Reading
















