අජිත් පැරකුම් ජයසිංහ

සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය නවකතාව ආරම්භයේදී එය මගේ අවධානය පැහැරගත්තේ එහි තිබුණු මනෝවිද්‍යාත්මක ප්‍රවේශය නිසාය. හදිසියේ මතකය ගිලිහී ගිය මැදිවියේ කාන්තාවක වටා ගොඩනැගෙන සිදුවීම් මාලාවක් ඔස්සේ එම කාන්තාව තමන් කවුරුදැයි ගවේෂණය කරගන්නීය.

තතාවේ අගභාගයට ළඟාවනවිට හෙළිදරව් වන්නේ එම කාන්තාවට අතීතය අමතක වීම හුදෙක්ම ඇගේ කතාව කීම සඳහා කතුවරිය යොදාගන්නා උපක්‍රමයක් පමණක් බවයි.

නවකතාවේ ප්‍රධාන චරිතය සිය අතීතය ගවේෂණය කරන සිදුවීම් මාලාව නවකතාවේ මුල් අදියරේදී නාට්‍යමය සිදුවීම් රැසකට තුඩුදෙයි. එහෙත් අවසාන භාගයේදී එය රන්තිලකම්මාගේ හා කථකවරියගේ වාර්තා කථනයන් බවට පත්වී රසයෙන් හීනවී යයි.

නවකතාකාරිය හුදු සරල කතාවක් කීමෙන් ඈතට ගැඹුරින් මනා්භාවයන් විග්‍රහ කිරීමේ උත්සාහයක යෙදෙන්නේ නැත. එහෙත් නිෂ්ක්‍රාන්තිය නවකතාව වැඩිහිටි මානසික ගැටලු පිළිබඳ යම් අවධානයක් යොමුකරයි. උදාහරණයක් ලෙස, ඇල්ෂයිමර්ස් රෝගය හා ඩිමෙන්ෂියා හේතුවෙන් මතකය ගිලිහී යාම සමග මිනිස් මනසක ඇතිවන ගැටුම් හා ඒ සමග නිර්මාණය වන සමාජ ගැටුම් ලේඛකයකුගේ පරිකල්පනයට තෝතැන්නකි.

නිෂ්ක්‍රාන්තිය නවකතාව එවැනි ගැඹුරකට විහිදෙන්නේ නැත. නවකතාකරුගේ කාර්යය හුදු කතා රසය ජනනය කිරීම පමණක්ද?

සුනේත්‍රාගේ නවකතාවල බොහෝවිට සිටින්නේ ඇයයි. එනම්, ඉන්දියාවේ ආධ්‍යාත්මික ගවේෂණවල යෙදෙන ධනවත් කාන්තාවන්ය. මේ රටේ සාමාන්‍ය ජනයා මුහුණදෙන ආර්ථික, සමාජ ගැටලු නොමැති, තම අරමුණු හඹායන්නට හැකි, ගස්වලින් කඩාගත් සල්ලි ඇති මධ්‍යම පන්තික ගැහැණු දැන් සිංහල නවකතාවේ විලාසිතාවක් වෙමින් තිබේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: