Eya den bendala

අජිත් පැරකුම් ජයසිංහ

එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය මෑත කාලයේදී දේශපාලනික කලාකාමී ප්‍රජාව අතර ජනප්‍රිය විය. ඒ ගැන බොහෝ කතාබහ ද ඇති විය.

එයා දැන් බැඳලා ජනප්‍රිය වූයේ එහි සිනමාත්මක රූප රචනය, කතාවේ නැවුම්බව, පරිසරය හා රංගනය නිසාය.

රංගනය ගැන බොහෝ අය කතා කළ ද එහි ඇත්තෙන්ම විශිෂ්ට රංගනයක යෙදුණේ සේමිනි ඉද්දමල්ගොඩයි. මහේන්ද්‍ර පෙරේරා ද යම් සාර්ථක රංගනයක් සිදු කළේය. ප්‍රදීප් රාමවික්‍රම නැගී එන තරුවක ලකුණු පෙන්වූ අතර සරත් කොතලාවල කළේ ජනප්‍රිය අධි රංගනයකි.

ටෙලි නාට්‍යයේ අවසාන කොටසේ පැවති අප්පච්චි කවුරුදැයි ඇසූ කල ළමයා පිංතූරය පෙන්වන ජවනිකාව රංගනයෙන් අති විශිෂ්ටය.

ළමයා හා අප්පච්චි අතර සම්බන්ධය පිංතූරයකට සම්බන්ධ වන හැටි ද, පිංතූරයේ සිටින පුද්ගලයාගේ සැබෑ ස්වරූපය හා ළමයාගේ මනස් රූපය නොපෑහෙන හැටි ද, ළමයාගේ අප්පච්චි කවුද යන ගැටුම නිර්මාණය කරන කේන්ද්‍රීය ප්‍රශ්නය හා අවසානයේදී අප්පච්චි කඩදාසියක තිබෙන රූපයක් පමණක් බවට පත්වීමේ හිස්බව එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ කූටප්‍රාප්තියයි.

කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි. ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි. එහි නොවිසඳුණු ප්‍රශ්න රාශියකි.

නායයාම සුද්දිගේ පතිව්‍රතාව ඔප්පු කිරීම සඳහා උදා වූ මායාමය අවස්ථාවකි. එතැනින් කතාව ඉවර කළා නම් වඩා වඩා සාර්ථක යයි සිතේ.

එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය 28 චිත්‍රපටය සමග ගැටගසන්නට යාම අනවශ්‍ය විකාරයකි. පහත දැක්වෙන්නේ කලකට ඉහතදී මා 28 චිත්‍රපටය ගැන ලියන ලද විචාරයකි.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැන උගන්නපු නැති පාඩම: 28

2 thoughts on “එයා දැන් බැඳලා අන්තිම විය

  1. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් දක්වා ප්‍රපාතයට ඇදවැටීමට ප්‍රබල හේතුවක් වූයේ ගෙවුණු වසර 75 තුළ බලයේ සිටි දේශපාලන පක්ෂ ජාතික ආර්ථිකය කළමනාකරණයෙහි දැක්වූ අපරිණතභාවය බව අමුතුවෙන් කිව යුතු නොවේ. දිගින් දිගටම සිදු වූයේ ජාතික ධනයෙන් වැඩි පංගුව, දේශපාලන බලය හිමි කර ගත් එක් පන්තියක් අතට පත්වීම හා රට විශාල ණය කන්දකට යට වීම පමණි.

    තිරය පිටුපස සිදු වෙමින් පැවැති මේ භයානක විනාශය ජනතාව හ¾දුනා ගත්තේ නැත. සෑම මැතිවරණයක් තුළම ඉස්මතු වූයේ රටේ ජනතාව ඍජු ලෙස මුහුණ පෑ ආර්ථික කාරණා නොවේ. සිංහල ජාතිය බේරා ගැනීම, බුද්ධ ශාසනය බේරා ගැනීම. වැනි සංස්කෘතික කාරණාය. වැරදි ආර්ථික උපාය මාර්ගවල රට ගෙන යන සැබෑ ජන සතුරා වූ පාලක පන්තිය වෙනුවට රටේ නිර්ධන පන්තිය උතුර – දකුණ වශයෙන් දෙකට කඩා, දකුණේ හතුරා උතුර යැයි ඒත්තු ගන්වන්නට පාලකයෝ සමත් වූහ.

    ජාති, ආගම් භේද කරළියට ගෙනා විට ජනතාවට පහසුවෙන් ලණු ගිල්ල විය හැකිය. මනාපය හා ඡන්දය කොල්ලකෑ හැකිය. ධනේශ්වර පන්තියේ පාලක කල්ලි දෙකක් අතර දේශපාලන බලය අවුරුදු පහෙන් පහට දෙපැත්තට ‍ෙදා්ලනය වූයේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම එකක් අනෙකා පරයා ජනතාව නොමඟ යවන්නට සමත් වූ නිසාය. එකල මෙකල මෙන් නොව මැතිවරණ වේදිකාවල පොරොන්දු වැසි වැස්සේය. හඳෙන් ගෙනෙන හාල් සේරු දෙකේ කතාව, ජේ.ආර්.ගේ කුප්‍රකට ධාන්‍ය රාත්තල් අටේ කතාව පොරොන්දු දේශපාලනයේ කැපී පෙනෙන අවස්ථාවන්ය. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වූ කලී කිසිකලෙක ඉටු නොවන පොරොන්දු ඇතුළත්

    වංචා සහගත ලියැවිලි වූයේය.

    නොබෙදුණු ඒකීය ශ්‍රී ලංකාවක්, ජාතිය ගලවා ගැනීම වැනි සංස්කෘතික කාරණා පෙරට දමා බදු ගසා ජනතාව සූරා කෑම දශක ගණනාවක් තිස්සේ බලයට පත් සෑම ආණ්ඩුවක්ම කර ගෙන ගියේය. ජනතා බදු මුදල් පාලක පන්තියේ සුඛෝපභෝගි ජීවිත නඩත්තු කිරීම සඳහා හිතුවක්කාරී ලෙස වියදම් කරන්නට පාලකයෝ කිසිම චකිතයක්, බියක් නොදැක්වූහ. ජාතික ධනයෙන් වැඩි පංගුව හැමදාමත් වියදම් කළේ පාලක පන්තියේ සිඟිති සිහින සපුරා ගන්නටය. දැවැන්ත අර්බුදයක් හමුවේ එය මේ මොහොතේ ද සිදුවෙමින් පවතී.

    අරගලය යනුවෙන් අර්ථ දැක්වූයේ බහුතර ජනතාව සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීමය. මේ වන විට ජනතාව දේශපාලකයන්ගේ ඊනියා පොරොන්දු ප්‍රතික්ෂේප කර ඇත. රට හමුවේ තැබිය යුත්තේ ඉදිරියේදී ජාතික ආර්ථිකය මෙහෙයවන ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ වැඩපිළිවෙළ බව ජනතාව කියති. පළාත් පාලන මැතිවරණ වේදිකාවේ එම වැඩපිළිවෙළ දිග හරින විට ඊට බිය වූ ධනේශ්වරය සතු සන්නිවේදන ආයතන බෙහෙවින් චකිතයට පත්විය.

    එහි ප්‍රතිඵලය වූයේ සමගි ජන බලවේගය වේදිකාවේ ජාතික ජන බලවේගයට විරුද්ධව යම් ප්‍රකාශයක් ඉදිරිපත් වූ මිනිත්තු දෙක හා ජාජබ වේදිකාවේ සජබට විරුද්ධව යමක් කියැවන මිනිත්තු දෙක උත්කර්ෂයට නැංවීමයි. එය ජනතාව ප්‍රධාන දේශපාලන කරුණුවලින් විතැන් කරවන මාර්කටින් ප්‍රහාරයකි. සතියක් දෙකක් ගත වනවිට මැතිවරණ වේදිකාවේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ සංවාදය යටගොස් ප්‍රති පාක්ෂිකයාට පහර එල්ල කරගන්නා තැනට පත්වූ අයුරු අපි දුටුවෙමු.

    රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න, ආණ්ඩුව විසින් එතෙක් පැවැති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් හකුළා දැමීම ආදී ආණ්ඩුව සමඟ සෘජු ලෙස ගැටෙන ප්‍රශ්න ක්‍රමයෙන් තිරය පිටුපසට තල්ලු කර දමමින් මැතිවරණ වේදිකාවේ සජිත් ප්‍රේමදාසගේ සහ අනුර දිසානායකගේ පුද්ගල ප්‍රතිරූප ඉස්මතු කර දෙපැත්තෙන් පහර එල්ල කර ගන්නා තැනකට පත් වීම ඛේදජනක තත්ත්වයකි.

    ආර්ථික අර්බුදය පිළිබඳ විවරණය මැතිවරණ වේදිකාවෙන් පසෙකට තල්ලු වූ අතර ජනතාව පෙළන අසීමිත බදු, අත්‍යවශ්‍ය ඔෟෂධ නොමැතිව රෝගීන් මිය යෑම වැනි කරුණු වෙනුවට පක්ෂ නායකයන්ට අදාළ පෞද්ගලික කාරණා සංවාදයට ලක් කෙරෙන ස්ථානයක් බවට මැතිවරණ වේදිකාව පත්වීම පිළිබඳ වඩාත් සතුටට පත්වන්නේ බලයේ සිටින ආණ්ඩුවය. මැතිවරණ වේදිකාව ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විස¾දුම් ඉදිරිපත් කරන ප්‍රශස්ත සභාවක් බවට පත් කිරීම පක්ෂ නායකයන්ගේ මෙන්ම දේශපාලනය කෙරෙහි උනන්දුව දක්වන ජනතාවගේද වගකීමකි.

    • මේ රට බ‍ංකලොත් වීමට මඟ හෙළිකල තිස්වසරක ජාතීන් අතර යුද්ධය ඇතිවීමට ආසන්න ව්ශයෙන්ම හේතුපාදක වූ 1972 ජඩරජ ව්‍යවස්ථාව සකස් කිරීමට මුල් වූයේ වාමාංශික ඔස්තාර් කෙනෙකු වූ කොල්වින් ආර් ද සිල්වායි. ඒකීය රාජ්‍යය, රාජ්‍ය ආගම, රාජ්‍ය භාෂාව වැනි පුහු වටිනාකම් වලට තැනක් ලැබුනේ එතැන් සිටය. නැතිව ඊනියා ධනේශ්වර දේශපාලනය නිසා නොවේ

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: