අජිත් පැරකුම් ජයසිංහ

නිදහස් දිනය යනු, ලංකාව හෙවත් සිලෝන්හි සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් ශ්‍රී ලංකාව නම් රාජ්‍යය බිහි වූ දිනයයි.

මැයි 18 යනු, ශ්‍රී ලංකාවට එරෙහි දෙමළ ඊලාම් අභියෝගය පරදවා ශ්‍රී ලංකාව ජයගත් දිනයයි.

2022 ජුලි 9 යනු, පරිවර්තනය වීමට අසමත් වූ ශ්‍රී ලංකා රාජ්‍යය විනාශ කිරීම ආරම්භ කළ දිනයයි.

2024 සැප්තැම්බර් 21 ජයගත්තේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යය විනාශ කිරීමේ වාමාංශික මෙහෙයුමකි.

එතැන් සිට සිදුවන සියලු දේ විග්‍රහ කරගත යුත්තේ එම උපායමාර්ගය තුළිනි.

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් ශ්‍රී ලංකාව නම් රාජ්‍යය අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතුය. සුළුතර ප්‍රජාවන් විධිමත් ලෙස ඇතුළත් කරගත යුතුය.

ශ්‍රී ලංකා රාජ්‍යය විනාශ කරන්නට උත්සාහ කරන්නන් විසින් ගොඩනගනු ඇත්තේ කුමක්දැයි ඔවුන්වත් දන්නේ නැත. 2022 ජුලි 9න් පසු කුමක් කරන්නේද යන්න ගැන අරගලකරුවන්ට අදහසක් නොතිබුණු ආකාරය එය සංකේතවත් කළේය.

වර්තමාන ආණ්ඩුවට ද එසේමය. අදහසක් නැත. දැක්මක් නැත. තමන් මෙහෙයවන බලවේග විසින් යොමු කරන පැතිවලට ඔවුන් අන්ධයන් සේ ගමන් කරනු පෙනේ.

ශ්‍රී ලංකාව සුළුතර ප්‍රජාවන් විධිමත් ලෙස ඇතුළත් කරගන්නා සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයක් ලෙස පරිවර්තනය කරගැනීම හැර ශ්‍රී ලංකාව රැකගැනීම සඳහා වෙනත් ක්‍රමයක් නැත.

විනාශය හෝ පරිවර්තනය යන දෙකෙන් එකක් තෝරාගන්න.

මම පරිවර්තනය තෝරාගෙන ඇත්තෙමි. ඒ වෙනුවෙන් විනාශකාරී බලවේගයට එරෙහිව දේශපාලන කතිකාව ගොඩනගමින් සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *