එයා

අජිත් පැරකුම් ජයසිංහ

සමහර අවස්ථාවලදී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාවය ගැන ඔබ නොදන්නේ නම්, ඔවුන් සඳහා භාවිතා කළ යුතු නිවැරදි සර්වනාම (pronouns) මොනවාදැයි සිතීම අපහසු විය හැකිය. පුද්ගලයෙකුගේ පෙනුම අනුව ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුමාන කිරීම ඔවුන්ට වේදනාවක් ගෙන දිය හැකිය. වැරදි සර්වනාම භාවිතා කිරීම “misgendering” ලෙස හැඳින්වේ. මෙම ගැටලුවට පහසු සහ ගෞරවනීය විසඳුමක් නම්, ඔබට නිශ්චිතවම ඔවුන්ගේ කැමැත්ත දැනගන්නා තුරු එයා හෝ ඔවුන් වැනි යම් සර්වනාමයක් භාවිතා කිරීමයි. කතා ව්‍යවහාරයේදී එයාලා, ඒගොල්ලන් වැනි යෙදුමක් යොදාගන්නට පුළුවන්.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe

මෙම සර්වනාම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූවක් නොවේ (gender-neutral). එමගින් යම් පුද්ගලයෙකු පිරිමියෙකු හෝ ගැහැනියක යැයි අනුමාන කිරීම සිදු නොවේ.

මෙතනදී මතුවන ප්‍රශ්නයක් වන්නේ ‘ඔවුන්’ ඒකවචනයක්ද යන ප්‍රශ්නයයි. ඉංග්‍රීසි භාෂාවේ නම් සියවස් ගණනාවක් තිස්සේ they/them ඒකවචන ලෙස ද භාවිතා වී ඇත. එය එක පුද්ගලයෙකුට සහ පුද්ගලයන් කිහිප දෙනෙකුට “you” යන වචනය භාවිතා කරනවා හා සමාන දෙයකි.

සිංහලේ නම්, ප්‍රථම පුරුෂ සර්වනාමයක් ලෙස ‘එයා’ නම් ඒකවචන ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් නැති වචනයක් තිබේ. එය එතරම් ලිඛිත භාෂාවේදී භාවිතා වන්නේ නැත.

හොඳම පිළිවෙත: කෙලින්ම අසන්න

“ඔවුන්/ඔවුන්ට” යනු හොඳ විකල්පයක් වුවද, වඩාත් ගෞරවනීය ක්‍රමය නම් අදාළ පුද්ගලයාගෙන් කෙලින්ම ඔවුන් කැමති සර්වනාම මොනවාදැයි විමසීමයි. උදාහරණයක් ලෙස, ඔබට මෙසේ ඇසිය හැක:

  • “ඔයා ගැන ලියනකොට පාවිච්චි කරන්නට ඕනැ ‘ඔහු’ද? ‘ඇය’ද?”
  • “ඔබේ සර්වනාම මට මතක් කර දිය හැකිද?”

යම් වරදක් සිදුවුවහොත්, සරලව සමාව ඉල්ලා, එය නිවැරදි කර සංවාදය ඉදිරියට කරගෙන යන්න. ඒ ගැන වැඩිපුර කරදර වීම අවශ්‍ය නැත.

ඉංග්‍රීසියෙන් මේ ප්‍රශ්නය ගැන ලිපිය මෙතනින්.

Creative Content Consultants
Call 077 1734470 / 077 1229191

Leave a Reply

Your email address will not be published. Required fields are marked *