Suresh Salley

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු දැඩි මානසික සහ ශාරීරික වධහිංසාවලට ලක්වන බවට ඔහුගේ බිරිඳ විසින් ඉදිරිපත් කර ඇති ලිපිය සහ අධිකරණයේදී ඔහුගේ නීතිඥවරුන් දැක්වූ කරුණු සමාජයේ දැඩි අවධානයට ලක්ව ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත රහස් පොලිස් (CID) භාරයේ පසුවන සලේ මහතා, සියදිවි හානිකර ගැනීමේ අවදානමක පසුවන බවට අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තා පවා පෙන්වා දී තිබේ.Continue Reading

IMF

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඩොලර් මිලියන 808ක දැවැන්ත මුදලක් රටින් පිටවී හෝ අතුරුදන් වී ඇති බවට ප්‍රකාශයක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කළ පිටු 143කින් යුත් වාර්තාවක මේ බව පැහැදිලිව සඳහන් වන බවත්, 2025 වසර සඳහා එය ඩොලර් මිලියන -808 ක් ලෙස සටහන්ව ඇති බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම ඉදිරි වසර සඳහා එය ‘බිංදුව’ (0) ලෙස සටහන් කර ඇති බවත්, එයින් මෙම මුදල සැබැවින්ම රටින් පිටවී ඇති බව තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.Continue Reading