තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩඒමක් නැත
අතීතයේදී තමන්ගේම සමච්චලයට ලක් වූ ‘මිල සූත්‍ර’ අගය කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශයන් ඉතා වැදගත්ය. ඉන්ධන හා විදුලිය මෙන්ම ජල ගාස්තු පවා තීරණය විය යුත්තේ එහි සැබෑ නිෂ්පාදන පිරිවැය මත පදනම්වය. එහෙත්, රජය ඉන්ධනවලින් විශාල බදු ආදායමක් උපයා ගන්නා බව ද ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. එපමණක් නොව, රජය හැකි සෑම ආකාරයකින්ම ජනතාවගෙන් බදු අය කරමින් සිටියි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රතිපත්තියේම දිගුවකි.Continue Reading












