නාලක ගුණවර්ධන විසිනි [email protected] ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාවේ කොන්දේසි කඩ කරන අයට ලැබෙන දඬුවමක් වන්නේ දින තුනක්, හතක් හෝ ඊට වැඩි කාලයක් පුරා ගිණුම අත්හිටුවීමය. ජනප්‍රිය කටවහරේ මෙය හැඳින්වෙන්නේ ‘ෆේස්බුක් හිරේ වැටෙනවා’ යනුවෙනි. මෑතදී වියෝ වූ මාධ්‍යවේදී සජීව විජේවීරගේ ෆේස්බුක් ගිණුම, 2021 පෙබරවාරියේ දිනක හදිසියේ එම ඉරණමට මුහුණ පෑවේය. සමාගම ඒ සඳහා නිශ්චිතContinue Reading

වර්තමාන යුද සංදර්භය සහ ගෝලීය අර්බුද හමුවේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් ඉදිරියේදී දිළිඳුකම තවදුරටත් වැඩි වීමට පවා ඉඩ තිබේ. එබැවින් දිළිඳුභාවයට එරෙහි සටන වෙනදාට වඩා තීව්‍ර කළ යුතු යුගයක් උදා වී ඇත. 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ඓතිහාසික හා බරපතළ ආර්ථික අර්බුදයත් සමඟ මෙරට සමාජ දේහය පුරා දිළිඳුභාවය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, හුදු සහනාධාර බෙදාදීමේ යල්පැනගිය ආකෘතිවලින් ඔබ්බට ගිය තිරසර විසඳුමක අවශ්‍යතාව සිවිල් සමාජය විසින් දැඩිව මතු කරන ලදි. විශේෂයෙන්ම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සමග එක්ව, අපි මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කළෙමු. නව සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලෙස ‘අස්වැසුම’ හඳුන්වා දෙන සමයේදී, දිළිඳුභාවය පිටුදැකීමේ වැඩසටහන් පිළිබඳ පුළුල් පදනම් අධ්‍යයනයක් (Baseline Study) සිදු කරමින් මේ පිළිබඳ කතිකාවක් සමාජගත කිරීමට අපි උත්සාහ කළෙමු.Continue Reading

Pan Gedi Bus

ඉස්සර ලංගම හෙවත් සීටීබී බස්වලට හිටි හැටියේ මගදී කඩා පැනලා ටිකට් පරීක්ෂා කරන පිරිසක් හිටියා. ඒ පරීක්ෂා කිරීමේ අරමුණ තමයි, කොන්දොස්තර ටිකට් දීලා ද, මගීන් ටිකට් අරගෙන ද කියලා පරීක්ෂා කරන එක. ඒ කණ්ඩායමට හැමෝම කිව්වෙ ප්‍රයිංස්කෝට් එක කියලායි.Continue Reading

1928 අගෝස්තු 4 වැනි දින වැලිගම මිදිගමදී උපත ලැබූ අවාලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා 1964දී දෙහිවල බෝඩිමට ආවාට පසුව, ගමෙන් ගෙන ආ ලියන මේසය මේ. අජීව වස්තුවක් වුණත්, සුගතපාල ද සිල්වා නිර්මාණය කළ බොහෝ කල් පවතින බොහෝ නිර්මාණවලට මේ ලියන මේසයත් දායක වුණා.Continue Reading

ජේආර් ලංකාවේ ධනේශ්වර ක්‍රමය තිරසර කරන්නට හේතු වූ තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ නායකයෙකි. ප්‍රභාකරන් දෙමළ ජාතිකවාදය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා යුද්ධයක් මට්ටමට ඔසවා තැබුවේය. මහින්ද එය පරදවා සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය ශ්‍රී ලංකාව තුළ තිරසර කළේය. රනිල් බිඳ වැටුණු ලංකා ආර්ථිකය තිරසර ලිබරල් ධනේශ්වර පීල්ලක තැබුවේය. Continue Reading

PTA NPP policy

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවභාවිත කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් අත්තනෝමතික ලෙස උදුරා ගැනීමේ බිහිසුණු යථාර්ථය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළිත් වරක් අනාවරණය විය. අසාධාරණ ලෙස මාස නවයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාවනැල්ලේ මොහොමඩ් සුහයිල්ගේ සිදුවීම මගින් පෙන්වා දෙන්නේ, මෙවැනි අපරාධ හුදු සමාව ගැනීමකින් හෝ වන්දි ගෙවීමකින් කිසිදා අවසන් කළ නොහැකි බවයි.Continue Reading

සරලා බායි කියන්නේ ටවර් හෝල් යුගයේ ප්‍රේක්ෂකයන්ව තමන්ගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිස්සු වට්ටපු පිරිමි ශරීරයකින් ඉපිද නිළියක් ලෙස ජනප්‍රිය වූ පිරිමි පුද්ගලෙක්. ටවර්හෝල් නාට්‍ය විකාශනයේ වැඩිම වාර ගණනක් සඳහන් වන නිළියගේ නම වන්නේ ද ‘සරලා බායි’ නාමයම තමයිContinue Reading

ඩීසල් මිල වැඩි කරලා දැන් දවස් දෙකක්. බස් ගාස්තු වැඩි කරන්නට වෙනවා කියන එක අනිවාර්යයි. අර කයිවාරු ප්‍රවාහන ඇමතියි, නියෝජ්‍ය ඇමතියි බානට බැරි ඇයි සඳුදා වෙන්න කලින් වැඩි කරන එකක් වැඩි කරලා සතිය පටන් ගන්න අද දවසෙ පොදු ප්‍රවාහනය පවත්වාගෙන යන්න.Continue Reading

ගෝඨාභයට (ශිරන්තිට හා හිටපු නීතිපති මොහාන් පීරිස්ට) ගෙනෙන ෆ්ලැට් එකක ගෙවල් දේශපාලන හිතවතුන්ට බෙදුවාය කියන චෝදනාවත් හරියට අර කැරම් බෝඩ් බෙදුවා කියන චෝදනාව වගේම තමයි. බෙදලා තියෙනවා. දේශපාලන හිතවතුන් කියන්නෙ කවුරුද?Continue Reading