වෙන්නප්පු සභාපති අප්පු ව්‍යවස්ථාවට කෙළපු හැටි

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මූලික නීතිය ගැන නොදත්, නායකත්වයක් නැති, උපදේශකයකු නැති පුද්ගලයකු ලෙස සැලකිය හැකි, කේ.වී. සුසන්ත පෙරේරා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක රූපයක් මේ සමග තිබේ.

මෙම මුග්ධ සභාපතිවරයා විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තිබෙන දංකොටුව සතිපොළ භූමියෙහි වෙළඳාම් කිරීම මුස්ලිම් ජනයාට තහනම් කර තිබේ.
මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුට තබා ජනාධිපතිවරයාටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොහැකි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියේ මෙසේ දැක්වේ:
(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)කිසිම පුරවැසියක වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය;
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(3) වගන්තියේ ඉතා පැහැදිලිව මෙසේ දැක්වේ:
වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත‍්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමාගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් අශක්නුතාවකට, බැඳීමකට, සීමා කිරීමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වගන්තියේ දැක්වෙන ආකාරයට, “යම් තැනැත්තකුට හිමි වන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක‍්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය.”
මෙම සභාපතිවරයා දංකොටුව ජනතාව වෙත නිකුත් කර තිබෙන මෙම ප්‍රසිද්ධ ලිපිය මගින් කරනු ලබන ප්‍රචාරය මතභේදාත්මක 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ද ගැනෙන වරදක් ලෙස සැලකිය හැකි ය.
මෙම පනත අනුව, කිසිදු පුද්ගලයකු යුද්ධය හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය හෝ වෙනස්කම් කිරීමකට, එදිරිවාදිත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති වන පරිදි ප්‍රචාරය නොකළ යුතු ය.
මෙම ප්‍රචාරණය ඉතා පැහැදිලිව ම වෙනස්කම් කිරීමක් වෙනුවෙන් කරන ප්‍රචාරණයකි.
“ලොකු ගැටුමක් නවත්වා ගැනීමක් තමයි මම කළේ. මට ලැබුණු පෙත්සම් මාධ්‍යට ලබා දිය හැකියි,” යි වෙන්නප්පු ප්‍රාදේශීය සභා සභාපතිවරයා බීබීසී පුවත් සේවයට පවසා තිබේ. ගැටුම් වැළැක්වීමට මෙවැනි පියවරක් ගැනීමේ කිසිදු බලයක් ඔහුට නැත.
බහුතර වෙළඳ ප්‍රජාව මෙම මුස්ලිම් වෙළඳුන්ට දංකොටුව සති පොළට එන්නට නොදෙන්නැයි ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ජගත් පියංකර බීබීසී පුවත් සේවයට පවසා තිබේ. එම වෙළඳුන් කවුරුදැයි ඔහු පොලිසියට දැනුම් දිය යුතු ය. ඔවුන් අපරාධකරුවන් පිරිසකි.
අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරනවා වෙනුවට සභාපතිවරයා කර තිබෙන්නේ වින්දිතයන්ට එරෙහිව පියවර ගැනීමයි.
2019/06/24 සදුදා දින දන්කොටුව සතිපොළේ මුස්ලිම් වෙළඳ මහතුන් සහ අනෙකුත් වෙළඳ ප්‍රජාව සමග ඇතිවූ නොසන්සුන්තාව ප්‍රචණ්ඩකාරී තත්වයකට යෑමට පෙර දන්කොටුව ජනතාවත් වෙළඳ සංගමය සහ ගරු ආගමික නායක තුමාගේ ඉල්ලීම පරිදි මෙය සාකච්ඡා මගින් විසඳා යථා තත්ත්වයට පත් කර ගැනීමට, අවස්ථාව අනුව මුස්ලිම් වෙළඳ මහතුන්ගේ අනෙකුත් වෙළඳ ප්‍රජාවගේ සාමය උදෙසා ගත් තාවකාලික පියවරක් ලෙස මෙයින් ප්‍රකාශ කර සිටිමි. මෙම ක්‍රියාව යම් දේශපාලන පටු අරමුණු උදෙසා යොදා ගැනීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිමි. ඉදිරි අනාගතයේදී සියලු ජාතීන් සඳහා සාමයෙන් සතුටින් පිරි නාගරික වාතාවරණයක් ඇති කිරීමට තාවකාලික පියවර ඉවහල් වන බව බුද්ධිමත් ජනතාවට ප්‍රකාශ කර සිටිමි. The decision to temporarily restrict Muslim vendors from participating in the weekly market of Dankotuwa is currently being grossly misrepresented as an act of apartheid. Wennapluwa PS is not in the business of willful racial segregation or targetting any business under the virtue belonging to a particular religion. Unfortunately, some have decided to twist the context of my decision to request Muslim vendors to refrain from taking part in the weekly market. This difficult decision was made as a result of conflict amongst Muslim and other vendors in the Dankotuwa weekly market and was meant as a precautionary measure to mitigate further escalation of the conflict at the request of the general public and the local religious leaders. The police were instructed to carry out a preliminary investigation, so further assessments can be made, and until then, Muslim vendors were requested to refrain from doing business for everyone’s safety. The unfortunate reality is that due to the events from recent history, any interactions with the Muslim community is a delicate matter and due to the extenuating nature of the circumstances, difficult decisions had to be made. Please do not politicize this action during these sensitive times to further anyone’s political ambitions. Victor Susantha Perera වික්ටර් සුසන්ත පෙරේරා .
Mata kitenne aandukrama vivasthaawa lokko maayim nokarana kalhi poddo da ehema karana bawai