Sri Lankans in UAE

ආපසු එන්නට ලියාපදිංචි වූ UAE ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් අදහස වෙනස් කරගෙන

ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී සිටින එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් 2000ක පමණ පිරිසක් ඇමතීමෙන් පසු, ආපසු පැමිණීමට ඉදිරිපත් වුණේ 547 දෙනෙකු පමණක් බව එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා පවසයි.

Translations by Creative Content Consultants

එයට හේතුව වන්නේ ඔවුන් අලුත් රැකියා හෝ රැකියා අවස්ථා හේතුවෙන් දිගටම එරට රැඳී සිටීමට තීරණය කිරීම බව තානාපතිවරයා එමිරේට්ස් පුවත් නියෝජිතායතනයට පැවසී ය.

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයෙහි ශ්‍රී ලාංකික සේවකයන් 300,000ක් පමණ රැකියාව කරන අතර කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ ඔවුන්ගෙන් 25,000ක් පමණ දෙනා ආපසු පැමිණීම සඳහා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වූ හ.

ශ්‍රී ලංකාව විසින් මේ වන විට 5,000ක් පමණ පිරිස ආපසු ගෙන්වාගෙන තිබෙන අතර, තවත් 7,000ක් පමණ ඉදිරි කාලයේදී ආපසු යනු ඇති බව තානාපතිවරයා පැවසී ය. ආපසු පැමිණීමට ලියාපදිංචි වූ පිරිසෙන් අඩක් පමණ ඉක්මණින් ශ්‍රී ලංකාවට නොයනු ඇති බව තානාපතිවරයා පවසයි.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුන අතරින් ලක්ෂයක් පමණ පිරිසක් සුදු කරපටි රැකියාවල නියැලී සිටිති. ලක්ෂ තුනෙන් 220,000ක් ම සිටින්නේ ඩුබායි සහ උතුරු එමිරේට්ස්හි ය. 80,000ක් අබුඩාබි සහ අල් අයින්හි සිටිති.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ශ්‍රී ලංකාවේ මැදපෙරදිග ප්‍රධානතම වෙළඳ හවුල්කරුවා ද වේ.

තවත් විස්තර මෙතැනින්

Translations