Negambo prison

මීගමුවේ පවත්වාගෙන ගිය ආණ්ඩුවේ නියම බෝඩිම

හිර ගෙවල්වලට ආණ්ඩුවේ බෝඩිම යයි විහිළුවට කීවත්, මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා වන අනුරුද්ධ සම්පායෝ හා තවත් අය විසින් ඇත්තෙන් ම ආණ්ඩුවේ බෝඩිමක් පවත්වාගෙන ගොස් තිබේ.

Translations by Creative Content Consultants

සිරකරුවකු යනු පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ සීමා කළ අයෙකි. එයට හේතුව එම පුද්ගලයා අධිකරණයෙන් වරදකරුවකු වී දණ්ඩනයකට ලක් කර තිබීමයි. එහෙත්, සිරකරුවා යනු ද මනුෂ්‍යයකු නිසා ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල තිබෙන පහසුකම්වලට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් අනිවාර්යයෙන් ම සිරකරුවකුට සැපයිය යුතු ය. නිසි වාතාශ්‍රය, ආරක්ෂිත පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් හා ආහාර ගන්නට අවශ්‍ය මූලික උපකරණ, සෞඛ්‍යාරක්ෂිත, සරල ඇඳුම්, මදුරු උවදුරුවලින් ආරක්ෂාව, බෙහෙත්, නිදාගැනීමට සුදුසු ඇඳක් හෝ මෙට්ටයක් වැනි දේ සිරකරුවකුට අවශ්‍ය ය.

සාමාන්‍යයෙන් සිර මැදිරිවල තහනම් දේ තිබේ. ඒ ගින්දර, කැපීම් කෙටීම් කළ හැකි තියුණු හෝ මොට්ට ලෝහමය හා දැවමය ද්‍රව්‍ය, විදුලි උපකරණ, සන්නිවේදන උපකරණ ආදිය ඒ අතර වේ.

සිරකරුවන් හා රිමාන්ඩ් බන්ධනාගාරගත වූවන් ළඟ ජංගම දුරකථන තිබීම වර්තමානයේ බරපතල ම අභියෝගය වී ඇති බව පෙනේ. ඒවා යොදාගෙන ඇතැමෙකු අපරාධ කරනවා විය හැකි ය. එහෙත්, බහුතරයක් සිරකරුවන් මෙම ජංගම දුරකථනය භාවිතා කරන්නේ පවුලේ අය සමග කතා කිරීම සඳහා ය. ඒ සඳහා ඔවුන්ට පොදු දුරකථන පහසුකමක් යම් සීමාවත් තුළ සැපයීමට බැරිකමක් නැත. එසේම, වර්තමානයේදී නම්, අන්තර්ජාල වැනි පහසුකම් ද යම් සීමාවක් තුළ සැපයීම ගැටලුවක් නොවේ.

එහෙත්, මේ සියල්ල සිදු කළ යුත්තේ සැමට සාධාරණ ලෙස ය.

මීගමුවේ ආණ්ඩුවේ බෝඩිමක් පවත්වාගෙන ගිය බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු පිරිස කර තිබෙන්නේ වෙන කුමක්වත් නොව මත්ද්‍රව්‍ය වැරදිකරුවන් විසින් අයථා ලෙස උපයාගෙන තිබෙන මුදල් ලබාගෙන ඔවුන්ට බන්ධනාගාරය තුළ සුවිශේෂ පහසුකම් ලබාදීමයි.

නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කරන්නට යන්නේ, ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය, කූඨ ලේඛන සැකසීම වැනි වැරදි මත වුව ද‍, මෙහි ඇති දරුණු ම අපරාධය වන්නේ අල්ලස් ගැනීමයි. විමර්ශනයෙන් එම චෝදනාව පිළිබඳ සාක්ෂි සොයාගන්නට බැරි වීම විස්මය ජනක ය.

Translations