Sri Lanka Railway

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රු. කෝටි 10කට වැඩි බව ප්‍රවාහන ඇමති බන්ධුල ගුණවර්ධන පවසයි.

2021 වසරේදී ආදායම රු. කෝටි 260ක් වෙද්දී අලාභය රු. කෝටි 3,700ක් විය.

දුම්රිය තවමත් ධාවනය වන්නේ බස් ගාස්තු මෙන් අඩක් පමණ වන සහන ගාස්තු සමගයි.

දුම්රිය යනු රජය සතු අනගි සම්පතකි. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව කිලෝමීටර් 1,561ක් දිග දුම්රිය මාර්ග තිබේ. ලොකොමොටිව් දුම්රිය 72ක් ද, පවර්සෙට් දුම්රිය 78ක් ද, දුම්රිය මැදිරි 78,565ක් ද සංඥා පද්ධතියක් ද හිමි දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකාය 17,634කි.

මගී ප්‍රවාහනයෙන් 6%ක් පමණ සිදුකරන දුම්රිය විසින් භාණ්ඩ ප්‍රවාහනයට කරනු ලබන දායකත්වය 1%කටත් වඩා අඩුය. අතීතයේදී දුම්ර්ය සේවය විසින් වැඩිපුර කරනු ලැබුවේ භාණ්ඩ ප්‍රවාහනයයි.

ආසන්න වශයෙන් දුම්රිය ගමන් වාර 396 ක් දෛනික මෙහෙයුම් ක‍්‍රියාවලියට යොදවා ඇති අතර දුර ගමන් දුම්රිය 67 ක්ද, නගරාන්තර දුම්රිය 16 ක්ද ධාවනය කෙරේ.

ශ‍්‍රී ලංකාවේ දුම්රිය ජාලයෙන් 90%ක් ක් පමණ ඒකීය දුම්රිය මාර්ග වන අතර එහි කිලෝමීටර් 126ක් ද්විත්ව දුම්රිය මාර්ග ද, කිලෝමීටර් 14 ක ත‍්‍රිත්ව දුම්රිය මාර්ග ද, කිලෝමීටර් 3 ක සිව් දුම්රිය මාර්ග ද වේ. සියලු බහු දුම්රිය මාර්ග බස්නාහිර පලාත තුළ පිහිටා ඇති අතර බස්නාහිර පළාත තුළ දුම්රිය මාර්ගවල දිග කිලෝමීටර් 230කි.

දුම්රිය සේවය වෙත ආයෝජන ලබාගත යුතුය. එය සංවර්ධනය කිරීමෙන් මගී ප්‍රවාහනයේ පංගුව 10% දක්වා ද, භාණ්ඩ ප්‍රවාහනයේ පංගුව 5% දක්වා ද වර්ධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුමේ සැලසුම් මගින් ඉලක්ක කරයි.

(දත්ත මූලාශ්‍රය දුම්රිය දෙපාර්තමේන්තුව)

1 thought on “දුම්රියට වහා අතගසන්න

  1. කරන්න වෙන්නෙ නෑ. පුද්ගලිකකරණය ලේබල් එක ගහලා කොහොම හරි වලක්වනවා.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: