“ප්‍රවෘත්ති” “තොරතුරු” මහජන අවකාශයට (Public Sphere) අයිති දෙයක්. මෙතැනදි ප්‍රවෘත්ති කියන්නේ මහජනයා සතු පොදු දේපලක් (Public Good) වශයෙන් සැලකීම වැදගත්. ඒ නිසා ප්‍රවෘත්ති උපරිම මහජන යහපතට හේතු වන ආකාරයට නිෂ්පාදනය වීම ඉතාම වැදගත්. ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ ප්‍රවෘත්ති වෘත්තීය මාර්ගෝපදේශ (Code of Practice) භාවිතයට ගැනීම සහතික කිරීම, ප්‍රවෘත්ති මහජන පොදු දේපලක් ලෙස සැලකීමේ අනිවාර්ය සංඝටක.Continue Reading

Sri Lanka Press Institute article

මාධ්‍ය තුළින් ම පැනනැගී තිබෙන අලුත් තත්වයන් හේතුවෙන් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ නව ගැටලු රැසක් නිර්මාණය කර තිබේ. ඔබ අතැති සැරයටිය හතර අත වනමින් යාමට ඔබට තිබෙන නිදහස අනෙකාගේ නහය අසලින් සීමා වේ යයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එය ප්‍රකාශනයේ නිදහසටත් අදාළය. ප්‍රකාශනයේ නිදහස අවභාවිතා කිරීම් පැනනගින්නේ මාධ්‍ය තුළින්මය. එවැනි අවභාවිතාවන්ට එරෙහිව රාජ්‍යය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රකාශනයේ නිදහසට ම ආපිට බලපායි. මෙම විෂම චක්‍රය තුළ මාධ්‍ය මැනවින් කළමනාකරණය කරගැනීම සඳහා මාධ්‍යකරුවන්ගේ මෙන්ම පාඨකයන්ගේද සාමූහික වගකීම් අවශ්‍යය. සරලව කීවොත්, මාධ්‍යකරුවන් සිතාමතා කරන මාධ්‍ය අවභාවිතාවන් නැවැත්විය යුතුය. පාඨකයන් එවැනි තත්වයන් ක්ෂණිකව හඳුනාගැනීමට තරම් සබුද්ධික විය යුතු අතර මාධ්‍ය අවභාවිතාවන් වහා ප්‍රතික්ෂේප කළ යුතුය.Continue Reading