Mahara prison

මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජයේ වගවීම ප්‍රශ්න කිරීමට හේතු වී ඇත. Continue Reading

Nurses protest

මේ මොහොතේ මේ රටේ රජයේ සේවයන් අතරින් ක්‍රියාත්මක වන්නේ අතළොස්සක් පමණයි. එසේ වැඩකරන අයට පහසුකම් සැපයීම අත්‍යවශ්‍යයි. හරිහමන් අන්දමින් මුඛ ආවරණයක්වත් සපයන්නේ නැති වූ විට හා ඔවුන්ගේ දුක්ගැනවිලිවලට නිලධාරීන් සවන් නොදෙන විට ඔවුන් වර්ජනවලට යොමුවීම පුදුමයක් නොවෙයි. Continue Reading

මෙම තත්වය තුළ බොරු සෝබන අතහැරලා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිපත්තිය අමුවෙන් මෙහෙම කියමු. “නාකි හා ලෙඩ්ඩු මැරෙන්න ඇර ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට යමු.” මේකෙ කිසිම නරකක් නැහැ. ශ්‍රී ලංකාව වගේ පසුපසට ගමන් කරන රටකට ඒ ගමන වළක්වාගැනීමට හා රට ඉදිරියට චලනය වීමට යොමු කරගැනීම සඳහා මේ උපායමාර්ගය සාධාරණ එකක්. Continue Reading

Yoshitha Rajapaksa at Nuwaraeliya

සැබෑ වගකිවයුත්තන්ට නීතිමය මුක්තිය ලැබෙනු ඇත. ආණ්ඩු පෙරළියක් වැනි අවස්ථාවකින් පසු අවසානයේදී යම් නිලධාරින් පිරිසකට කරදර වනු ඇත. රජයේ නිලධාරින් මේ ගැන දැනගෙන වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය. Continue Reading

handwashing

ඇතැමුන් බොහෝ වෙලාවක් එකම අත්වැසුම් පාවිච්චි කරමින් සිටින ආකාරය ඔබ දැක ඇති. ඒ අත්වැසුම්වල ඉතා පහසුවෙන් වයිරසය ඇලෙනවා. ඒවා තව තව පෘෂ්ඨවලත් තැවරෙනවා. මුදල්, මේස, කවුන්ටර, පරිගණක යතුරු පුවරු, ජංගම දුරකථන ආදී හැම තැනකම වයිරසය තිබෙන්නට පුළුවන්. අත්වැසුම් දමාගෙන මේවා අල්ලන අය ඒ අත්වැසුම් පිටින්ම මුහුණු ආවරණය අල්ලනවා ඔබ දැක ඇති. අත්වැසුම් යනු පාවිච්චි කර වහා බැහැර කළ යුතු දෙයක් මිසක් බොහෝ වෙලාවක් පැළඳ සිටින්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ දෑත් පිරිසිදු කරගැනීමයි. Continue Reading

WHO COVID-19 dashboard - curve turning downward

තත්වය උත්සන්න වෙමින් පවතින අද දවසේ අවදානමෙන් ගැලවීම සඳහා මහජනතාවට අවශ්‍ය ප්‍රධාන දෙය නිවැරදි තොරතුරු බව ආණ්ඩුවට මතක් කර දිය යුතුය. කොවිඩ්-19 වසංගතය ආණ්ඩුවේ වරදකැයි කවුරුවත් කියන්නේ නැත. එහෙත්, එය නිසි ලෙස කළමනාකරණය කර නොගන්නේ නම්, එයට ආණ්ඩුව වගකිව යුතුය. Continue Reading

herd immunity

ශ්‍රී ලංකාවේ රජය මෙන්ම සමාජයේ අප සියලු දෙනා ද වර්තමානයේදී කටයුතු කරන ආකාරය මේ අනුව බැලූ කල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිවලට අනුකූල නොවේ. රටේ ජනගහනයට එන්නත ලබාදීම තවමත් ආරම්භ කරවත් නැත. එහෙත් රජය පාසල් ද ඇතුළු සියලු අවකාශයන් විවෘත කරමින් සිටින්නේ රෝගය පැතිරීම වේගවත් වෙමින් තිබියදීය. මේ අතර කරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ද අඩුවෙමින් තිබේ. කෝවිඩ්-19 සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ තත්ව විශ්ලේෂණ දත්ත පුවරුවෙහි පසුගිය මාසයක පමණ කාලය තුළ කරන ලද පීසීආර් පරීක්ෂණ පිළිබඳ විස්තර ද අඩංගු වන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයේ වගකීම් විරහිතභාවය හා සමාජය එයට අනුගත වීම, ප්‍රශ්න නොකිරීම හා චර්යාවන් වෙනස් කර නොගැනීම බරපතල ගැටලු සහගත තත්වයකි. Continue Reading