blood in hand

ශ්‍රී ලංකාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතා පදනමින් එන්නත ලබාදුන්නේය. එහෙත්, එතැනින් එහාට සිදුවූයේ ඉතාම නින්දිත ක්‍රියාවලියකි. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් දක්නට ලැබිණි. එහෙත්, වයස අවුරුදු 60ට වැඩි දේශපාලකයින්ට ප්‍රමුඛ පදනමින් එන්නත ලැබිණි. දීර්ඝ පෝලිම්වල ගොස් එන්නත ලබාගත් අයට අමතරව ප්‍රමුඛතාව ලැබුණේ දේශපාලකයන්ගේ හිතවතුන්ට හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හිතවතුන්ටය. මේ පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකීමක් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා අල්ලසක් ලෙස ඔවුන්ට එන්නත ලබාදුන් බව මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ෆේස්බුක්හි සඳහන් කර තිබිණි. Continue Reading

Health Promotion Bureau

ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා එන්නත් ලක්ෂ 14.5ක් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය පියවර ගෙන තිබේ. එම එන්නත් හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ඒ සමගම, ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන, දෙවෙනි මාත්‍රාව නොමැතිව මාස ගණනක් බලාසිටින ජනතාවට සිය දෙවෙනි මාත්‍රාව ලබාගැනීමට හැකිවනු ඇත. Continue Reading

COVAX

අජිත් පැරකුම් ජයසිංහ COVAX පහසුකම යටතේ ලබාදෙන මොඩර්නා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ළඟාවුණා. එක්සත් ජනපදය විසින් පිරිනමනු ලබන එන්නත් මාත්‍රා 1,500,100ක් මෙම තොගයට අඩංගු වුණා. අද ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලැබෙන දෙවන ප්‍රදානයයි. එහි පළමු සැපයුම ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකාContinue Reading

COVAX-Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ඡායාරූපයේ දැක්වෙන්නේ අද දිනයේ යුනිසෙෆ් සංවිධානය හරහා එමිරේට්ස් ස්කයි කාගෝ සේවාව මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද COVAX පහසුකම යටතේ නොමිලේ ලැබුණු පළමු එන්නත් තොගයයි. එහි මාත්‍රා 264,000ක් අඩංගු වෙනවා. ඊයේ දිනයේත් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හේතුවෙන් අවම වශයෙන් වැඩිහිටියන් තිදෙනෙකු මියගොස් තිබේ. පෝලිම පැන එන්නත ලබාගත් ඇතැමුන්ගේත්,Continue Reading

COVID-19 vaccination in Sri Lanka

එන්නත් විසින් කරනු ලබන්නේ ආගන්තුක දේහයක් ශරීරයට ඇතුළත් කිරීමයි. එයට ප්‍රතිදේහ ජනකයැයි (antigen) කියනු ලැබේ. කෝවිඩ්-19 එන්නතේදී එය එම රෝගය බෝකරන වයිරසයට බොහෝදුරට සමානය. ඇතුළත් කරන ලද ප්‍රතිදේහ ජනකය සිරුර විසින් තර්ජනයක් ලෙස සලකන නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් එයට එරෙහිව ප්‍රතිදේහ (antibody) නිපදවනු ලැබේ. ප්‍රතිදේහ යනු ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වාභාවිකව නිපදවනු ලබන ප්‍රෝටීනයි. Continue Reading