Alborada

ඇල්බොරාදා රූප කාව්‍යයකි. කවිය හා කතාව අතර එක් වෙනසක් නම්, කවියට කතාවක් කියන්නට උවමනාවක් නැතිකමයි. කවියේ කතාවක් තිබේ නම්, ඒ කතාව කවිය තුළින් පාදාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. කවියා රසිකයාගේ පරිකල්පනය සඳහා අවකාශ විවර කර තබයි. ඇල්බොරාදාහි ඇති හිස්තැන් සමුදාය ද එවැනිය. උදාහරණයක් ලෙස, සක්කිලි ගැහැණියගේ මනස ගැන අප දන්නේ ඇය දූෂණයට දක්වන ප්‍රතිරෝධය හා දූෂණයෙන් පසු මුහුදේ බැස පවිත්‍ර වන්නට දරන උත්සාහය පමණි. ඇය දැවැන්ත හිස් අවකාශයකි. එම හිස්තැන් පුරවාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. ඒ සඳහා සහෘද පරිකල්පනයක් අවශ්‍යය. කලා කෘතියක් යනු නිර්මාණකරුවාගේ චින්තනයේ නිම්වළලු තුළ රසිකයා සීමා නොකරන, රාමුගත නොකරන ලද විවෘත අවකාශයකි. ඇල්බොරාදා කැන්වසය, පාට හා පිනසල්ය. ඒවා තෝරාගෙන ඇත්තේ හඳගමට ඕනෑ පරිදිය. එහෙත්, එයින් ඔබ කැමති චිත්‍රය නිර්මාණය කරගැනීමට ඔබට නිදහස තිබේ. මිනිස් මනස වඩාත් අව්‍යාජ වන තැනක් වන ලිංගිකත්වය යනු කිසිදු දාර්ශනිකයකුට හෝ විද්‍යාඥයකුට හෝ විග්‍රහ කළ නොහැකි සංකීර්ණත්වයකි. Continue Reading

antique kadayaka maranayak

රසවාදය ඔස්සේ නාට්‍යය විග්‍රහ කළොත් හඳගම නිර්මාණය කරන නාට්‍යයේ නාට්‍යමය දුර්වලකමක් පෙනෙනවා. නාට්‍යයේ ගැටුම පුපුරා යන අවස්ථාව තමයි මේ ලිංගික ජවනිකාව. එහි තිබෙන අභව්‍ය ස්වභාවය සමස්ත නාට්‍යයේම ගුණයට බලපානවා. එමගින් නිර්මාණය වෙන්නේ කෘත්‍රිම ශෝකාන්තයක්. Continue Reading

Beer Without Alcohol

අජිත් පැරකුම් ජයසිංහ Fall in love කියන ඉංග්‍රීසි ඉඩියම් එක අනුව, ඔබ Fall in love වෙනවා නම්, ඒක වෙන්නෙ එකපාරට. බලාපොරොත්තුවක් නැතුව. හරියට ඔබ පය පැටලිලා හරි, වෙනත් විදියකට හරි, බලාපොරොත්තු නොවූ විදියට වැටෙනවා වගේ. හරියට අශෝක හඳගමගෙ Beer Without Alcohol චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙ නදී කම්මැල්ලවීර වැටෙනවා වගේ. නදීගේ නාට්‍යමයContinue Reading