President Gotabaya at Thondaman funeral

නිරෝධායන නීති කැඩූ දහසක් අත්අඩංගුවේ; දේශපාලකයන්ට වෙන නීතියක්

හිටපු ඇමති හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ අවමංගල්‍යය මේ රටේ ලොකු ලොක්කන් විසින් රජයේ සියලු නිරෝධායන නීති විහිළුවට ලක් කළ අවස්ථාවකි.

Translations by Creative Content Consultants

තමන්ගේ ආණ්ඩුව විසින් ම පනවන ලද නිරෝධායන නීති කෙතරම් ප්‍රායෝගික ද යන්න මෙවැනි සිදුවීම්වලින් ආණ්ඩුවේ නායකයන්ට වැටහෙනු ඇත.

එහෙත්, තමන් විසින් පනවනු ලබන නීතිවලට තමන් පළමුව අනුගත වීම ආදර්ශවත් නායකයන්ගේ ලක්ෂණයකි. ලංකාවට එවැනි ආදර්ශවත් නායකයන් ඉන්නවා යයි අප නම් කිසි සේත් ම විශ්වාස කර නොමැති නිසා සිදු වන දේ සම්බන්ධයෙන් අපට විස්මයක් නැත.

පසුගිය මැයි 26දා සිට 29දා රාත්‍රී 10 වන තෙක් පොලිසිය විසින් නිරෝධායන නීති උල්ලංඝනය කළ සාමාන්‍ය වැසියන් 912ක් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් මාධ්‍ය ඒකකය ආඩම්බරෙන් පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම්වලට හේතුව මුව ආවරණ නොපැළඳීම, මීටරේ පරතරය පවත්වා නොගැනීම වැනි සරල හේතු ය.

තොන්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ මෙම නිරෝධායන නීති මත පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා නම් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු තව දහස් ගණනක පිරිසක් අත්අඩංගුවට ගන්නට හේතු තිබිණි.

ලොක්කන් නිරෝධායන නීති කඩන විට බකන් නිලාගෙන සිටින පොලිසිය මේ වන විට හන්දි හන්දි ගානේ මිනිසුන්ට තග දමමින් සිටියි. උනුත් එසේ කරන්නේ ආණ්ඩුව තවත් අපකීර්තියට ලක්කරන්නට විය හැකි ය. නැතිනම්, මහ එවුන් නිරෝධායන නීති කඩන ආකාරය රූපවාහිනියෙන් පෙන්වන අතරතුර මෙච්චර අමාරුවක් හැදෙන්නට හේතුවක් නැත.

මේ රටේ ලොකු ලොක්කන්ටත්, පොඩි මිනිසුන්ටත් යන දෙකොටසට ම තිබෙන්නේ එකම නීතියක් නොවන බවට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් පෙන්වා දෙමින් තිබෙන්නේ ඉතාම නින්දිත අයුරිනි.

කොවිඩ්-19 වැළඳී මිය ගිය ඇතැම් මුස්ලිම් මිනිසුන්ගේ දේහයන් පවුලේ ඥාතීන්ට පවා නොපෙන්වා පුළුස්සා දැම්මේත්, තොන්ඩමන්ගේ මිනිය සමග මිනීපෙට්ටි නැටුම් නටන අයම ය.

මිනී පෙට්ටි නැටුම ගැන අප මීට කලින් ලියූ මේ ලිපියත් කියවන්න.

මිනීපෙට්ටි නැටුම ජනප්‍රිය වීම පසුපස ඇති මනෝභාවය කුමක් ද?

Funeral dancers in Ghana
Translations