සරත් වීරසේකරගේ දෙකක් ගැලවීම

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා වෙත පවරාගෙන ඇත. මෙම ආයතන දෙක විශේෂ වැදගත්කමක් සහිත ඒවා නොවේ. බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව යනු මෙලෝ වැඩක් නැති සල්ලි කන යකෙකි. ඒවා සරත් වීරසේකරගෙන් ගලවන්නේ ඔහුට දඬුවමක් ලෙස මිස වෙන කිසිවකට නොවේ.
හිටපු නාවික හමුදා නිලධාරියකු හා ජාතිවාදී අන්තවාදී අදහස් ප්‍රකාශ කරන අමනෝඥ දේශපාලකයකු වන සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කර දැන් මාස අටක් ගතවී තිබේ. එම කාලසීමාව තුළ ඔහු කළ දේ මොනවාද? කැපීපෙනෙනම දෙය නම්, විලිලැජ්ජා රහිත කෘරත්වයක් ලෝකයට ප්‍රදර්ශනය කරමින් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පවා පැහැරගෙන ගොස් පොලිසිය ලවා වෙඩිතබා මරාදැමීමයි. ශ්‍රී ලංකා පොලිසියට සිදුකළ මෙම අවමානය හැර ඔහු පොලිසියට කළ අංශු මාත්‍රයක සංවර්ධනයක් නම් රටට පෙනෙන්නේ නැත.
ගුරු සංගම් නායකයන් අසාධාරණ අන්දමින් අත්අඩංගුවට ගෙන, නීති විරෝධී අන්දමින් නිරෝධායනයට යවා ගුරුවරුන් උද්ඝෝෂණයට කැඳවීමට ද, රට පුරා ආණ්ඩුවට අභියෝගාත්මක උද්ඝෝෂණ රැල්ලයක් නිර්මාණය කිරීමට ද සරත් වීරසේකර දායකත්වය දැක්වූයේය.
ඔහු වැනි අන්තවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, යල්පැනගිය අදහස් දරණ පුද්ගලයකුට පොලිසිය භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද බරපතලම වරදකි. ඔහුගෙන් ආයතන දෙකක් ගලවා ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය.
සරත් වීරසේකර ලවා උද්ඝෝෂණ මර්දනය කිරීමේ අළුගෝසු කාර්යභාරය ඉටුකරවාගෙන ඔහු ඉතිහාසයේ කුණු බක්කියටම තල්ලු කර දැමීම ද ඔහු වැනි අය සම්බන්ධයෙන් එක් විසඳුමකි. 1989 දශකයේ අගභාගයේදී හා 1990 දශකයේ මුලභාගයේදී රන්ජන් විජේරත්නට සිදුවූයේ එවැනි දෙයකි.
හිටපු මිලිටරි නායකයන්ට ජ්‍යේෂ්ඨ රාජ්‍ය තනතුරු භාරදීමෙන් රටට වැඩක් වේද නැද්ද යන්න මේ දිනවල පරීක්ෂාවට ලක්වෙමින් තිබේ. සරත් වීරසේකර ඇතුළු කිසිදු මිලිටරි නායකයකු රාජ්‍ය නිලධාරීන් ලෙස සාර්ථක වී නැති බව අපගේ නිරීක්ෂණයයි. ඔවුන් නිසා අවසානයේදී සිදුවී තිබෙන්නේ රජයට ඉතා වැදගත් වන පරිපාලන සේවය වැනි අංශවලින් පූර්ණ සහයෝගයක් නොලැබීමයි. ඔවුන් සේවය කරන්නේ හැඟීමකින් නොව, යාන්ත්‍රික ආකාරයකින් බව ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වේ. සරලව කිව්වොත්, ‘කරල බලපල්ලකො’ යන ආකල්පයෙනි.
සරත් වීරසේකරගේ පොලිසියේ පවා මේ වන විට දැවැන්ත කලකිරීමක් නිර්මාණය වි තිබේ. ඔවුන් ද ක්‍රියාකරන්නේ අලස හැඟිමකින් බව පෙනේ.
හමුදාවේ තියෙන එක් පාඨයක් තමයි ” කොහොම කරනවද දන්නෙ නෑ…උඹල මේක කරල තියෙන්න ඕන.” කියන එක. ඒ ප්‍රකාශය හමුදා ආධුනික පුහුණු කරුවන්ට අදාළ උනාට රටේ සිවිල් ජන පැවැත්මට කොහොමත් ගැළපෙන්නක් නොවේ. සරත් වීරසේකරත් හිතාගෙන ඉන්නෙ ඒ පාඨය හරහා සියළු කටයුතු අංගසම්පූර්ණව ඉටුවෙනවාය කියල වෙන්නැති. නිළයයි විචාර බුද්ධියයි අතර තියෙන පරතරය නොදන්න මැට්ටෙක්!
Hedena gaha depeththen denei .
Namuth pethi dekama , badagostharaya udesaa ukasata dunne nam kawara kathaa da !
Narin ta kisi dinaka sinhayan viya noheka .
Janathawa vindawana getaluwak , aanduwa ganang ganne nethi kaleka , thani minihek kiwwata wedak nethi nisaa Rajaya niyojane karana aanduwata elipita kiyaapeama saamoohikawa kerena UDGOSANAYA namwea .
Eya prajaathanthrikai .
Erehiwanno Prajathanthrika rajayakata nogelape .
Wisanduma wenuwata marthanaya aanduwakata honda netha .
Aanduwa paarlimeanthweya .
Namuth rajaya eliyeaya .
Weda gena salli nea kiyaa lissayeama aandwata honda neththe eliye inna minissunta thada unaama , sannaddhawa sitina aanduwakta thadha viemata wadaa , eliye inna janyata bokkenma ( spontaneously ) thadawunoth indala hamaaraya !