Gotabaya on wall

ආණ්ඩුව හා විශේෂයෙන්ම කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රකාශකයකු වන හමුදාපතිවරයා කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකිය. ලොක්ඩවුන් නොකරන බව මොවුන් ඔලුවෙන් හිටගෙන කීව ද අද එවැන්නක් සිදුවිය හැකිය. එයට හේතුව, දුරදිග බලන්නට අවශ්‍ය දැක්වක් ජනාධිපතිගේ සිට පහළට පාලකයන් කිසිවකුට නැතිකමයි.

කොවිඩ්-19 සම්බන්ධයෙන් අප මෙම වෙබ් අඩවියේ අවුරුදු එකහමාරක පමණ සිට ලියා ඇති ලිපි කියවන්න. අප ඒ පිළිබඳ මත ඉදිරිපත් කරනවිට පදනම් කරගත්තේ ලෝක ඉතිහාසය, සමාජ විද්‍යාව මිස අප නොදන්නා වසංගතවේදයක් හෝ වෛද්‍ය විද්‍යාවක් නොවේ. ඒ හා සම්බන්ධ කරුණු අප හැමවිටම ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි මූලාශ්‍රවලින් ලබාගත්තෙමු.

ලංකාවේ වර්තමාන තත්වය ගැන අපට කියන්නට තිබෙන්නේ මෙයයි. ලංකාව කොවිඩ්-19 සම්බන්ධයෙන් උපරිමයකට යමින් සිටියි. රජයේ එන්නත්කරණ වැඩසටහන හා අති විශාල පිරිසකට රෝගය ආසාදනය වී සුවවීමත් සමග සමූහ ප්‍රතිශක්තියේ වර්ධනයක් සිදුවේ. රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනවා නම් රෝගය සමග සටන් කිරීමට පුළුවන. ඒ සඳහා මාර්ගය වන්නේ කොවිඩ් සමග ජීවත් වෙමින් තමන්ගේත්, සෙසු අයගේත් ජීවිත ආරක්ෂා කරගැනීම පිළිබඳ සමාජයට විධිමත් අන්දමින් සන්නිවේදනය කිරීමයි.

මේ දිනවල කොවිඩ්-19 වේගයෙන් පැතිරෙන්නට ප්‍රධාන හේතුවක් විය හැක්කේ අන් කිසිවක් නොව ඉතා අවිධිමත් එන්නත් පෝලිම්ය. එන්නත් දෙන තැන්වල තිබෙන තදබදය එතරම් අධිකය. එන්නත ලබාදෙන ස්ථාන ඇතුළත හරිහමන් වාතාශ්‍රයක් හෝ නැත. එන්නත ලබාගත් පසු මිනිසුන් විනාඩි 20ක් රැඳී සිටින්නේ එවැනි තැන්වලය. ලංකාවේ සෞඛ්‍ය අංශවලට නිසි අයුරින් එන්නත ලබාදෙන්නට බැරිවී තිබෙන්නේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොමැතිකම නිසාය. කාර්ය මණ්ඩල සිටියත්, හමුදාව එන්නත් දෙන තැන් පවා අවිධිමත්ය. මේ අතර ලක්ෂ 11ක් සිවිල් රාජ්‍ය සේවකයන් අතරින් අති බහුතරය නිවෙස්වලට වී සිටිති. මෙවැනි ජාතික වැදගත්කමක් සහිත කාර්යයකදී පවා රාජ්‍ය අංශය බලමුළුගන්වා ගැනීමට රජය අසමත් වී තිබේ.

එන්නත ලබාදීම පවා හරිහැටි නොකරන ලංකාවේ සෞඛ්‍ය අංශ හා විශේෂයෙන්ම වෛද්‍ය සංගම් කියන්නේ රට වැසිය යුතු බවයි. මෙතෙක් කරන ලද වැසීම්වලින් කොවිඩ් පාලනය වූ ආකාරය ගැන ඔවුන්ට ඇගයීමක් නැත. පළමු වසාදැමීම සාර්ථක වූයේ අන් කිසිදු හේතුවක් නිසා නොව, එම වකවානුවේ වයිරසය ප්‍රජාව අතර ව්‍යාප්ත වී නොතිබුණු බැවිනි.

ලොක්ඩවුන් ගැන අපට කියන්නට තිබෙන්නේ සරල කාරණයකි. එය ප්‍රවර්ධනය කරන වැඩි පිරිස එන්නත් හොරුය. එනම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශානුකූලව වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට හා බහුවිධ රෝගාබාධ සහිත අයට එන්නත්කරණයේ ප්‍රමුඛතාව නොදී, මුලින් ලැබුණු එන්නත් දේශපාලකයන් සමග එකතුව සොරකම් කරගෙන තම ඥාති මිත්‍රාදීන්ට බෙදාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ය. අනාගතයේ කිසියම් දිනෙක ඔවුන්ට නොසැලකිලිමත්කම මගින් සිදුකළ මිනීමැරුම් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ නඩු පැවරිය යුතුය. ඔවුන් ලොක්ඩවුන් හරහා වසාගන්නට උත්සාහ කරන්නේ අසාර්ථකත්වයේ නිරුවතයි.

සංචරණ සීමා යනු රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ඇති, හැකි, කපටි සියලු මිනිසුන් පොලිසිය සමග කරන සෙල්ලමකි. අතළොස්සක් පොලිස් නිලධාරීන් මුරකපොලුවලට දමා, අන් සියලුදෙනා, සෞඛ්‍ය නිලධාරීන් නම් කුරුස ගසාගෙන, රජයේ සේවකයන් නම් හැඳුනුම්පත පෙන්වාගෙන, අනෙක් අය රෝහලට යනවා වැනි බොරු කියාගෙන කරන හොරා පොලිස් සෙල්ලමකි. පොලිසියට තනිව ලොක්ඩවුන් ක්‍රියාත්මක කළ නොහැකිය. සියලු රජයේ සේවකයන් සේවා මුර ක්‍රමයට මුරකපොලුවලට කැඳවිය යුතුය. මුරකපොලුවලට නොඑන රජයේ සේවකයන්ට තාවකාලිකව අර්ධ වැටුප් ගෙවා කම්කරුවන්ට, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට සහන ලබාදිය යුතුය. කම්කරුවන්ට වැටුප් ගෙවන පෞද්ගලික ව්‍යවසායවලට බදු සහන දිය යුතුය.

ලොක් ඩවුන් කළමනාකරණය කිරීමේ වගකීම සෞඛ්‍ය අංශවලට පැවරීම දුෂ්කරය. එයට හේතුව ඔවුන්ට වැඩ අධික වීමයි. එහෙත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ලොක්ඩවුන් විශේෂඥ සංගම්වලට ඒ වගකීම ස්වේච්ඡාවෙන් දැරීමේ වගකීමක් තිබේ. හොංකොං වැනි රටවල සිට දුරස්ථ ක්‍රමයට උපදෙස් දෙන ලොක්ඩවුන් විශේෂඥයන් ද ඒ වෙනුවෙන් ලංකාවට කැඳවාගත යුතුය.

දේශපාලනිකව ගත් කල, ලොක්ඩවුන් එකක් සමග ගෝඨාභය රාජපක්ෂ ලොක්කා ද ඩවුන් වනු ඇත. කොවිඩ් තිබෙද්දීත් උද්ඝෝෂණ කළ යුතු බව කියන වාමාංශිකයන් සමග එක්ව අප ද ලොක්ඩවුන් ප්‍රවර්ධනය කිරීමට තීරණය කළේ එහෙයිනි.

මේ ලිපිත් කියවන්න:

එලකිරි ලොක්ඩවුන් එකක් කරන හැටි

හේමසිරිට, පූජිත්ට එල්ල කරන චෝදනා කෝවිඩ්-19 සම්බන්ධයෙන් වත්මන් නිලධාරීන්ටත් අදාළද?

1 thought on “ලොක්(කා)ඩවුන් හරියටම කරමු

  1. Yam getaluwak visandiemeadie , adaala sankyathmaka daththa parishielanaya vidyaathmaka kramaweadayai .
    Tie polu gahaththa kiyaa ho ranga wasthrabarana engaa kiyaa ho nuogathunge andabaala gathiya pahawagos nuwana pahala venne netha .
    Heinamaanaya yamekuge biyagulukame thathwaaroopithayaki .
    Buduhu , Cristhuhu Nabihu ho hienamaanayen nopeluneaya .
    Owun sawandiiema wadhayak se noselakuweaya .
    Kiyanna kese kiewath adyanayen pasak kaiema wedagath bawa heathu penwamin desuwoya .
    Waasanaawa ho awaasanaawa paladie raajyapaalana kalliye ihalaputu leboohu amana noviya yuthuya .
    Amanayo lokko woo viteka paw paladenne purawesiyaataya . Karumaya eyai !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: