ලංකාවට වෙන්නෙ මොකක්ද?

ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එයට ගොදුරු වූ නවතම හා ප්‍රසිද්ධම පුද්ගලයන් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳ ජලනිය. මේ වන විට රෝගයෙහි සමාජ ව්‍යාප්තියක් සිදුවී තිබෙන බවට සියලු සාක්ෂි පෙනෙන්නට තිබියදීත්, ආණ්ඩුව පමණක් එය පිළිගන්නේ නැත. එතැන් සිටම ආණ්ඩුව කියන දේ සමාජය පිළිගන්නේ ද නැත.
කොවිඩ්-19 සම්බන්ධයෙන් තොරතුරු ගලායාමෙහි බරපතල අඩුපාඩුකම් තිබේ. පරස්පර පණිවුඩ සන්නිවේදනය වීම ඒ අතර ප්‍රධාන ගැටලුවකි. උදාහරණයක් ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන කියන පරිදි ජුනි මාසය අවසන් වන විට කොවිඩ්-19 පාලනය කරගත හැකි මට්ටමට ප්‍රමාණවත් තරම් එන්නත් ලංකාවට ගෙන්වීමට කටයුතු කර තිබේ. ඔහු කියන පරිදි එන්නත් මිලියන 32ක් ලංකාවට වෙන්කරගෙන හමාරය. ඒවා 2021 දෙසැම්බරය වන විට රටට ලැබේ.
එහෙත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැනි අය කියන්නේ ශ්‍රී ලංකාවට එන්නත් ලබාගැනීම එතරම් පහසු නැති බවයි.
රාජ්‍ය ඖෂධ සංස්ථාව කියන පරිදි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ඇස්ට්‍රා සෙනකා එන්නත් ලක්ෂ හයක් ජුනි මාසයේ ලැබීමට නියමිතය. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එක්සත් ජනපදය විසින් ලෝකයට ලබාදෙන එන්නත් ලැබෙන රටවල් අතරට ශ්‍රී ලංකාව අයත්වේද යන්න තවම තීරණය කර නැති බවයි.
එක පැත්තකින් නිලධාරීන් පට්ටපල් බොරු ජනාධිපතිවරයාගේ මූණටම කියමින් ඔහු රවටන බව පෙනේ.
මේ අතර, රට දින 14ක් වසන්නැයි වෛද්‍ය සංගම් හතරක් විසින් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් කතාකරන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ එම සංගම්වල නියෝජිතයන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී විධිමත් අන්දමින් ඉදිරිපත් නොකර මාධ්‍යවලට කතාකිරීම ගැටලුවක් බවයි.
ඉන්දියාවේ වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරෙන බව තමන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර රජයට දැනුම් දුන් බව ඇතැම් විශේෂඥවරුන් පැවසුව ද, තමන්ට හෝ ජනාධිපතිවරයාට එවැනි දැනුම්දීමක් නොකළ බව හමුදාපතිවරයා මීට පෙර ද පැවසීය. දැන් එම විශේෂඥවරුන් නිහඬය.
රජය කළමනාකරණයකරගැනීමට අසමත් වීම ජනාධිපතිවරයාගේත්, ඔහුගේ උප ජනාධිපතිවරයා තරම් බලවත් නිලධාරියකු වන හමුදාපතිවරයාගේත් බරපතල නායකත්ව ගැටලුවක් බව ඔවුන්ට තේරෙන්නේ නැත. රාජ්‍ය යාන්ත්‍රණය නොතකා හැර හමුදාව ලවා ආණ්ඩුකරණය කිරීමේ ආදීනව මේ වන විට රටත්, ජනාධිපතිවරයාත් අත්විඳිමින් තිබේ. එහෙත්, ඒ බව අවබෝධ කරගෙන ඇති බවක් ද නොපෙනේ.
එහෙත්, මෙහිදී ජනාධිපතිවරයාට හා හමුදාපතිවරයාට පමණක් දෝෂාරෝපණය කළ නොහැකිය. ජනාධිපතිවරයා හමුදාව කෙරෙහි වැඩි විශ්වාසයක් තබන තැනට තල්ලු වුණේ ඔහුගේ අපරිණතකම නිසාම පමණක් නොවේ. රාජ්‍ය අංශයේ තිබෙන අධික අකාර්යක්ෂමතාව හා නිලධාරිවාදය නිසාය. නිලධාරීන්ගේ ස්වරූපය තේරුම්ගැනීම සඳහා මේ වේලාවේ හොඳම උදාහරණයක් වන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේනගේ ඉහත දක්වන ලද චර්යාවයි.
ලෝකයම වසංගතයක ගිලී යද්දීත් ආණ්ඩුව අයවැයෙන් කොවිඩ්-19 එන්නත්කරණය සඳහා මුදල් වෙන්කළේ නැත. ඒ ගැන නිලධාරීන් ආණ්ඩුවට නිසි උපදෙස් දුන්නේ නැත. ආණ්ඩුව දුන් උපදෙස් පිළි නොගත්තා වන්නටත් පුළුවන. කොවිඩ්-19 එන්නත් ටිකවත් නිසි පරිදි බෙදාහැරීම හා ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සෑදීමට අසමත් වූ නිලධාරි යාන්ත්‍රණය එන්නත්කරණය දේශපාලනීකරණය කර අංග සම්පූර්ණ අවුල් ජාලයක් බවට පත් කිරීමට පසුබිම සැකසූහ.
මේ මොහොත වන විට, දින 14ක අගුලුලෑමක් දිවයින පුරා සිදුවන බවට නිල නොවන ආරංචි රැසක් පැතිර තිබේ. එහෙත්, එය තවමත් නිල වශයෙන් නිවේදනය කර නැත. ඒකත් හරියට කොරෝනා සමාජ ව්‍යාප්තිය වගේය.
නිලධාරීන් හා දේශපාලකයන් මේ අන්දමින් කඹ අදිමින් රටක් පාලනය කළ නොහැකිය. එම කඹ ඇදීම නිසා වසංගත සමයක නම් සිදුවිය හැක්කේ මහා විනාශයකි. මේ දෙකොටසම එක තරමට නරකය. ඒ නිසා දැන්වත් අනෙකාට ඇඟිල්ල දිගුකිරීම නවත්වා තමන්ගේ රාජකාරිය කරන්න.
මේ ලිපියත් කියවන්න:
Puka nosooda amude gehuwata ganda yanne da netha !
Mea virusaya vyaptha viema newathviweme ekama sarala maga eya hudekalaa kiriema bawa , prop . Mlik Peiris athulu mulu vydya kulakayama pawasathi .
Enam , hitha hitha inne nethuwa dina 14 k akhandawa Lock down kiriemai .
Saamanyayan wana apatada ehi vidyaathmaka sathya thereddie , paalakayan ea thierane noganne mandei nowetahe .
Nethnam bieri alinta tikakwath noesena nisaada !