KPoint

– අජිත් පැරකුම් ජයසිංහ

අපේ වයසෙදි අපි දේශපාලනිකව සාර්ථක වෙන්නෙ ඔය අපි අපේම අතීතයට අදාළව ‘මෝඩ වයස’ය කියලා සිතන වයසෙ දැන් ඉන්න කොල්ලන්ව ‘ජාතියේ අනාගතය’, ‘ඉතිහාසයේ වගකීම පැවරී තිබෙන පරපුර’ වගේ කෑල්ලක් දාලා අන්දගෙන අපේ අරමුණ වෙනුවෙන් බිලිබෝයිස්ලා විදියට පාවිච්චි කරන්නට පුළුවන් නම් විතරයි. අපි ඔය වයසෙදි අපේ වැඩිහිටි පරපුරත් අපට ඒකම කළා.

එහෙම කරන එක සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇති නොවෙන්නට නම්, ‘අප ද මේ කරන්නේ ඉතිහාසය විසින් අපට පවරා තිබෙන නායකත්ව භූමිකාවය’ වගේ එකකින් හෘදය සාක්ෂිය සනසගන්නට ඕනැ. හෘදය සාක්ෂිය කියන මගුල ඇත්තෙම නැතිවෙනවා නම් තමයි අපට සැබෑ නායකයන් බවට පත්වෙන්නට පුළුවන්.

සමහර වගේ සංකල්පවලින් අපට කීර්තිය හා සෙක්ස් ලබාගන්නට හැකිවෙන්නෙ රෝදය නැවත නැවත අලුත් නිර්මාණ ලෙස සොයාගත හැකි බව පැවසීමෙනුයි.

අලුත් පරම්පරාවල තරුණයන්ට කියන්න තියෙන්නෙ මං හැමදාම කියන කාරණයක්. මෝඩකම අයිතිවාසිකමක් නෙමෙයි.

පැරණි පරම්පරාවල කට්ටිය තමන්ගෙ තරුණ කාලෙ ‘වීරකම්’ ගැන ලියපු (මං ලියපු කේපොයින්ට් වගේ) පොත් කියවා බලන්න. ඒව කියවන්න කලින් ඒවයෙ කවරෙ ඒවයෙ කර්තෘලා විසින් තවරලා තියෙන වීරත්වයේ ලැමිනේෂන් පටලය ගලවලා දාලා ඒව කියවන්න තරම් අලුත් පරපුර ස්මාට් විය යුතුයි. එහෙම ස්මාට් නැතිනම්, ඒත් අවුලක් නැහැ. රෝදය නැවත සොයාගන්න.

(මේ සටහන තව පාරක් කියවන්න කියලා මං ඔබට නිර්දේශ කරනවා.)

3 thoughts on “රෝදය නැවත සොයාගැනීම

  1. සභා තොමෝ සතුටින් විසිර ගියේය. රට බංකොලොත් විය. ජනතාව කබලෙන් ළිපට වැටිණි.

    බැසිල් රාජපක්ෂ පවුලේ හොඳම ගේම්කාරයා වෙන්නට පුළුවන. එය වෙනත් කාරණාවකි. ඔහු මොන දීපංකරයක සිටියත් කවදා හෝ සැබෑ ජනතා අධිකරණයකදී විනිශ්චයට භාජනය කළ යුතුය.

  2. 1980 කියන ඉලක්කම ඇහෙන, දකින, කියවන වැඩිහිටියන් තියුණු කම්පනයකට ඉබේම ලක්වෙනවා. මේ දශකය ලේ වැකි දශකයකට මුල පුරමින් 1980 ජූලි සමස්ත මහා වැඩවර්ජනයේදී රාජ්‍ය මර්දනය දියත්කරනවා. ඒ වැඩ වර්ජනය තලා පෙලා දමා 80,000ක් රැකියාවලින් නෙරපා දැම්මේ ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේමදාස, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩුවෙන්. “වර්ජකයන් කනත්තට යවනවා” යැයි කීවේ ප‍්‍රබල ඇමතියෙකු වූ ලලිත් ඇතුළත්මුදලි. ඊට පස්සේ 1981 සංවර්ධන සභා මැතිවරණ කොල්ලයට දෙමළ ජනතාවගේ ලේ හලා දියත් කළ එකක්.

    ඊට පස්සේ 1982 ජනාධිපතිවරණය. ඒකත් යුද්ධයක්. ඊට පස්සේ මහා මැතිවරණය කල්දාන්න ගෙනා “ලාම්පු-කළගෙඩි සෙල්ලම”. ඒ කියන්නේ ජනමත විචාරණ කොල්ලය. මහා මැතිවරණය කල් දාන්න කැමති නම් ලාම්පුව ඉස්සරහින් කතිරය ගහන්න. අකමැතියි නම් කළගෙඩිය ඉස්සරහින් කතිරය…. ජේ.ආර්ගේ මේ ජනමත විදාරණයෙන් ලාම්පුව දිනුවා. හැබැයි ලංකා ඉතිහාසයේ අන්ත දූෂිතම ඡන්ද කොල්ලය බවට එදා හිටිය මැතිවරණ කොමසාරිස් නිල වාර්තාවේ ලිව්වා.

    ඊටත් පස්සේ 1983 මුලදීම අතුරු මැතිවණ කොල්ලයක්. මේ හැම තැනකදිම මැර බලය, ජීවිත බිලි ගැනීම්, පාදඩකරණය අවසනට රජ කළා. 83 කළු ජූලිය ගේන්නේ ඊටත් පස්සේ. කළු ජූලිය සංවිධානාත්මකව දියත් කළේ කෙසේදැයි අද මෙන් රූප රාමු සාක්ෂි නැහැ. හැබැයි කළු ජූලිය විතරක් නොවෙයි 1980 ජූලි වර්ජකයන් මර්දනයේ ඉඳලාම ඒකාධිපති වියරුව, රාජ්‍ය ත‍්‍රස්තවාදය දියත් කළ ආකාරය කොයි ආකාර වෙන්න ඇති දැයි අපිට සාක්ෂි හමු වුණා. ඒ 2022 මැයි 09 අරලියගහ මන්දිරයේ සිට රාජපක්ෂලා මැරයන් මුදා හැරීමෙන්.

    ඉතිං කියමින් සිටියේ ලේ වැකි, භීෂණකාරී, මිනිස් බිලි සොයා ගිය 1980 දශකය ගැන. 83 කළු ජූලියෙන් පස්සේ දිගටම ශිෂ්‍ය මර්දනය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හඹාගොස් ඝාතනය කිරීම් 1987 දක්වාම. 1987 මැයි දිනය තහනම් කළා. තහනමට විරුද්ධව නාරාහේන්පිට අභයාරාමයේදී මැයි දිනයක් පැවැත් වූවා. ඒකට වෙඩි තියලා කිහිපදෙනෙක් ඝාතනය කළා. ඊට පස්සේ 1987 ජුලි මාසයේ ඉන්දු-ලංකා ගිවිසුම කියන රට පාවාදීමේ ගිවිසුම ජේ.ආර්. ජයවර්ධන – රජිව් ගාන්ධි අත්සන් කළා. උතුර-දකුණ එකම යුද පිටියක් කළා. මේ දෙරණ ලේ සාගරයකින් පොඟවා දැමූ 1980 දශකය නිමා කළා. ජිවිත ලක්ෂයක් විතර උතුර-දකුණ භේදයක් නැතිව මේ දශකයේදී රටට අහිමි කළා.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: